දරුවා අපයෝජනය කළ කොස්තාපල් පෙරෙට්ටුවේදී හඳුනාගනි වැලිඔය පොලිසියේ අත්අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු වැලිඔය පොලිස් ස්ථානය තුළදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීමට අපයෝජනයට ලක් වූ දරුවා සමත් විය. 14 June 2018
නීති ක්ෂේත්රයට පමණක් වැටුප් වැඩිකිරිමට සංගම් 18 ක විරෝධය නීති ක්ෂේත්රයට පමණක් වැටුප් හා දීමනා වැඩිකිරිමට එරෙහිව වෛද්‍ය, පරිපාලන, ඉංජිනේරු ඇතුළු සංගම් 18 ක් එක්ව ඉදිරි සති දෙකක කාලය තුළ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන 14 June 2018
අල්ලස් කොමිසමෙන් පැවරු නඩුව නොවැම්බර් 13 ට කල්දමයි අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්, හිටපු අගවිනිසුරු සහ නිතිපති මොහාන් පීරිස් සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු ලේකම් එම්. ඒ. ෆර්ඩිනෑන්ස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුව ලබන නොවැම්බර් 13 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 14 June 2018
ඇවන්ගාඩ් අවිගබඩා බාරකරු-මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ් ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නිති විරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පාවෙන අවි ගබඩාවේ බාරකරු සහ මෙහෙයුම් කළමනාකරු තව දුරටත් මේ මස 28 දක්වා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පිරිස් මහතා අද (14)නියෝග කළේය. 14 June 2018
‘ ලංකාවේ ට්‍රම්ප්-කිම්ලා දෙසැම්බරයේ දී එකතු වෙනවා’ - ඇමැති ලක්ෂ්මන් ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියාවේ කිම් ජොන් උන් එකතු වුණා සේ ශ්‍රී ලංකාවේ ට්‍රම්ප් කිම් ජොන්ලාත් ලබන දෙසැම්බරයේ එකතුවන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 14 June 2018
සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් සිංහරාජ වනාන්තරයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සිංහරාජ අඩවිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් එවමින් දන්වා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 14 June 2018
තහනම් පොලිතීන් වැටලීම් 181 ක් තහනම් පොලීතින් නිපදවූ අලෙවි කළ හා ළඟ තබාගත් පුද්ගලයින් 181 දෙනෙකු මේ වසරේ මුල් මාස පහේ දී නීතියේ රැහැනට අසු කර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සමත්ව ඇත. 14 June 2018
සියලු රාජ්‍ය ආයතනවලට දිවා සුරැකුම් මධ්‍යස්ථාන සියළුම රාජ්‍ය ආයතනවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලා නිර්දේශ ඉදිරිපත් කරන්නේ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 14 June 2018
සියලුම රජයේ රෝහල්වල ඉ - චැනලින් සේවාව ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ - චැනලින් සේවාව සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි. 14 June 2018
‘කිරිවෙහෙර විහාරාධිපතිගේ වියදම් රජයෙන් දරනවා’ - ඇමැති ගාමිණි වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතුවල සියලු වියදම් රජය මගින් දරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. 14 June 2018
ජුනි 25 රහස් පොලිසියට යන්න ගෝඨා එකඟයිලු ලබන 25 වැනිදා රහස් පොලීසිය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට ද අධිකරණයෙන් සිතාසි ලද විගස අධිකරණය හමුවේ පෙනී සිටීමට ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නීතිපතිවරයා අතර එකඟතාවයක් ඇති වී ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 14 June 2018
යශෝධ රංගේ බණ්ඩාරට ඇප ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (14) නියෝග කළේය. 14 June 2018
අ’පුර පාසලක චාරිකාවක් සඳහා එකතු කළ මුදල් වංචා කරලා අනුරාධපුර පාසලක සිව්වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසක් අටමස්ථානය සහ මිහින්තලය පුදබිම වෙත කැටුව යාම සඳහා අවිධිමත් ආකාරයට දෙමාපියන් ගෙන් මුදල් එකතු කර එම මුදලින් කොටසක් වංචා කිරිමේ සිද්ධියේ පරික්ෂණ කටයුතු යටපත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 14 June 2018
පරිපාලන සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි විරෝධතාවක් වැටුප් විෂමතා ඉවත් කර පරිපාලන සේවයේ සඳහා විශේෂ දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය පරිපාලන සේවා සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටදී අද (14) උදෑසන නිහඬ විරෝධතාවයක් පැවැත්විය. 14 June 2018
ක්‍රිකට් නිලවරණය වැළැක්වීමේ අතුරු නියෝගය ඉවතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් ලබා දුන් අතුරු නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය. 14 June 2018
ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය. 14 June 2018
කාදර් මස්තාන් නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට යයි උතුරු සංවර්ධන,නැවත පදිංචිකිරීම්,පුනරුත්තාපන හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 14 June 2018
හිටපු අගවිනිසුරුගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරයෙයන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් එම සංශෝධන පනත නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් 14 June 2018
බන්ධනාගාරයේ රැඳවියකුට පතාල කල්ලි පිරිසක් පහර දීලා ගාල්ල බන්ධනාගාරයේ අමුත්තන් බැලීමේ කාමරය අසලදී පාතාල කල්ලියක ගෝලයින් පිරිසක් සිරදඬුවම් විදිනු ලබන රැඳවියකුට පහරදී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 14 June 2018
ඥාණසාර හිමියෝ උසාවියට හෝමාගම අධිකරණයේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මීට සුළු වේලාවකට පෙර උසාවියට පැමිණියහ. 14 June 2018
රත්ගම මුහුදේ නාන්න ගිය අයෙක් මරුට රත්ගම දේවිනිගොඩ මුහුදු තිරයේ දිය නෑමට ගිය පුද්ගලයකු රළ පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලිමෙන් මියගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි. 14 June 2018
පස්සර වෙළඳසලක ගින්නකින් තිදෙනෙක් මරුට පස්සර නගරයේ සිල්ලර බඩු වෙළෙඳසලක අද (14) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් වෙළෙඳසල තුළ නිදාගෙන සිටි එකම පවුලේ මව,දියණියක ,පුංචිඅම්මා මිය ගොස් ඇතැයි පස්සර පොලිසිය පවසයි. 14 June 2018
එල්.එන්.ජී කොන්ත්‍රාත්තුවට ඉහළ බලපෑම් කෙරවල පිටියේ ස්වාභාවික වායු (එල්.එන්.ජී) සංයුක්ත වක්‍ර විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමට සුදුසුකම් ලැබූ දේශීය සමාගමක් ඉවත්කර එම කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. 13 June 2018
ධීවර සංස්ථාවේ නව සභාපති වෛද්‍ය සජිත් මංජුල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සජිත් මංජුල මහතා පත් කර තිබේ. 13 June 2018
ගම්මන්පිලට රට යන්න අවසර හදිසි අනතුරකට ලක්ව ඔස්ට්‍රේලියාවේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දස හැවරිදි පුත්‍රයාගේ සුවදුක් බැලීම සඳහා ඔහුට මාසයක කාලයකට ඔස්ට්‍රේලියාවට යෑමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඔහුට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට නියම කළේය. 13 June 2018
අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීමේ පැමිණිලි ඉහළට අන්තර්ජාලය හා හරහා මුදල් වංචා කිරීම පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් තිබෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය. 13 June 2018
පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම එකඟතාවයකට පැමිණ ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය. 13 June 2018
ඉන්ෆ්ලුවන්සා පැතිරීම වැළැක්වීමට ගුරුවරුන්ට උපදෙස් මාලාවක් මේ දිනවල පැතිර යමින් තිබෙන ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පාසල් ගුරුවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. 13 June 2018
කපුවාගේ ගෙදරින් කඩු කිනිසි අල්ලයි කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියට වෙඩි තැබීම කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නැමැත්තා විසින් සිදුකර ඇති බවට දැනට සිදුකරණ පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 13 June 2018
බස් දෙකක් ගැටී අයෙක් මරුට 32කට තුවාල අලව්ව - යාංගල්මෝදර ප්‍රදේශයේදී අද (13) බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු මරණයට පත්ව 32 දෙදෙනෙකු තුවාල ලබා ඇති බව අලව්ව පොලිසිය කියයි. 13 June 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026