ශ්‍රීලනිප සහ එජාප පිරිසකගෙන් අලුත් වැඩපිළිවෙළක් - අගමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තමා හමුවී රට ඉදිරියට ගෙන යාම සඳහා අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තලවතුගෙඩ දී අද (12) පැවසීය. 12 April 2018
තරුණයන් අතුරුදන් කළැයි නාවික සෙබළුන් දෙදෙනා යළි රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටින නාවික හමුදා සෙබළුන් දෙදෙනා ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (12) නියෝග කළාය. 12 April 2018
වෙන්නප්පුවේ මන්ත්‍රීවරුන්ගේ මුල්ම ගැටලුව කෑම සහ දීමනා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මංගල රැස්විමේදී කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීමේන් පසු සභාවේ සිටි සමහර මන්ත්‍රීවරුන්ගේ පළමු ගැටලුව වූයේ මන්ත්‍රීවරුන්ගේ සන්නිවේදන දීමනාව ලබාගන්නා ආකාරය හා දිවා ආහාරය ලබා දෙන්නේද යන්නයි. 12 April 2018
මස්කෙළිය ප්‍රා.සභාව පළමු දිනයේම උණුසුම් මෙවර සීමා නිර්ණයෙන් අලූතින් ස්ථාපනය කරන ලද මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභා රැස්විම එම සභාවේ සභාපතිනි ගෝවින්දසාමි සෙමිබගවල්ලි මහත්මියගේ 12 April 2018
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු දෙදෙනෙක් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස එස් ටී කොඩිකාර මහතා පත්කරනු ලැබ ඇත. ඔහු ගාල්ල හිටපු දිසා ලේකම්වරයා වේ. 12 April 2018
‘පෙතියාගොඩ සංඛ’ අත්අඩංගුවට ප්‍රබල පාතාල සාමාජිකයෙක් වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ අපරාධ කි‍්‍රයාකාරකම්වල නිරත ප්‍රධාන ගෝලයා වන ‘‘පෙතියාගොඩ සංඛ’’ නැමැත්තා බලන්ගොඩ, පින්නවල, ප්‍රදේශයේ තේ වත්තක වාඩියක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 12 April 2018
ඇමැති අනුර ප්‍රියදර්ශන ඉල්ලා අස්වෙයි ආපදා සේවා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 12 April 2018
යාපනයේ මාවා බුලත්විට අලෙවි කළ වෙළඳසලක් වටලයි යාපනය නගරයේ පාර පහ හන්දිය අසල වෙළෙඳසලක් වැටලූ යාපනය පොලීසියේ නිලධාරීන් විසින් එම වෙළඳසලේ විකිණීමට සූදානම් කර තිබූ නීතිවිරෝධි මාවා බුලත්විට පැකට් 53 ක් අත් අඩංගුවට ගනු ලැබීය. 12 April 2018
නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති පළාත් 7 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 12 April 2018
සතොස හිටපු සභාපතිට ඇප සතොස හිටපු සභාපතිවරයකු වූ නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (12) නියෝග කළාය. 12 April 2018
රන් බිස්කට් ප්‍රවාහනය කළ ධීවරයන් තිදෙනෙකු සැකපිට තලෙයිමන්නාරම සිට ඉන්දියාව දක්වා ධීවර යාත්‍රාවකින් නීතිවිරෝධි ලෙස රුපියල් කෝටි 24 කට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් කිලෝ 24.4 රැගෙන යමින් සිටි ධීවරයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම නාවික හමුදා නිලධාරීහු පවසති. 12 April 2018
අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ කත අත්අඩංගුවට විස සහිත මත්ද්‍රව්‍ය විශේෂයක් වන මෙත්ඇම්පිටමින් (අයිස්) ග්‍රෑම් 212 ක් චෙන්නායි සිට මෙරටට රැගෙන එන ලද කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේ දී අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි. 12 April 2018
ඇලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් මේ මස 26 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) නියෝග කළාය. 12 April 2018
කොටි කාලේ වළදැමු රත්තරන් සොයා කිලිනොච්චි පොළව හාරයි යුද සමයේදී කොටි සංවිධානය වලදැමූ බවට සැකකෙරෙන රත්තරන් තොගයක් සොයා කිලිනොච්චිය අරවියල් නගරයේ කැනීමක් ඊයේ (11) සවස සිට ආරම්භ කළ බව කිලිනොච්චිය පොලීසිය කියයි. 12 April 2018
1000 හොර නෝට්ටු 45 ක් අල්ලයි රුපියල් 1000 ව්‍යාජ මුදල් නොට්ටු 45 ක් යාපනය සිට රැගෙන ආ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකායේ සිවිල් කම්කරුවකු වවුනියාව බස්නැවතුම්පොලේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසයි. 12 April 2018
පුරප්පාඩු ඇමැති ධුර ශ්රීලනිපයටම දෙන්න යයි අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් ඇමැති ධුර හය කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පිරිසකට හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 11 April 2018
විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප 16ක් ඉල්ලා අස්වෙති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 11 April 2018
පොලිස් අවුරුදු උත්සවයෙන් උතුරු මැද පළාතේ නිලධාරීන් අසීරුතාවට අලුත් අවුරුදු සමයේ රාජකාරි බහුල වාතාවරණයකට මැදිව සිටියද උතුරු මැද පළාතේ සියලුම පොලිස් අධිකාරිවරුන් සහකාර පොලිස් අධිකාරිවරුන් සහ ස්ථානාධිපතිවරුන් අවුරුදු උත්සවයක් සඳහා හෙට (12 වැනිදා) හබරණට කැඳවා ඇතැයි වාර්තා වේ. 11 April 2018
එජාපයට අතිරේක ලේකම්වරුන් 03ක් පත්කරන්න සාකච්ඡා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට අමතරව තවත් අතිරේක ලේකම්වරුන් තිදෙනකු පත් කිරීමට පක්ෂය ප්රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ උපදේශක මණ්ඩලය අද සාකච්ඡා කර තිබේ. 11 April 2018
සිරියාවේ රසායන අවි නිසා එක්සත් ජාතීහු බෙදෙති සිරියාවේදී රසායනික අවි භාවිත කිරීමේ සිදුවීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බෙදීමක් ඇති වී තිබේ. රසායනික අවි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදය ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර රුසියාව ද යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබිණි. 11 April 2018
මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමැති රංගේබණ්ඩාර කියයි පළාත් පාලන ඡන්දයෙන් තේරී පත් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන තත්ත්වයක් උද්ගත වී ඇතැයි රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතා කියයි. 11 April 2018
ටීඑන්ඒ නැතිනම් වෙනත් බලවේගයකින් ඡන්දෙට එන බව විග්නේෂ්වරන් කියයි දෙමළ ජාතික සන්ධානයෙන් තමන්ට අවස්ථාවක් අහිමි වුවත් වෙනත් දේශපාලන බලවේගයකින් හෝ තමන් උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 11 April 2018
ටොනාඩෝවකින් පාලවිය කම්හලක් විනාශයි පුත්තලම පාලවිය කර්මාන්ත පුරයේ ඉදිකරමින් තිබූ දැවැන්ත කර්මාන්ත ශාලාවක් අද සවස කුඩා ටොනාඩෝවක් හේතුවෙන් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ කර්නල් ශෂ්මින්ද රෝද්‍රිගෝ මහතා පැවසීය . 11 April 2018
අමාත්‍යාංශ දැනුම්දීම ගැන අනධ්‍යයන සේවක තීන්දුව හෙට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කර හෙට (12) අවසන් තීන්දුවක් ගන්නා බව විශ්ව විද්‍යාල වෘත්තීය සිමිති ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය. 11 April 2018
ටීඑන්ඒ සමඟ අලුත් ගිවිසුම් නෑ - රාජිත විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය ලබාදීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කිසිදු නව කොන්දේසියක් ඉදිරිපත් කර නැතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 11 April 2018
මැතිවරණ රාජකාරි කළ ගුරුවරුන්ට දීමනා ගෙවා නෑ පළාත් පාලන මැතිවරණයේ රාජකාරී කළ ගුරුවරුන්ට මෙතෙක් රාජකාරී දීමනා ගෙවා නැතැයි වාර්තා වේ. 11 April 2018
ඉන්ධන මිල ඉහළ නොදැමීමෙන් මාස දෙකට කෝටි 988ක පාඩුවක් ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වාගෙන යාම හේතුවෙන් පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවල පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 9886 ක පාඩුවක් සිදුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 11 April 2018
අප්‍රේල් 17ට කළින් නාවොත් අනධ්‍යයන සේවකයන්ට වැඩ වරදී විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අනිවාර්යෙන්ම මේ මස 17 වැනිදා හෝ ඊට පෙර සේවයට වාර්තා කළ යුතු යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී සී දිසානායක සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරු සඳහන් කරති. 11 April 2018
කම්කරු දිනය වෙනස් කිරීමේ ගැසට් නිවේදනයක් ලෝක කම්කරු දිනය යෙදී තිබෙන මැයි පළමු වැනි දා වෙනස් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. 11 April 2018
විදුලි උත්පාදනයට මිශ්‍ර ජනන සැලැස්මක් රට තුළ විදුලි අර්බුදයක් නැතැයිද තිබෙන්නේ අභියෝගයක් පමණක් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 11 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026