(මනෝප්රිය ගුණසේකර )
අසනීප වී සිටින සිය දරුවා බැලීම සඳහා විදෙස්ගත වීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මහාධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි ප්‍රභාත් මහතා ගම්මන්පිල මහතාට අද (08) සිට මාසයක කාලයක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ගොස් දරුවාගේ සුව දුක් බලා ඒමට අවසර ලබා දුන්නේය.
උදයගම්මන්පිල මහතාට එරෙහිව ඔස්ට්‍රේලියා ජාතිකයකුගෙන් රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට වු නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී උදයගම්මන්පිල මහතාගේ දරුවකු අනතුරකට ලක්ව ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් දරුවා බැලීමට යාම සඳහා අවසර ලබා දෙන්නැයි ගම්මන්පිල මහතාගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කළ ඉල්ලීම සලකා බලමින් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල පිටින් පිටරට පදිංචියට යවලද මහත්තයෝ රට ජාතිය බේරාගන්න ලොකු සටනක් දෙන්නේ?
ඕස්ට්‍රේලියාවෙදි අත්අඩංගුවට ගන්න.
බටහිර විරෝධී නුතන දේශප්‍රේමීන්ගේ පවුල් ඔක්කොම ඇමරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්නේ මොකද?
මටම හිනා කොහොමද කතා විදේශ බලවේග
දේශමාමක, ජාතිහිතෛශී, හුඟක් දෙනා පවුල් පිටින් ජීවත්වෙන්නේ, වියදම් කරන්නේ නැතහොත් පුරවැසිභාවය ඇමරිකාවෙ, යුරෝපයේ, ඔස්ට්‍රේලියාවෙ තමයි. මෙහෙ ඉන්නේ නිකං නිවාඩුවකට, අතුරුපසකට ගිනි ඇවිලවීමකට නැතිනම් කීයක් හරි හම්බකරගන්න විතරයි!
කට ඇරියොත් සිංහල බෞද්ධ එකට මොකෝ හත්මුතු පරම්පරාවම පරදේස දීපංකර වල කටේ නරිවාදන් බේරෙනවා කියන්නේ ඕකට .
ඒ විතරක් නෙමේ මෙයාට ඔස්ට්‍රේලියාවෙ එස්තිර පදිංචියත් තියෙනව. ඔය කට්ටිය දන්නවද අයි මෙයාගේ නෝනා ඔස්ට්‍රේලියාවෙ ඉන්නේ ලංකාවේ ඉන්නේ නැතුව කියල?
සදීක් රුපියල් 100 ගන්නේ එකතු කරගන්න ටින් එකකුත් තියාගෙන එයාර් පොර්ට් එකේ එලියෙ ඉඳීවිද?
කිසිම අාත්ම ගෞරවයක් ඇති පිරිසක් නොවේ......
යන්න නම් අවසර දුන්න එක හොඳයි
මෙතුමා උසස් අධ්‍යාපනය ලැබුවේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලේ. මෙතුමාගේ ළමයෙක් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න එකේ වරද මොකක්ද. ජවිපෙ එකේ මහත්වරුන්ගේත් දරුවන් එංගලන්තේ ඉගෙන ගන්නකොට.. ගැටලුව තියෙන්නේ, අපේ අධ්‍යාපන ක්රමයේ. මොකද කරන්නේ උසස් පෙළ සමත් උනාට ලංකාවේ කැම්පස් යන්න බැනේ හැමෝටම.. යන්න පුළුවන් 2 % වගේ ගානකට ඉතින් අනෙත් අයට ඉගෙනීම තහනම් ද? මෙතුමා ඕස්ට්‍රේලියාවේ ඉගෙනගෙන ලංකාවට සේවය කරනවා. නමුත් ලංකාවේ නොමිලේ ඉගෙනගෙන ගොඩක් දොස්තරලා පිට රට ගිහින් සේවය කරන්නේ. දන්නවද දොස්තර කෙනෙක් වෙන්න ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් කැම්පස් එකේ රුපියල් ලක්ෂ 50 විතර මස 6 කට ගෙවන්න ඕනේ. ඒ විදියට අවුරුදු 5-6 ක් විතර ගෙන ගන්න ඕනේ. එතකොට ලංකාවේ සල්ලි වලින් කෝටි 5ක් විතර ගෙවන්න ඕනේ. ලංකාවේ දොස්තර වෙන්නේ සතයක්වත් ගෙවන්නේ නතුව..
බොහොම දේවල් දන්නා බව පෙනෙන රසික උන්නැහේ එයාගේ ගජයෙක් වගෙයි පෙනෙන්නේ! කවුරු කොච්චර වියදම් කරලා කොහේ ඉගෙන ගත්තත් අපට කමක් නැහැ. ඉගෙන ගන්න යුනිවසිටි යන්නම ඕනද? යුනිවසිටි යන හැමෝම එලියට එන්නේ උගතුන් වෙලාද? මහා විභාග පාස් කෙරුවත් මොලේ කලඳක් වත් නැති රටට ජාතියට කිසිම පලක් නැති `උගත්තුත්` ඉන්නවා. මුන්නහේ ඕස්ටේලියාවේ ඉගෙනගෙන ඇවිල්ල මෙහෙ කොරන මහා ` සේවය` මොකද්ද? එහෙ සේවය කොරන්න පුළුවන් කමක් තිබුන නම් උන්නැහේ කවදාවත් මෙහෙ එන එකක් නැහැ. අර ශදික් කවුද කියන සුද්දට වංචාවක් කෙරුව කියන එකත් ලොකු සේවයක් වෙන්නැති නේද?