කොළොන්න ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ස්වාධීන වෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කොළොන්න ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ සභිකයන් දෙදෙනෙකු ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කරන බව සභාවේ අද (11) පැවති මංගල රැස්වීමේ දී පැවසීමත් සමඟ සභාවේ 11 April 2018
ජවිපෙ මැයි දිනය යාපනයේ සැමරීමට යයි වැඩකරන ජනතාවගේ දිනය වන මැයි පළමු වැනි දා වෙසක් සතියේ දිනයක් වන නමුත් තම පක්ෂය එදින මැයි දිනය සමරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 11 April 2018
ලක්ෂ 75 ක කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට කඩවත ගුවන් පාලම අසලදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 75 ක් වටිනා කේරල ගංජා කිලෝ 51 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. 11 April 2018
භාවිතය තහනම් වු ග්ලයිෆෝසේට් තොගයක් වරායට මෙරට භාවිතය තහනම් කර තිබෙන ග්ලයිෆෝසේට් තොගයක් මේ වන විට කොළඹ වරායට ළඟාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි. 11 April 2018
’නව කැබිනට් මණ්ඩලය සිංහල අවුරුද්දට පෙර’ - රාජිත කියයි නව කැබිනට් මණ්ඩලය ඉදිරි දින දෙක තුළදී එනම් 14 වැනි දා ට පෙර දිවුරුම් දෙන බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 11 April 2018
උතුරේ වැඩබලන්න මහ ඇමැතිවරයෙක් උතුරු පළාතට වැඩබලන ප්‍රධාන ඇමැති වශයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කන්දයියා සර්වේස්වරන් මහතා අද (11) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය. 11 April 2018
හැරී-මේගන් විවාහයට දේශපාලන නායකයන් නෑ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත රාජකීය විවාහ මංගල උත්සවයට දේශපාලනික නායකයින් කිසිවකුට ආරාධනය නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 11 April 2018
ටීඑන්ඒ මන්ත්‍රීවරු කෝකිලායි පන්සලේ හිමිකාරිත්වය විමසති උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරයක නිරත වී ඇත. 11 April 2018
ජනාධිපතිතුමාට පක්ෂයත් නැතිවෙලා යන එනමං නැතිවෙනවා - නාමල් රාජපක්ෂ ‘තව අවුරුදු එකහමාරයි ජනාධිපතිවරණයට තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂයක් නැති වෙලා යන එන මං නැතිවෙලා තියෙනවා’ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 11 April 2018
මුලතිව් සංවර්ධනයට රුපියල් මිලියන 318 ක් මුලතිව් දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති 156 ක් ආරම්භ කිරීම සඳහා මූලික පියවර වශයෙන් රුපියල් මිලියන 68 ක මුදලක් ලැබී ඇතැයි මුලතිව් සංවර්ධන කටයුතු පිළිබඳ විමසීමේදී මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් පැවසුවාය. 11 April 2018
අ’පුරේ ටිපරයක ගැටී එළවළු වෙළෙන්දෙක් මරුට ශ්‍රාවස්තිපුර කුමාර විද්‍යාලය ආසන්නයේදී අද (11) අලුයම ටිපර් රථයක් පසුපස යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි. 11 April 2018
දකුණූ සුපිරි මඟේ දමා ගිය මෝටර් රථයකින් හෙරොයින් සොයා ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම ආසන්නයේ අතහැර දමා එහි රියදුරු පළා ගිය මෝටර් රථයක් තුළ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 60 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (10) රාතී‍්‍ර සොයා ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය පවසයි. 11 April 2018
යාපනයේ ආවා කල්ලිය යළි හිස ඔසවයි යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රියේ යතුරුපැදි කල්ලියකින් පැමිණි පිරිසක් තරුණයකුට තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පවසයි. 11 April 2018
මුලතිව්හි අනවසර සිංහල ජනාවාස වලට එරෙහිව ටි.එන්.ඒ.විරෝධතාවයක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (10) සවස මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වූහ. 11 April 2018
අලුත් කැබිනට්ටුවක් හදන්න චම්පිකගෙන් යෝජනා තුනක් විශ්වාස භංග යෝජනාවෙන් පසුව ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ කළ යුත්තේ කැබිනට් සංශෝධනයක් නොව අලුතින්ම කැබිනට් මණ්ඩලයක් පත් කිරීම යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (10) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 10 April 2018
ශ්‍රීලනීපය ආණ්ඩුවෙන් යනවාද නැද්ද තීන්දුව හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව හෙට (11) රාත්‍රීයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වේ. 10 April 2018
කෙසෙල් විකුණගන්න බැරිව සූරියවැව ගොවීහු සිය ගණනක් මහපාරේ නියමිත පරිදි නියමිත වේලාවට අවුරුදු කෙසෙල් පොළ නොතැබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සූරියවැව කෙසෙල් ගොවීහු කියති. 10 April 2018
ත්‍රීරෝද රිය පෙරැළී තිදෙනෙක් මරු දකිති ගම්පොළ - කහවත්ත ප්‍රධාන මාර්ගයේ තුන්දෙනිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රියක් අඩි 10ක් පමණ පහළිත් තිබූ ඇළකට පෙරලී තුන් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 10 April 2018
අල්ලස් ගත්තැයි පොලිස් කොස්තාපල් රිමාන්ඩ් අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ කොටුව පොලීසියේ අපරාධ අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය. 10 April 2018
ශ්‍රීලනිප ඇමැතිවරු කැබිනට් නොයති ජනාධිපති කාර්යාලයේ අද උදේ පැවැති කැබිනට් රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිසිවෙක් සහභාගී නොවූහ. 10 April 2018
විග්නේෂ්වරන් ගැන සුමන්තිරන් කළ ප්‍රකාශයට ඇතුළෙන්ම විරෝධය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පසුගියදා කළ ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය තුළ දැඩි විරෝධයක් මතුව තිබේ. 10 April 2018
වැසි සමඟ අකුණු ඇතිවීමේ අවදානමක් ඉදිරි දිනවලදී ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 April 2018
බිංදු තංගල්ලේදී පොලිස් අත්අඩංගුවට පුද්ගල ඝාතන හා මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙක් විදේශීය රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් හා කඩුවක් සමග තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් අද(10) අත්අඩංගුවට ගනු ලැබීය. 10 April 2018
ආණ්ඩුවෙන් යන අයට බාධාවක් නෑ - ඇමැති අමරවීර ආණ්ඩුවෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට ඊට කිසිදු බාධාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) ප්‍රකාශ කළේය. 10 April 2018
‘සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යාම ගැන නිසි පරීක්ෂණයක් නෑ‘ - ලංකා ගුරු සංගමය හම්බන්තොට සුචී ජාතික පාසැලේ විදුහල්පතිනි රෝහිනි කුමාරි අතපත්තු මහත්මිය නායකත්ව පුහුණුව දී සිදුවූ අනතුරකින් මිය යාම පිළිඳබව නිලධාරින් හත් දෙනෙකුට විරුද්ධව පරික්ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය එම මරණය 10 April 2018
මයිලඩි ඉඩම් නිදහස් කිරීම ආරක්ෂාවට තර්ජනයක් - සරත් වීරසේකර ආර් සම්පන්දන් මහතාගේ ඉල්ලීම මත නිදහස් කරන්නට යන ඉඩම් අතර ඇති මයිලඩි ප්‍රදේශය ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. 10 April 2018
පොලිසියට පහර දුන් ප්‍රා.සභාපති රිමාන්ඩ් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන් පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස පොලොන්නරුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති නුවන් කුමාරගේ මහතා අද (10) නියෝග කළේය. 10 April 2018
කතරගම දේවාලයේ වැඩබලන්න දිල්රුවන් රාජපක්ෂ පත් කරයි රුහුණු කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස දිල්රුවන් රාජපක්ෂ මහතා පත් කර තිබේ. 10 April 2018
පුහුණුවට විදුහල්පතිවරුන් යැව්වේ මම නොවේ - ජාතික පාසල් අධ්යක්ෂ විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යැවීම පිළිබඳව වගකීම තමන්ට ගත නොහැකි බවත් මානව සම්පත් ශාඛාවෙන් තෝරා දෙන නාමලේඛන අනුව විදුහල්පතිවරුන්ට ලිපි යැවීම පමණක් තමන් සිදු කරන බවත් 10 April 2018
කතරගම දේවාලයේ බස්නායක නිලමේගේ තනතුර අත්හිටුවයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩී.පී.කුමාරගේ මහතාගේ තනතුර තාවකාලිකව අත්හිටුවා ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. 10 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026