(ශිරාන් රණසිංහ )
විභාග රාජකාරීවල නිරතව සිටින විදුහල්පතිවරු හා ගුරුවරුන්ට ගෙවන දීමනා වැඩි කරන්නැයි ලංකා ගුරු සංගම ඉල්ලා සිටී.
මේ වන විට විභාග ශාලාධිපතිවරයකුට දිනකට ගෙවනු ලබන්නේ රුපියල් 1500 ක් පමණක් බවත් නිත්‍ය නිරීක්ෂකට නිලධාරීයාට රුපියල් 1300 ක් ද අතිරේක නිරීක්ෂකයකුට රුපියල් 1200 ක්ද සම්බන්ධිකරණ නිලධාරියෙකුට රුපියල් 1700 ක්ද අලුතින් පත් කළ අතිරේක ශාලාධිපතිට රුපියල් 1500 ක දීමනාවක් හා ගමන් ගාස්තු 600 ක් සමඟ රුපියල් 2100 ක් ගෙවන බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා පවසයි.
කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1500 ක් පමණ යැයිද මේසන් බාස්වරයකුගේ දෛනික වැටුප 2500 ක් යැයිද ඒ මහතා පෙන්වා දෙයි.
විදුහල්පතිවරු හා ගුරුවරු කම්කරුවකුගේ වැටුපකට ඇද දමා තිබීම නිසා බොහෝ අය විභාග රාජකාරී කිරීමට අතෘප්තිමත්ම සිදු කරන බව ද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් සිදුකළ යුතුයි. අතිරේක ශාලාධිපති පත්වීම් අවශ්‍ය නැත. ඵම 2100/= රාජකාරියේ නිරත නිලධාරින් හට දීම සුදුසුයි. අවදානම ගන්නා ශාලාධිපතිට අවම දීමනාව 2500/= නි.නි.ට 2200/=නිරීක්ෂක 2000/= හා සුලු සේවක 1500/=දිස්ත්‍රික්කය තුල අධීක්ෂන නිලධාරි සිටද්දී අතිරේක අය මොකටද?
ඔය විභාග කාලේ සාමාන්‍ය මාසික පඩිය ගෙවන්නේ නැති ද? හොදම දේ ඉදිරිපත්වන අපේක්ෂකයින් ගණන සහ විභාගය පැවත් වූ කාලය අනුව දීමනාවක් ගෙවීම.
කම්කරුවා උදේ සිට සවස 05 දක්වා බර වැඩ කරනවා. මේසන්කරුවා කිසියම් වෘත්තිය දැනුමක් ඇතිව එක දිගටම වැඩ කරනවා. විභාග ශාලා වල කොල බෙදන්න වෘත්තිය දැනුමක් අවශ්‍ය නැහැ අට පාස් කොල්ලන්ටත් නිවැරදිව කරන්න පුලුවන්
කෝච්චි රියදුරෙක් මාසෙකට රුපියල් 275000/- ගන්නකොට පලමුවැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 55000/- යි. සත්‍ය වැටුප් විෂමතාවය කියන්නෙ ඒකටයි. කෝච්චි රියදුරු කෙනෙක් විභාග ශාලාධිපතිකම කලොත් දවසකට රුපියල් 5000/- දෙන්න වෙනවා.
නිවට කරනවැමිය දුටුවහම එළුවාත් නිකට පානවා කියල කතාව මතක් උනා. මහත්තයෝ තමුන්නාන්සේලාට පඩියට අමතරවනේද ඔය දීමනා දෙන්නේ. ඔය විධියට ඉල්ලන්න ලජ්ජා නැද්ද? ජනතාව මිරිකා මිරිකා රජය ණය ගෙවනවා. සැප වාහන ගෙන්නනවා. ඔය කට්ටිය තවත් වැඩි පඩි ඉල්ලනවා. මේසන් වරුන්ට කම්කරුවන්ට වෙන පඩියක් නැහැ. ලැබෙන්නේ දවසේ පඩිය විතරයි. එමිනිස්සු කරන වැඩ වලින් 10 න එකක්වත් ඔයාල කරනවද? දුප්පත් මිනිස්සු ගැන හිතන්නේ නැති ඔය වගේ මිනිස්සු ඉන්න තෙක් අපේ රටටනම් යහපතක් වෙන්නේ නැහැ.