ඉන්දිකා රාමනායක සහ පැටි්රක් මාකස්
බීමතින් කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය කොට්ටපිටිය ප්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළැයි අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුත් යශෝධ රංගේබංඩාර ජුනි 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (8) නියෝග කළේය.
හලාවත මහේස්ත්රාත්වරයාගේ ලිඛිත නියෝගයකට අනුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කර බලා මෙම නියෝගය කළේය.
රාජ්‍ය දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය,බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිම,කඩුවක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය මොහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු මෙදා පාර නීතිය කොච්චර නැවෙයිද කියල.
හෙට උදේට ගෙදර යන්න පුළුවන්නේ
හපෝ මෙය "දේශපාලන උණ" කියන අතිභයංකාර අසාදනික වෛරස් රෝගයන් පෙළෙන්නෙක්. මෙම රෝගයට බෙහෙතක් තාම සොයාගෙන නැහැ. එකම ප්‍රතිකාරය මෙම රෝග තත්වය තියන අයව අනිකුත් අයගෙන් වෙන්කරතැබිම. වහාම මෙයාව බන්දනාගාර රෝහලට ඇතුළත් කර සියලු පහසුකම් සහිත වාට්ටුවට ඇතුලත් කරන්න. මෙයට තියන එකම ප්‍රතිකාරය තියෙන්නේ පොදු ජනයා අතේ.
ලංකාවේ තමයි අපාය තියෙන්නේ. දේශපාලකයෝ තමා යම පල්ලෝ. අපේ රටේ දුප්පත් ජනතාව තමා හොඳටම පවු කරපු උදවිය. මෙහෙමත් රටක්. කාට කියන්නද මේ අවනඩු.
තාත්තාගෙන් පසු ජාතික දේශපාලනයට පිවිසෙන්න සුදුසුකම් සම්පුර්ණ කරගැනීමේ උත්සාහයක්. අපේ මිනිස්සු එක පයින් ඡන්දේ දෙනවා.
මහේස්ත්‍රාත් තුමාගේ නිර්භීත තීරණයට අපගේ ආචාරය හිස නමා පුද කරමු. හැබැයි හෙට වෙනකොට බන්ධනාගාර රෝහලට යන්න බොහෝ දුරට ඉඩ තියනවා නේද ?
මේකට විසදුම තාත්තව ගෙදර යවන එක
ඇති යාන්තන්. මෙදා පාර පොලිසිය නීතිය නවල නැහැ . එහෙම වෙන්න මණ්ඩලේ කචල් එකක් වත්ද ?
රජයේ වාහනයකින් රාජකාරියකට යන ගමන් වෙන්න ඇති අනතුර සිදු වෙන්න ඇත්තේ
නීතිය නම් ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක හොඳට නැමුව .අපි අතින් පොඩි බයිසිකල් කට්ටක හැපුණා නම් මෙලහකට රිමාන්ඩ් කරලා දෙන්න ඕනේ දස වද ඔක්කොම දෙනවා. මේ මනුස්සය අනතුරු කීයක් කරලද. දරු පව්ලක් තාම දුක්විඳිනවා කියල නිවුස් වල දැක්ක. එක්කෙනෙක්ව මරල. බලමු ඉතින් ඉස්සරහට ගන්න අධිකරණ ක්‍රියාමාර්ග ගැන. රාජගිරියේ පැත්තේදී අනතුරක් කරපු ඇමති කෙනෙක් යසට ඉන්නේ.
මේවගේ දේවල් බලයේ ඉන්න අයගේ පුතාලා කරන සාමාන්‍ය දේවල්.......
අත්අඩංගුවට ගත්තට මදී නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන.
මහජන කැළඹීමක් ඇතිනම් ඇප නොදෙන එකයි සාමාන්‍ය තත්වය.. කෙසේ හෝ බොහෝ දේශපාලකයන් ගෙදර යැව්වා බිරින්දෑවරු හෝ පුතුන්...
මීට කලිනුත් මෙවැනි අපරාධ කර ඇත. මේ වගේ අයට ජනතාව විසින්ම දඬුවම් දිය යුතුයි.
පිස්තෝලේ පෙන්නලා කියාවිද දන්නේ නැහැ මගේ පුතා අහිංසකයි ඔතන ගෙයක් හදපු එකයි වැරැද්ද... වහාම මගේ කෙනා නිදහස් කරන්න කියලා...