සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හමුදා ප්‍රධානියකු හමුවීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගන්නැයි යමෙකු පවසනවා නම් එය වැරදි යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
සභානායකවරයා මේ බව පැවසුවේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
චාල්ස් නිර්මලනාදන් මහතා මෙසේ ද පැවසීය.
‘මම ජනතාවගේ ප්‍රශ්නයක් කතා කරන්න උතුරේ හමුදා ප්‍රධානියකු හමුවීමට අවස්ථාව ඉල්ලුවා. නමුත් ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය අරගෙන එන්න කියලා එතුමා මට කියනවා. මම ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් ලියුවා. නමුත් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. මෙහෙම වැඩවෙන කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට අප කටයුතු කරන්නේ කොහොමද? අපට මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දවස් කිහිපයක් ගතකර ගන්න මාතෘකාවක් ලැබුනා. දැන් අපිට දෙකට බෙදිලා පාර්ලිමේන්තුවේ, වේදිකාවේ, කඩපිලේ, මුහුනුපොතේ, නිවුස් සයිට්වල වාද කරන්න පුළුවන්. හැබැයි ඒ අතරේ ඩොලරය, බඩුමිල තමන්ගේ ගමන පාඩුවේ යාවි.
වරප්ප්‍රසාද හැර "තම යුතුකම රටට නැත"... සදාකල්ම අපි හැම රවටන්නේ බලයේ හිද......
මේ අයට සලකන්න ඕනේ මෙහෙම තමයි
කිරිඇල්ලගේ කයිවාරුව සහ ඩයස්පෝරාවට කඩේ යාම...
තව දවසක කියාවි අපිට ඕනෑම වෙලාවක විනිසුරු වරයෙක් හමුවන්නත් පුළුවන්කම තිබෙන්න ඕනේ කියලා. රටේ ආරක්ෂක නිලධාරීන් ඉදිරියේ දේශපාලකයෝ නිකමුන් බව මතක තියාගන්න. විස්තර දැනගන්න " ද අයි ඉන් ද ස්කයි" සිනමාව නරඹන්න.
බමුණුආරච්චි මයාවෙත, ඇත්තෙන්ම ඔබ ඉතාමත්ම නිවැරදිය. මේ එක එක වැස්සට විතරක් ගලන "මල ඇලි "මොලේ සෛල මැරිලා විකාර දොඩවනවා. ඇත්තෙන්ම "ඕන ගොනෙකුට යුද්ධ කරන්න" පුළුවන් වගේ "ඕන බූරුවෙකුට හු කියන්න" පුළුවන් කියලා දියවන්න ඔයේ ගාලේ මහාචාර්යවරයෙක් කියලා තිබුනේ. එම කියමන 100%ක්ම නිවැරදියි.