ඔගස්ටින් ප්‍රනාන්දු
කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී නිවසකට දැඩි ලෙසින් හානි කරමින් සිදුවු අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශකට අයත් කැබ් රථය පැදවු යශෝධ රංගේ බණ්ඩාර මහතා ජයවර්ධන පුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (8) අලුයම අත්අඩංගුවට ගත් බව ආරචිචිකටිටුව පොලිසිය කියයි.
ඊයේ (7) අලුයම එකට පමණ කරුකුපොනේ අතුරු මාර්ගය ඔස්සේ අධි වේගයෙන් පැමිණි මෙම කැබ් රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ පදිංචි හේවාගාල්ලගේ චාමක ලහිරු නුවන් අමරදිවාකාර මහතාට අයත් නිවසට දැඩි ලෙසින් හානි කරමින් එම නිවසේ තාප්පය හා බිත්තිය කඩා ගෙන සාලයට ඇතුළු වී තිබිණි.
මෙම රථය පැදවු බව කියන යශෝධ රංගේ බණ්ඩාර අනතුර සිදුවු අවස්ථාවේ දී අධික ලෙසින් මත්පැන් පානය කර සිටි අතර එම රථයෙහි තිබි විදේශ මත්පැන් බෝතලයක් සෝඩා බෝතලයක් විකටි කුරක් බේස් බෝල් පිත්තක් හා කඩුවක් තිබි පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං මේ ඉතිහාස පොත්, පරණ පත්තර එහෙම පෙරළ පෙරළා හොයන්නේ කිසිම දවසක මේ ශ්‍රී ලංකාවේ ඇමති පුතෙක් උසාවියෙන් වැරදි කාරය වෙලා තියෙනවද කියලයි.
යහපාලනය මේ ගැන මොනවා කරයිද? කවුරුත් බලා සිටී.
මහජනයාට සේවය කරලා එනගමන්
විකට් කුරක් , බේස් බෝල් පිත්තක් සහ කඩුවක්,,,,, ???? ඒ කියන්නේ මේ දෙන්නා ගේමක් දීල එන ගමන් වෙන්න ඇති ??
මෙතුමා හරිම අහිංසක දරුවෙක් පොඩි කලේ ඉදලම. විස්කි අරන්ගියේ බඩේ අමාරුවට බොන්න. කඩුව අරන් යන්නේ තනිකම් දෝෂවලට. පොලු කලි අරන් යන්නේ වාහනේ අද වලට තියන්න.
මේ අයව ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යවමු. මේ වගේ උතුම් පුතුම් තමයි අද අපේ රටට අත්‍යාවශ්‍ය......
ඉස්සෙල්ල හිටපු රජතුමාට ගෙදර යන්න උනේ පුත්තු කරපු වැඩ නිසා තමා!
අනේ පව් ඉක්මනට නිදහස් කරන්න මේ අසරණයව...ඇතුලේ ඉන්න කල් ඉන්නේ හොස්පිටල් එකේ ඇඳක් සෙට් කරලා දෙන්න කාරුණික වෙන්න ......... මොකද මේ අය රටේ වැදගත් උදවියගේ පුත්තුනේ..............
කඩුව නම් කොස්කොටන්න වෙන්නැති....... අනෙක් ඒවා මොකටද කියලා කියන්න බැහැ.
අපේ කොල්ලෙක් නේ ක්‍රිකෙට් ගහන්න යන්න ඇති. පවු කොල්ලව අතහැරලා දාන්න.
ඉදිරි දින කිපයතුලදී ලක් පුරවැසියන්හට මෙම සිදුවීම පිලිබදව වීදි නාට්‍ය, නවකතා,කෙටි කතා මෙන්ම විනෝදසමය වැනි හාස්‍ය උපදවන වැඩසටහන් දැක ගැනුමට වාසනාව උදාවන බව ඉගිබිඟි පළකර හැක. තවද කිලිටුවූ සහ ගඳ ගසන "සුදු කබා ඇදගත් පෙරේතයන්ගේ" ගොන් තර්ක විතර්කද කියවීමේ භාග්‍ය ලැබෙනු ඇත.
මුල් අවස්ථා වලදී දඩුවම් නොදුන්න එකේ විපාක
ලංකාව දැන් වනාචාරී රටක්. හොඳ වෙලාවට ඉතාලි ආවේ.
ඔන්න දැන් රන්ජන් කීව කලුකබා නීතිය හෝ ගාල වැඩ ඇති ..
දියවන්නාවට යන්න සියලු සුදුසුකම් මෙයාට තියනවා. මේ රටේ ඇමති පුතක් වෙනව නං, වාසනාව තමයි.