භූතාන කතුන් ඉරාකයට යැවු ලාංකිකයා අත්අඩංගුවට ව්‍යාජ ගුවන් ගමන් බලපත් මඟින් භූතාන කතුන් තිදෙනෙකු නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා ඉරාකයට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සංචාරක නියෝජිතවරයෙකු ඉන්දියාවේ මුම්බායිහිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (15) වාර්තා කළේය. 15 June 2018
දෙමළ ඩයස් පෝරාවේ 13 දෙනාට සිරදඬුවම් දීම ස්විස් අධිකරණය ප්‍රතික්ෂේප කරයි කොටි සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කළ සැකකාර ශ්‍රී ලාංකික දෙමළ ඩයස් පෝරාවේ 13 දෙනෙකුට සිරදඬුවම් නියම කිරීම ස්විට්සර්ලන්ත මධ්‍යම අපරාධ අධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි එරට පළවන ස්විස් ඉන්ෆෝ පුවත් සේවය වාර්තා කර සිටියි. 15 June 2018
මීගමුවේ දිය නෑමට ගිය සිසුහු දෙදෙනෙක් අතුරුදන් මීගමු මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුහු පස් දෙනකුගෙන් හතර දෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇතැයි ද, ඉන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කළත් තවත් දෙදෙනකු අතුරුදන්වී ඇතැයි ද පොලිසිය කියයි. 15 June 2018
ගුවන් ප්‍රහාරයකින් තලේබාන් නායකයා මරුට ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායක මුල්ලා ෆස්ලූලාහ් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇෆ්ගනිස්තාන නිලධාරියෙක් අද (15) පැවැසීය. 15 June 2018
ඉන්දීය ජනපති තමිල්නාඩුවේ ඉල්ලීම් ඉවත දමයි ඉන්දියාවේ හිටපු ජනාධිපති රජිව් ගාන්ධි ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවන් වී සිරඳඬුවම් ලබන හත් දෙනා නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු ආණ්ඩුව කරන ලද ඉල්ලීම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 15 June 2018
තැපැල් වර්ජනයෙන් විභාග ගාස්තු ප්‍රමාද වූවනට සහන තැපැල් වර්ජනය හේතුවෙන් මෙතෙක් තරඟ විභාග ගාස්තු ගෙවීමට නොහැකි වූ විභාග අපේක්ෂකයන් සදහා ප්‍රදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් එම මුදල් ගෙවීම සදහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදිපයට පැවසීය. 15 June 2018
ඥාණසාර හිමිගේ තීන්දුව මානව හිමිකම් සුරකින්නන් ලැබු ජයග්‍රහණයක් බලහත්කාරයෙන් අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කිරීමේ සිද්ධියට 15 June 2018
උතුරු මහ ඇමැති රාජිතගෙන් ප්‍රශ්න කරයි දෙමළ ජනතාවගෙන් උදුරාගත් අයිතිවාසිකම් ඔවුනට හිමිකර දෙන්නැයි බලකිරීම ජාතිවාදයක් වේදැයි තමන් ඇමැති රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්න කර සිටින බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. 15 June 2018
කිරිවෙහෙර පුද බිමට පොලිස් ආරක්ෂාව කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් හට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව කතරගම පුදබිමට පැමිණෙන රථ වාහන සීමා කර පුජා භුමියට රැකවරණය ලබා දිමට පොලිසිය කි‍්‍රයා කර ඇත. 15 June 2018
වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට ප්‍රසිද්ධ පාතල කල්ලි නායකයකු වන වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයා බව පැවසෙන ප්‍රදීප් අප්පුහාමි නැමැත්තා රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 120 ක් ද, අවි ආයුධ, 15 June 2018
විවාහ වු බවට කූට ලේඛන සැකසු සෙබළියක් අත්අඩංගුවට යුධ හමුදා පොදු සේවා බලකායට අනුයුක්තව සිටි වසර 8ක කාලයක් සපුරන සෙබළියක් තමා විවාහ වූ බව හැඟවෙන කූටව සැකසූ ලේඛනයක් විවාහ සහතිකය ලෙස පනාගොඩ යුධ හමුදා කඳවුර වෙත ඉදිරිපත් කරන ලද කටුකුරුන්ද කළමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මේ වන විට නීත්‍යානුකූලව විවාහ නොවු සෙබළියක් කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් කළුතරදී අත් අඩංගුවට ගත් බව කියයි. 15 June 2018
කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ සුව අතට වෙඩි ප්‍රහාරයකට ලක්ව නාරහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 15 June 2018
කොටි සැඟවු රන් සොයන්න ගිය සිව්දෙනෙක් අත්අඩංගුවට කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථානයක කොටි ත්රස්තවාදීන් විසින් වළදමා තිබෙන රත්‍රං තොගයක් සෙවීම සඳහා සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන්කරමින් සිටි ව්‍යාපාරිකයින් සිව්දෙනකු ලෝහ ද්‍රව්‍ය හදුනාගත හැකි ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අද (15) උදෑසන වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 15 June 2018
ඥාණසාර හිමිගෙන් ඇපෑලක් හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම්, දඩ හා වන්දි නියම කරමින් හෝමාගම 15 June 2018
හුංගම සුළගින් හානි වූවනට වන්දි හුංගම නගරයට හා මිණිඇතිලිය ගමට හැමූ තද සුළඟින් හානියට පත් වූ නිවාස වෙනුවෙන් නිවාස ලාභීන් 52 දෙනෙකුට රුපියල් පන් ලක්ෂ විසි දහසක මුදලක් දීම ඊයේ (14) සවස සිදු කළ බව අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් එච්.තිලකවර්ධන මහතා කීය. 15 June 2018
පාසලේදී අසනීප වූ දැරිය අටමස් ගැබිණියක් පාසලේදී හදිසියේ අසනීප වූ දහතුන් හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය අටමස් ගැබිණියක් බව අනාවරණය වූ බව තංගල්ල මූලික රෝහල් ආරංචිමාර්ග කියයි. 15 June 2018
රෝහල් ගාස්තු නොගෙවු විදේශිකයා අත්අඩංගුවට කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දීය ජාතිකයකු රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට අදාළ ගාස්තු නොගෙවීම සම්බන්ධයෙන් එම විදේශීකයා ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 June 2018
ව්‍යාජ මුදල් තොගයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට වීරකැටිය ගෝනදෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යනු ලැබූ ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයක් වටලා ව්‍යාජ මුදල් තොගයක් සමග සැක කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් වශේෂ කාර්ය බලකාය පවසයි. 15 June 2018
ඕස්ට්‍රේලියාවේ කටුස්සෝ ගුවනින් කටුනායකට එති කටුස්සන් වැනි සත්ව විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 June 2018
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එරෙහිව පැමිණිල්ලක් රජයේ වෛද්‍ය පීඨවලට විදේශීය සිසුන් බඳවා ගැනීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම් පැහැර හැර දුෂණ සිදුකර ඇතැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (14) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 14 June 2018
නායකත්ව පුහුණුවේදී මියගිය විදුහල්පතිනිය වෙනුවෙන් වන්දි නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ හිටපු විදුහල්පතිනිය වු රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය වෙනුවෙන් ජාතික රක්ෂණභාර අරමුදල යටතේ රුපියල් ලක්ෂ 20ක මුදල් පරිත්‍යාගයක් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය අද (14) පියවර ගත්තේය. 14 June 2018
අධිකරණ සිරමැදිරියෙන් පැනගිය තවත් රැඳවියකු අල්ලයි බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරියක් තුල රදවා සිටියදි පැනගිය තවත් රැඳවියකු කහදූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 14 June 2018
ජනපතිවරණයට එන්න අවශ්‍යතාවයක් නෑ - ගෝඨා 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් තමන් සැමවිට පවසන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ කවුද කියා තෝරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී පැවසීය. 14 June 2018
කසළ තේ කිලෝ ග්‍රෑම් 1800ක් අල්ලයි බලපත්‍ර රහිතව කසළ තේ කිලෝ ග්‍රෑම් 1800 ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (14) අනින්කන්ද ප්‍රදේශයේදී එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලීසිය පවසයි. 14 June 2018
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය එළිදකි රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය එළැඹෙන අගෝස්තු (9) වැනිදාට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු නිහාල් වික්‍රමසූරිය මහතා අද (14) පැවැසීය. 14 June 2018
නීතිය හා සාමය නියෝජ්‍ය ඇමැති මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි නීතිය හා සාමය , රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය ලෙස වැඩබාර ගත් නලින් බණ්ඩාර මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (15) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසය වෙත කැඳවා තිබේ. 14 June 2018
අලුත් ප්‍රධානීන් 7කගේ පැටිකිරිය හොයයි රජයේ ආයතන 7කට අලුතින් පත් කළ ප්‍රධානීන්ගේ ‘‘පැටිකිරිය‘‘ සොයා බැලීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත. 14 June 2018
පුරාවිද්‍යා ස්ථානයක කැණීම් කළැයි වෛද්‍යවරයකු ඇතුළු 6කට දඩ පුරාවිද්‍යා වටිනාකම් සහිත රජයේ ඉඩමක අනවසරයෙන් කැණිම් සිදුකළ වෛද්‍යවරයකු ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට සමන්තුර මහේස්ත්‍රාත් එම්.එච්.එම්.පසීල් මහතා අද රුපියල් 50000 බැගින් දඩ නියම කළේය. 14 June 2018
විමල් වීරවංශට වරෙන්තු නිකුත් කර ආපසු කැඳවයි අධිකරණය හමුවේ නියමිත වෙලාවට පෙනි නොසිටි ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු නිකුත් කළ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් නිල්මිනි රන්කොත්ගේ මහත්මිය මන්ත්‍රීවරයා පැමිණි පසු එම වරේන්තුව යලි කැඳවීමට නියෝග කළාය. 14 June 2018
සිංහරාජයේ අලි දෙදෙනා ඉවත් නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස් සිංහරාජ රක්ෂිතයේ සිටින දුර්ලභ අලි දෙදනා එම රක්ෂිතයේම රඳවා තබන ලෙස වන නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ. 14 June 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026