එමිල් රන්ජන් - රංගජීව 24 දා දක්වා යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය. 10 April 2018
දිගන නිවසක් තුළ පියා -දරු දෙදෙනා පිළිස්සී මරුට දිගන, රජවැල්ල නිවසක් තුළ පියෙකු හා ඔහුගේ වයස අවුරුදු පහක් සහ දහතුනක් වන දරු දෙදෙනා අභිරහස් ලෙස පිළිස්සී මියගොස් සිටියදී සොයාගත් බව මැණික්හින්න පොලීසිය පවසයි. 10 April 2018
සරසවි අනධ්‍යයන සේවකයෝ ලෝටස් පාර අවහිර කරති විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් ගේ මාසික හිඟ දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටුනොවීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව අද (10) ඇරැඹු උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය මුළු මනින්ම අවහිර වී තිබේ. 10 April 2018
වැලි ටිපරයක් හා මාළු ලොරියක් ගැටී අයෙක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල තෙල් පිරවුම් හල අසලදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැලි ටිපර් රථයක් හා මාළු රැගෙන යමින් තිබු ලොරියක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදුවු අනතුරින් මාළු ලොරි රථයේ රියදුරු මියගොස් එහි සහයක බරපතල තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. 10 April 2018
භාෂා ප්‍රශ්නයක් නිසා ගාලු නගර සභාව උණුසුම් ගාල්ල මහා නගර සභාවේ භාෂා ප්‍රශ්නයක් උද්ගතවීම නිසා අද (10) උදෑසන 10.30ට ආරම්භ කරන ලද මංගල සභා රැස්වීම් වාරය විනාඩි දහයකට කල් තැබිණි. 10 April 2018
යාපනයේ පාළු ඉඩමකින් අත්බෝම්බ 40 ක් ගොඩ ගනි යාපනය තෙලිප්පලෙයි පලෙයිවීමන්කාමන් ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක තිබී අත්බෝම්බ 40ක් අද (10) සවස හමු වූ බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි. 10 April 2018
පරණ හාම්පුතාගෙන් 96,000ක් කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට ව්‍යාජ ලෙස සකස් කරන ලද යතුරක් භාවිතා කරමින් ලොරියක දොරේ අගුල විවෘත කර එහි තිබූ රුපියල් 96,000 ක මුදලක් සොරකම් කළ බව කියන පුද්ගලයෙක් හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 April 2018
මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට මත්ද්‍රව්‍ය තොගයක් ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් ඊයේ (9) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 April 2018
මුන්දලමෙන් ජීව අත්බෝම්බයක් සොයා ගනී මුන්දලම-කටුපත,මනන්කට්ටුව වැවේ තිබී අද (10) අලුයම ජීව අත් බෝම්බයක් හමුවී ඇති බව පල්ලම පොලීසිය කියයි. 10 April 2018
ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට් රැස්වීම වර්ජනය කරති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව අද (09) රාත්‍රීයේදී තීරණය කර ඇත. 10 April 2018
වැලිකඩ පරීක්ෂණ වාර්තා දින 14ක් ඇතුළත ඉල්ලයි වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමට අදාළ ලේඛණ සහ පරීක්ෂණ වාර්තා දින 14ක් ඇතුළත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස එම කොමිසම අද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට, පොලිස්පතිට සහ රහස් පොලිසියට දැනුම් දුන්නේය. 09 April 2018
යුද සමයේ එල්.ටි.ටි.ඊ අවි ගබඩාවක් සොයා ගනී එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (09) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ඉඩමක තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. 09 April 2018
සුදුහුම්පොළ නිවාස තුනක් ගිලා බැහැලා මහනුවර විලියම් ගොපල්ලව මාවතට යාබදව සුදුහුම්පොළ ප්‍රදේශයේ පිහිටි නිවාස තුනක් හා ව්‍යාපාරික ස්ථාන දෙකක් අධික වර්ෂා තත්ත්වයත් සමඟ ගිලා බැසීමට ලක්ව ඇත. 09 April 2018
පොලිස්පතිගේ විරෝධය විසිකර ජ්‍යෙෂ්ඨයන්ට පුටු දෙන්න නියෝග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව ගත් තීරණයේ වෙනසක් නැති හෙයින් ඔවුන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙස එම කොමිෂන් සභාව අද (09) පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එහි ආරංචි මාර්ග කියයි. 09 April 2018
ආණ්ඩුවට එරෙහිවී ඇමැතිකම් කරන්න බෑ - කිරිඇල්ල ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් දරන්නේ නම් ආණ්ඩුවට විරුද්ධ වීමට නොහැකි බවත්, අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේදී ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන් ලෙස තව දුරටත් රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 09 April 2018
කසල තේ කිලෝ 50.000ක් පෙතියාගොඩින් අල්ලයි විදේශ රටවලට ආනයනය කරන හොඳ තේ කොළ වලට කලවම් කිරීම සඳහා ලොරියකින් රැගෙන ආ කසල තේ කොළ කිලෝ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් කැලණිය පෙතියාගොඩ ගබඩාවකට ගොඩ ගසමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 09 April 2018
මහනුවර කලහයට යුද හමුදාවේ දෙදෙනෙක් සැකපිට මහනුවර කළහකාරී තත්ත්වය පැවැති පසුගිය මාර්තු මාසයේ පූජාපිටිය අඹතැන්නේ ආගමික ස්ථානයකට අලාභ හානි සිදු කළ බවට සැකපිට යුද හමුදාවේ කෝප්‍රල්වරුන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන දිසාවෙන් අද (09) සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. 09 April 2018
ඉස්සන් ගැන බොරු බියක් එපා - ජලජ ජීවී වගා අධිකාරිය ඒඩ්ස් රෝගයට සමාන රෝග සහිත ඉස්සන් විශේෂයක් ලංකාවට ගෙන්වා ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයි ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි. 09 April 2018
නකල්ස් රක්ෂිතයේ අතරමංවූ 7 දෙනාගේ දිවි බේරෙයි නකල්ස් රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංවූ තරුණයින් 7 දෙනා පොලිස් ස්ථාන 4ක නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව සොයා ගත් බව පන්විල පොලිසිය කියයි. 09 April 2018
‘හුදකලා නොවි ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්න‘-රවිනාථ ආරියසිංහ හුදකලා නොවී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීම මඟින් ජාත්‍යන්තරයට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකිවන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවසීය. 09 April 2018
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයට රණවිරු ගම්මානයක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම රණවිරු ගම්මානයක් ඉදිකිරීමට තීරණය කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය. 09 April 2018
රැකියා විරහිත උපාධිධරයන් 20000කට රජයේ රැකියා රැකියා විරහිත උපාධීධාරින් 20,000කට රජයේ රැකියා ලබාදීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 09 April 2018
තොණ්ඩමන් උතුරු මහඇමැති හමු වෙයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (8) යාපනයේ පිහිටි නිවසේදී පැවැත්විණි. 09 April 2018
රිවෝල්වරයක් සමඟ කෝටිපති ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට විදේශීය රටක නිෂ්පාදිත අධික වටිනාකමකින් යුත් කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය බේබි රිවෝල්වරයක් හා මිලිමීටර නවය වර්ගයේ ජීව පතොරම් හතක් කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟ තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ හා කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 April 2018
අරාබියේ යහපත් චරිත සහතික නීතිය තාවකාලිව අත්හිටුවයි ශ්‍රී ලංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි ඩුබායි සහ උතුරු එමිරේටය සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අද (09) නිවේදනය කළේය. 09 April 2018
සැරයන් මේජර්ගේ බිරිඳ දුෂණය කළ කෝප්‍රල්වරුන් තිදෙනෙකුට අධිචෝදනා යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරිඳක සහ හමුදා සෙබලූන් තිදෙනෙකුගේ මවකද වන 50 හැවිරිදි කාන්තාවක් බීමත්ව රංචු ගැසී වරින් වර සමූහ දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකාර හිටපු යුද හමුදා කෝප්‍රල්වරුන් තිදෙනෙකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඉදිරියේ අධිචෝදනා බාර දෙනු ලැබීය. 09 April 2018
ආගමික - වාර්ගික හිංසන පිළිබඳ දැනුම් දෙන්න දුරකථන අංකයක් ආගමික සහ වාර්ගික වශයෙන් සිදුවන හිංසන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1956 නමින් කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී ඇතැයි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. 09 April 2018
මිය ගිය තරුණයාගේ අවයව දන්දී 6 දෙනෙක්ගේ දිවි බේරා ගනී අනතුරකින් මරණයට පත්වු ආණමඩුව සංඝට්ටිකුලම ප්‍රදේශයේ තරුණයකුගේ සිරුරේ හෘද වස්තුව හැර අනිකුත් සියලුම කොටස් තවත් ජීවිත හයක් වෙනුවෙන් දන් දිමට ඥාතින් කටයුතු කිරීමේ අපුරු පිංකමක් පිළිබඳව අසන්නට ලැබුණි. 09 April 2018
‘තීන්දුව නැතත් හදවතින් ඩිවෝස්වෙලා ඉවරයි: ඉක්මනින් මැතිවරණයක් තියන්න‘ - නාමල් රාජපක්ෂ වැඩිකල් යන්න කළින් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා අපි පාරට බහිනවා. මේ ප්‍රේම ජවනිකාව සාර්ථක වෙන්නේ නෑ. දැන් ඩිවෝස් එක ෆයිල් කරලා ඉවරයි. නඩු තීන්දුව නැතත් දෙන්න හදවතින් ඩිවෝස් වෙලා ඉවරයි. 09 April 2018
නකල්ස් රක්ෂිතයට ගිය 7 ක් අතුරුදන් නකල්ස් රක්ෂිතයේ චාරිකාවකට ගිය හෝමාගම ප්‍රදේශයේ හත් දෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ. 09 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026