‘මහලේකම් ධුරය අතහරින්න ඕනිම වෙලාවක ලෑස්තියි‘ සන්ධාන මහලේකම් ධූරය ඕනෑම වේලාවක අත්හැරීමට තමා සූදානම් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂයකට පූජා කිරීමේ අරමුණෙන් කෙරෙන යෝජනාවලට යට වී එවැනි තීන්දුවක් කිසිවිට ගන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 17 June 2018
රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව හොරු කඩලා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කිසිවෙකු හෝ කිසියම් පිරිසක් විසින් කඩා ඇති බවට එහි ගේට්ටුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් විසින් පැමිණිලි කර ඇති බව රත්නපුර පොලීසිය කියයි. 17 June 2018
දෙහිවල නාගරික මන්ත්‍රීට වෙඩි තැබු ගිනි අවිය වෙලකින් හමුවෙයි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට වෙඩි තැබීමට යොදාගත් බවට සැක කරන ටී 56 ගිනි අවිය හා ජීව උණ්ඩ 30 ක් සමඟ මැගසිනයක් මත්තේගොඩ කුඩමාදුව වෙල් යායක බෝක්කුවක් යට තිබියදී ඊයේ (17) හමු වු බව මත්තේගොඩ පොලීසිය කියයි. 17 June 2018
සිංහරාජයේ අලි විරෝධය කඩාකප්පල්කිරීමේ තැතක් සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට පිටුවහල් නොකර ඔවුන්ගේ ද ගම්වාසීන්ගේ ද ජීවිත සුරක්ෂිත කිරීමට යාන්ත්‍රණයක් සකසන්නැයි ඉල්ලමින් රක්වාන රඹුක මංසන්ධියේ අද (17) දවල් තමන් පැවැත්වූ 17 June 2018
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබු සැකකරුවන් කතරගමට පොලිසියට කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ බවට චෝදනා ලැබූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු අද (17) සවස වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට රැගෙන ගියේය. 17 June 2018
පර්පචුවල් ට්‍රෙෂරීස් වෙතින් විවිධ පුද්ගලයන්ට අවස්ථා 45,000 කදී ලක්ෂ ගණන් ගෙවීම් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට අවස්ථාවන් 45,000 කදී පමණ රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ. 17 June 2018
‘ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවීමට බන්ධනාගාර නිලධාරීන්ට අයිතියක් නෑ’ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගලවා ජම්පරය ඇන්දවීමට බන්ධනාගාර නිළධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බවත් ඔවුන් එවැනි තීරණයක් 17 June 2018
වනජීවී ඇමැති සිංහරාජයේ අලි ඇල්ලීමේ තීරණය වෙනස් කරයි ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වෙසෙන වන අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස වනජීවී අමාත්‍ය මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (17) නියෝග කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පැවසුවේය. 17 June 2018
අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය නවතම පාවාදීමයි සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය කිරිම වත්මන් ආණ්ඩුවේ නවතම පාවාදීමක් වන අතර එය ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කළ විදේශ බලවතුන්ගේ අවශ්‍යතා ඉටුකිරිමයැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 17 June 2018
පොලිස්පති භාවනා කරනවා හිටපු ජනපති මහින්ද කියයි පාතාලයේ ක්‍රියාකාරකම් එන්න එන්නම වැඩි වෙනවා.මේවාට රජය සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි. පොලිසිය හරහා මේවා මැඩ පැවැත්විය යුතුයි. පොලිස්පති භාවනා කරනවා. පාතලය මර්දන කිරිම පැත්තක තබා රජය තමන් පසුපස එලවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) අනුරාධපුරයේ දී පැවසීය. 17 June 2018
අධිකරණ සිර මැදිරියෙන් පැන ගිය රැදවියෙක් යළි බාරවෙයි ගාල්ල බන්ධනාගාරය මගින් පාලනය වන බලපිටිය අධිකරණ භුමියේ පිහිටි සිරමැදිරිය තුළ රදවා සිටි රැදවියන් දෙදෙනෙකු අද (17) අලුයම 4.35ට පමණ සිරමැදිරියේ දොරකඩාගෙන පලාගොස් ඇත. 17 June 2018
කොටි කාලේ බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය කිලිනොච්චියේ ළිඳකින් මතුවෙයි කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය හා ක්ලේමෝ බොම්බ තොගයක් හමු වී ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 17 June 2018
‘ පෞද්ගලික රෝහල් වැට් බද්ද ලබන සතියේ ඉවත් කරනවා‘ -මංගල යහ පාලන ආණ්ඩුව මගින් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දී පැවසීය. 17 June 2018
අල්ලස් ගත් සමෘද්ධි නිලධාරියා 20 දක්වා රිමාන්ඩ් කොළොන්න සමෘද්ධි බැංකුවෙන් රුපියල් පහළොස් දහසක ණය මුදලක් අයදුම්කළ සමෘද්ධිලාභියෙකුට එය ලබාදීම කඩිනම් කිරිම සඳහා රුපියල් දෙදහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දහසක් ගනිද්දී පසුගිය සෙනසුරාදා (16) අල්ලස් හෝ දුෂණ මර්දන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරයෙක් මේ මස 20දා තෙක් රිමාන්ඞ්භාරයේ තැබීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය. 17 June 2018
සමෘද්ධි සමීක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක් සමෘද්ධිලාභී ලැයිස්තු යාවත්කාලීන කිරීමේ අරමුණෙන් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍යාංශය මගින් 2017 වසරේ ආරම්භ කළ සමීක්ෂණය අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදලක් නාස්ති වී ඇතැයි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 17 June 2018
සුචී විදුහල්පතිනියට වන්දි ගෙවා නෑ - ලංකා ගුරු සංගමය නායකත්ව පුහුණු වැඩසටහනකදී හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනි රෝහිණි අතපත්තු මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ප්රදානය කළ බවට අධ්‍යාපන අමාත්‍යාංශ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නේ යැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 17 June 2018
දියගල මාර්ගයේ එක් මංතීරුවක් වසයි මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේ නාය ගොස් ඇති පස් නිසි ලෙස ඉවත් කිරිමට නොහැකි වීමත් සමඟ තවදුරටත් එම මාර්ගයේ එක් මංතිරුවක් වසා දැමිමට පියවර ගෙන ඇත. 17 June 2018
බුලාගලදී වෑන් රියක් පෙරැළි එකම පවුලේ 15 ක් රෝහලේ දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී අද (17) උදෑසන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්පෝමරයක හැපීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ 15 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 17 June 2018
කොබවක හිමිට වෙඩි තැබූ කපුවා ඇතුළු දෙදෙනා අල්ලයි කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ බව කියන මහසෙන් දේවාලයේ හිටපු කපුවා ඇතුළු තවත් සැකකරුවන් තිදෙනකු මීට සුළු මොහොතකට පෙර පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 16 June 2018
ළමාරක්ෂක නිලධාරීන් 116 දෙනකුගේ පත්වීම් ගැන විමර්ශන ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි පත්වීම් 116 සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා ලංකාදීප යට පැවැසීය. 16 June 2018
කෘෂිකර්ම අමාත්‍යාංශය පෙට්ටි කඩයක් නොවේ - ඇමැති අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ (බී.ජේ.පී ටවර්) බදු ඔප්පුව අමාත්‍යාංශය සතුව නැති බවට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කළ දැනුම්දීම ගැන තමා සොයා බලන්නේ යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීප යට පැවැසීය . 16 June 2018
මාතලේ ආරුක්කු පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණයට බ්‍රිතාන්‍ය සමයේ ඉදිකළ බවට සැලකෙන මාතලේ නගරය ආසන්නයේ පිහිටි දියබුබුල ආරුක්කු පාලම පුරා විද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සකස් කරමින් පවතින බව මාතලේ කොට්ඨාශයේ පුරාවිද්‍යා ආරක්ෂණ ඒකකය පවසයි. 16 June 2018
දියනෑමට ගිය සිසුවකුගේ සිරුරක් කම්මල්තොට වෙරළෙන් හමුවේ මීගමුව පළගතුරේ මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදහන් වූබව පැවසෙන සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද (16) උදෑසන කම්මල්තොට මුහුදු වෙරළට ගොඩගසා තිබියදි මියගිය සිසුවාගේ පවුලේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. 16 June 2018
ලෝක කුසලාන තරගාවලියට ඩ්‍රෝන බෝම්බ තර්ජනයක් ඩ්‍රෝන බෝම්බ යොදා ගනිමින් රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය විනාශ කරන බවට අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අනතුරු අඟවා තිබේ. 16 June 2018
කෝටි දෙකක කේරල ගංජා වැලිසරදී අල්ලයි රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 200 කට ආසන්න තොගයක් වැලිසරදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 June 2018
වෛද්‍යපීඨ ආචාර්යවරු කොතලාවල ඉගැන්වීම් නතර කරති වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර නොගන්නා ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරු කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර සිටිති. 15 June 2018
සැකකරුවන්ට වෙඩි නොතැබුවේ ඇයි දැයි සොයයි කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේදී උන්වහන්සේට ආරක්ෂාව සලසමින් පොලිස් නිලධාරියකු හා සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිට ඇතැත් ඒ නිලධාරීන් වෙඩි තබා පලායමින් සිටි පුද්ගලයින්ට වෙඩි නොතැබුවේ ඇයිදැයි පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 June 2018
හෙට රාමසාන් නව සඳ නිරීක්ෂණය වීම නිසා ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් හෙට (16) දිනයේදී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය අද (15) නිවේදනය කළේය. 15 June 2018
දඩ කොළ ප්‍රා.ලේ කාර්යාලවලට ගෙවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි පොලිසියෙන් රථවාහන වැරදිවලට නිකුත් කෙරෙන දඩ කොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගෙවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 15 June 2018
ලොරියකට යටවී අයෙකු මරුට - 3කට තුවාල බටුවන්දර සුසාන භූමියේ මිනී වලක් කපා ගිමන් හරිමින් සිටි පිරිසක් අතර සිටි පුද්ගලයෙකු අසල තිබූ ලොරියක් පනගැන්වීමේදී එම ලොරිය ගිමන් හරිමින් සිටි පිරිස යට කරගෙන යාමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පිලියන්දල පොලිසියි කියයි. 15 June 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026