ත්‍රිකුණාමලය දිස්ත්‍රික් යෝජනාවලිය පිළිගත නොහැකියි - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති පුංචිනිලමේ පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කිරිමේ කමිටුව විසින් සකස් කර ඉදිරිපත් කර ඇති වාර්තාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් යොජනාවලිය පිළිගත නොහැකි බවත් එය පුළුල්ව විමසා බලා ජනවර්ග අතර ගැටුමක් හෝ විරසකයක් නිර්මාණය නොවන පරිදි යළි සංශෝධනය විය යුතු බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා පවසයි. 09 April 2018
විග්නේෂ්වරන්ට මහඇමැති අපේකෂකත්වය නොදෙන බව ටීඑන්ඒ කියයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට යළිත් උතුරු පළාත් මහඇමැති අපේක්ෂකත්වය නොදෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය. 09 April 2018
හිඟුරක්ගොඩ මන්ත්‍රීවරුන් 33 සභාපති තෝරද්දී 44ක් වෙලා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්ක කර ගැනීමේ ඡන්ද විමසීම උතුරු මැද පළාත් පාලන කොමසාරිස් වරිය විසින් අත්තනෝමතික හා අසම්මත ලෙස සිදුකරනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටී. 08 April 2018
විපක්ෂ නායකට එරෙහිව ඒකාබද්ධය සටනට විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා ගැන රටේම විශ්වාසය පළුදු වී ඇති හෙයින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා දේශීයවත් ජාත්‍යන්තරවත් පුළුල් හඬක් නැගීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 08 April 2018
පක්ෂයෙන් නොයන බවට ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් පොරොන්දුවක් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පක්ෂයෙන් ඉවත් නොවන බවත් මොන තත්වයක් යටතේ වුවද පක්ෂය සමග බැදී සිටින බවත් සඳහන් කරමින් ලිඛිතව දන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද(08) සවස වීරකැටියේ පැවති උත්සවයකදී පැවසීය. 08 April 2018
අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් - අකිල විරාජ් සිංහල දෙමළ අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදු විය යුතු බව ජනාධිපති සහ අගමැති අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසමි මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 08 April 2018
ලක්ෂ 10ක දුම්වැටි සහ කරදමුංගු රේගුවෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි සහ කරදමුංගු තොගයක් සමඟ යුවළක් සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 08 April 2018
ශ්‍රිලනිප මධ්‍යමකාරක සභා රැස්වීම සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (09) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙයි. 08 April 2018
ලංකාවේ අලුත් සිතියම මැයි අගදී නිකුත් කරයි වෙනස්කම් ඇතුළත් කර සකසන ලද දිවයිනේ නව සිතියම ලබන මැයි මස අගවන විට නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 08 April 2018
ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් ඉවත්කරන්නැයි ඉල්ලුවා - අකිල අගමැතිට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙන ආ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 15 දෙනා සහ නියෝජ්‍ය කතානායකවරයා තව දුරටත් තනතුරුවල සිටීම ප්‍රශ්නයක් වන හෙයින් ඔවුන් සියලු දෙනා තනතුරුවලින් ඉවත් කරන ලෙස එජාප මැති ඇමැතිවරුන් ජනපතිගෙන් ඉල්ලා සිටි බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 08 April 2018
එජාප සභාපති මලික් ඉල්ලා අස්වෙයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 08 April 2018
රියදුරු බලපත් විභාගය ඩිජිටල් ක්‍රමයට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැවැත්වෙන විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමෙන්තුව තීරණය කොට ඇතැයි වාර්තා වේ. 08 April 2018
වයඹ පළාත් මන්ත්‍රීට පහර දුන් හලාවත ප්‍රා.ස මන්ත්‍රීට පොලිස් ඇප වයඹ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හලාවත ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ සභික සුනිල් පාරිස් මහතා පොලිස් ඇප මත මුදා හැරීමට මාදම්පේ අද (08) පොලීසිය කටයුතු කර ඇත. පසුගිය 06 වැනිදා හලාවත ප්‍රාදේශීය සභාවේ මාදම්පේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මෙම පහර දීම සිදු කර තිබිණි. 08 April 2018
ආනයනයට තහනම් ඉස්සන් තොගයක් රේගුවෙන් අල්ලයි ආනයනය කිරීම තහනම් කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් ඉස්සන් වගා කරුවන්ගේ සංවර්ධන සංධානය විසින් ඉල්ලුම් කර තිබූ “වනමී” යනුවෙන් හදුන්වන මව් ඉස්සන් තොගයක් අද (08) රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 08 April 2018
තරුණියක් රවටා විසි ලක්ෂයක් වංචා කළ තරුණයෙක් සොයා මෙහෙයුම් අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම ඔස්සේ දැන හඳුනා ගෙන එක්සත් රාජධානියේ සිට ත්‍යාගයක් එවන බව පවසා මාතර හිත්තැටියේ පදිංචි 34 හැවිරිදි තරුණියකගෙන් රුපියල් විසි ලක්ෂ පනස් දෙදහස් පන්සීයක මුදලක් බැංකු ගිණුම් වලට බැර කරවා ගෙන මුදල් වංචා කර බව කියන පුද්ගලයින් පිරිසක් සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකය පවසයි. 08 April 2018
ඉන්ධන බවුසරයක් පෙරැළී රියදුරු රෝහලේ දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදි මර්ගයේ ධාවනය වෙමින් තිබු ඉන්ධන බවුසරයක් මාර්යෙන් ඉවතට පැන ගසක ගැටි සිදුවු රිය අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 08 April 2018
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් හරියි ඉහළ කොත්මලේට ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (08) උදෑසන විවෘත කර තැබීමට එහි ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබේ. 08 April 2018
ජීව උණ්ඩ තොගයක් සමඟ හිටපු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා නිළධාරියෙකු සතුව තිබී ජීව උණ්ඩ 1150 ක් සමඟ හිටපු හමුදා නිලධාරියා සැකපිට අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ බලකා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසයි 08 April 2018
විෂ වායු ප්‍රහාරයකින් සිරියාවේ 70 ක් මරුට සිරියාවේ නැගෙනහිර ගුවෝටා ප්‍රදේශයේ ඩොවුමා නගරයේ සිදුවූ විෂ වායු ප්‍රහාරයකින් 70ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ශ්වසන ආබාධ හේතුවෙන් බොහෝ පිරිසක් රොහල්ගත කැර ඇති බවද පැවසේ. 08 April 2018
සෙන්පති මඩුගල්ලේ පිළිරුව මාතලේදී විවෘත කෙරෙයි විර මඩුගල්ලේ ජාතික පදනමේ මෙහෙයවිමෙන් මාතලේ මහජන පුස්තකාලය ඉදිරිපිට ඉදිකළ විර මඩුගල්ලේ මහ නිලමේගේ පිළිරුව නිරාවරණය කිරිම ශ්‍රි ලංකා පාර්ලිමෙන්තුවේ කතානායක දේශබන්දු කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 07දා පෙරවරුවේ සිදු විය. 07 April 2018
මුවන් පැළැස්සේ ‘මැණිකේ‘ සමුගනී ප්‍රවීන නිළි රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 07 April 2018
තද සුළඟකින් රඹෑවේ නිවාසවලට හානි අද පස්වරුවේ ඇති වූ තද සුළඟකින් අනුරාධපුර පරසන්ගස්වැව ගම්මානයේ නිවාස පහකට වෙළඳසැල් කිහිපයකට හානි සිදුව තිබේ. 07 April 2018
දළුක් ඔයේ ගසාගෙන යාමෙන් 4 ක් මරුට අයෙක් අතුරුදන් මහනුවර පන්විල ප්‍රදේශයේ දළුක් ඔයේදී දිය නෑමට ගිය පස්දෙනකු දියේ ගසාගෙන යාමෙන් සිව්දෙනකු මියගොස් අයෙක් අතුරුදන්ව තිබේ. මියගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනකු සහ පිරිමි අයෙකි. තවත් පිරිමි අයෙක් අතුරුදන්ව සිටී. 07 April 2018
තුන්වැනි මහල කඩාවැටී දෙදෙනෙක් රෝහලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පිටුපස ඉදිකරමින් තිබූ පුද්ගලික ව්‍යාපාර ස්ථානයක තෙමහල් ගොඩනැගිල්ලක් තෙවැනි මහලේ කොන්ක්‍රීට් දමමින් තිබියදී එහි කොටසක් 07 දින පස්වරුවේ කඩාවැටී එහි සේවය කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 07 April 2018
පොකුණු ඉස්සන් වගාවට තර්ජනයක් විය හැකි අලුත් ඉස්සන් වර්ගයක් මෙරට පොකුණු ඉස්සන් වගාව විනාශ කළ හැකි වන මී නමැති ඉස්සන් වර්ගයක් සංවිධනාත්මක ව්‍යාපාරික ආයතනයක් විසින් මෙරටට ගෙන්විමට ගෙන ඇති තීරණය වහාම නවතන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන සන්ධානය හලාවත පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේලි මහතාගෙන් ඉල්ලා ඇත. 07 April 2018
වාහන වලින් බඩු සොරකම් කළ යුවළ අත්අඩංගුවට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් නවතා තිබෙන වාහන වලින් ඉතා සූක්ෂම ලෙස දොරවල් විවෘතකොට වාහන වල ඇති දෑ සොරාගන්නා පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ සැකපිට 07 දින දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 April 2018
එජාප ප්‍රතිසංවිධානයට කෘත්‍යාධිකාරී - මන්ත්‍රී මණ්ඩල රැස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ තනතුරු වෙනස් කරමින් පුර්ණ ප්‍රතිසංවිධානය සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී මණ්ඩලය අද (07) පිට කෝට්ටේ සිරිකොත මූලස්ථානයට රැස් විය. 07 April 2018
කේරළ ගංජා ගෙනගිය දෙදෙනාම රඳවාගැනීමට අවසර කේරල ගංජා කිලෝ ග්‍රෑම් 220 ක් සුඛෝපභෝගී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටින විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාව මෙම මස 10 වැනිදා තෙක් රදවා ගෙන ප්‍රශ්ණ කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා 06 වැනිදා සවස හලාවත පොලීසියට අවසර ලබා දුන්නේය. 07 April 2018
එජාපය ප්රතිසංවිධානයකට සූදානම් - සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂය ප්රතිසංවිධානයකට සූදානම් බව තරුණ කටයුතු පිළිබඳ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) දෙනියාය කොටපොළ දී පැවසීය. 06 April 2018
ශ්‍රීලනිප 16ට විශ්වාසභංගයක් ගෙන ආවොත් පෙනි සිටිනවා - දුමින්ද දිසානායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා රජයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් විශ්වාසභංගයක් ගෙන ආවොත් එහිදී පක්ෂයේ මැති ඇමතිවරුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින බව ශ්‍රී.ල.නි.ප මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 06 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026