( දියතලාව - ඩී.කේ.රත්න )
යුධ හමුදාවේ සරඹ උපදේශකවරයෙකු විසින් දියතලාව කදුරුගමුව ප්‍රදේශයේදී පාසල් ශිෂ්‍යයෙකුට විෂ මත් ද්‍රව්‍යයක් පෙවීම නිසා එම ශිෂ්‍යයා අද (11) බරපතල අසාධ්‍ය තත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇතයි දියතලාව පොලීසිය පවසයි.
දියතලාව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන දියතලාව කදුරුගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහසයක පාසල් ශිෂ්‍යයෙකු මෙසේ අසාධ්‍ය තත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම පාසල් ශිෂ්‍යයාගේ පියාද යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටින අතර යුධ හමුදාවේ සරඹ උපදේශකවරයා ඔවුන්ගේ හිතවතෙකු බවද පොලීසිය කියයි.
මත් ද්‍රව්‍යයක් පෙවීම නිසා අසාධ්‍ය තත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ පාසල් ශිෂ්‍යා මේ වන විට දියතලාව මූලික රෝහලේ පහේ වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
මේ පිළිබදව පාසල් සිසුවාගේ දෙමාපියන් විසින් දියතලාව පොලීසියට පැමිණිලි කර තිබේ. සිද්ධියට සම්බන්ධ යුධ හමුදාවේ සරඹ උපදේශකවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතයි පොලීසිය කියයි.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි දියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ඒ.හරිත් මහතාගේ අධීක්ෂණය යටතේ දියතලාව පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ස්ථානයේ හැම අවුරුද්දෙම හරියට ළමා අපචාර සිද්ධ වෙනවා. සමහර කැඩෙට් ගුරුවරු පිරිමි ළමයින් සමග පාසලේ ඉඳලම "හමුවීම්" යොදාගෙන යන්නේ. යෝජනාවට අකමැති වුණොත් දඬුවම් කරනවා. මම උගන්වපු පාසලේ එහෙම දෙයක් වෙනවා දැකල පැමිණිලි කළාම මාව වෙනත් පාසලකට මාරු කළා... දේශපාලන බලතල පාවිච්චි කරලා.
හිතවත් මුවාවෙන් එන වසවත්තු...
මේක විශ්වාශ කරන්න බැහැ. ශ්‍රී ලංකා හමුදාව කියන්නේ ලෝකේ විනය ගරුකම හමුදාවයි.
මෙය විශ්වාස කල නොහැක
මමත් ඉස්කොලේ යන කාලේ නිවාසාන්තර ක්‍රීඩා සඳහා කූඩාරම් හදන්න හවස ඉඳලා ඔහොම දෙයක් සිද්ධ වුණා. එ්ත් දැන් කාලේ වගේ නෙමෙයි ලැජ්ජාවට කාටවත් කිව්වේ නැහැ .
රණවිරුවන්ට අත නොතබනු!
පින් ඇත්තෝ විතරක් උපදිනවා යැයි කියන රටේ පිරිමි ළමයෙක්ටවත් පාරේ බැහැලා යන්න බැහැ.