හර්ෂණ තුෂාර සිල්වා
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය සමාගමේ සභාපතිවරයාට බාරද දී ඇතැයි වාර්තා වේ.
සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද (7) එම සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට බාර දී ඇතැයි තවදුරටත් වාර්තා විය.
‘ශ්‍රී ලන්කන් එයාර්ලයිනස්’ සමාගමේ සිදු කෙරෙන ප්‍රතිව්‍යුහ ගත කිරීම් වලට සහාය දීමක් ලෙසින් ඔහු එලෙස ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට අජිත් ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු අධ්යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබිණි. එහෙත් සුරේන් රත්වත්තේ මහතා අඛණ්ඩව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය.
ඉන්පසු මාර්තු මස 29 වැනිදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කෙරුණි.
කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවටද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ඉපදී නිදහස් අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයකු හැටියට ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පාඩු පිට පාඩු ලබමින් තිබෙන ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් මාසික වැටුප රුපියල් මිලියන තුනක් ලබා ගැනීමට වඩා ඔහුට කළහැකිව තිබුනේ රුපියල් ලක්ෂ තුනක පඩියක් ගෙන තම රට වෙනුවෙන් සේවය කිරීමය. විදේශිකයකු එසේ කලානම් ප්‍රශ්නයක් නැත. ශ්‍රී ලංකාවේ ඉපදී ලංකාවෙන්ම නිදහස් අද්යාපනය ලැබූ මෙවැනි ශ්‍රී ලාංකිකයන් දුප්පත් මහා ජනතවගේ බදුමුදල් වලින් මිලියන ගණන් වැටුප් ලබන්නේ නම් එය රටට කරන සේවයක් නොව ඔවුන්ගේ වාසිය ගැන පමණක්ම සිතා කටයුතු කරන පිරිස්ය
නව අධ්යක්ෂ මණ්ඩලයට පත් කරලා ඉන්න සුසන්ත කටුගම්පොල කියන පුද්ගලයාට විරුද්ධව ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුන්ගෙන් දැඩි චෝදනා තිබෙනවා. මේ සුසන්ත කටුගම්පොල කියන පුද්ගලයා 1989/1990 අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට පැමිණ ලංකාවට නිගරු කර, ලංකාව ජීවත් වෙන්න නුසුදුසු රටක් යයි කියා ඕස්ට්‍රේලියාවෙන් රජයෙන් සරණාගත වීසා ලබාගෙන නොමිලේ නීති උපාධියක් ගෙන ආගමන නීති උපදේශකයකු ලෙස වැඩ කරමින් අහිංසක ශ්‍රී ලංකික සිසුන් රවට්ටා මුදල් ලබාගෙන ඇත. මෙවැනි වංචනිකයින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට පත් කලේ කවුරුන්ද? තවත් වංචනික දේශපලකයෙක්ද? මේ සුසන්ත කියන පුද්ගලයා දේශපාලකයන්ගේ පිටිපස්සෙන් ගිහින් ඔවුන්ට බැල මෙහෙවරකම් කරන්න හපනෙකි. පාඩු ලබන ගුවන් සමගමට මෙවැනි පුද්ගලයින් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කිරීමෙන් තවත් පාඩු ලබනවා මිස කිසිම ලාභයක් ලැබෙන්නේ නැත. මොහු රැවටු අහිංසක සිසුන් තවමත් මොහුට දොස් තියයි.
කාලා ඉවරයි......
මම යූඑන්පී වෘත්තීය සමිති ක්‍රියාකාරී සාමාජිකයෙක් වීමේ වරදට ශ්‍රීලන්කන් ගුවන්සමාගමෙන් අසාධාරණ විදියට රස්සාවෙන් අස්කලා. අවු 13ක් රස්සාව නැතුව හිටියා. අන්තිමට සිරිකොතෙන් ලියුමක් දුන්නා ඔබ බරපතල විදියට දේශපාලන පළිගැනීම් වලට ලක්වෙලා තියෙනවා, යූඑන්පී ආණ්ඩුවක් ආ විගස ඔබට සහන සලසනවා කියලා. තාම ලියුම ෆයිල් එකේ. මේ ආණ්ඩුව අවු 3ක් යනකල් තමන්ගේ පක්ෂ සාමාජිකයින්ට කරපු දෙයක් නැහැ. කළගුණ කියන එක නම් දන්නෙම නැති පක්ෂයක්.