( අංජුල මහීක වීරරත්න පුඬළුඔය සිට)
යහපාලන රජය පිහිට වුයේ පොඩි මිනිහාට උපකාර කිරීමට යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය පුඩළුඔයදී අද (12) පැවසිය.
රට ගිලගත් දැවැන්ත නාය යාම ගෙවා දමන අතර සියලුම ජනතාවට අනාගතයක් බිහි කරන ගමන සඳහා අඩිතාලම දමා තිබෙන බව කී අගමැතිවරයා 2025 ශක්තිමත් රටක් ගොඩනැගීම සඳහා සියලුම ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවඳ කීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ඉන්දීයේ ආධාර යටතේ ඉදි කෙරැණු නුවරඑළිය පුඬළුඔය ඩන්සිනන් වතු යායේ ඉදි කෙරුණ මහත්මා ගාන්ධි ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
පර්චස් 7ක භූමියක් සහිතව තනි නිවාස 404 ක් මෙදින විවෘත කෙරිණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාද වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම උත්සවයට සුබ පැතීය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ පොරොන්දුව්කට අනුව තවත් නිවාස දස දහසක් ඉදි කිරීම සඳහා අදාළ ගිවිසුමට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා මෙහෙදී අත්සත් තැබීය.





(ඡායාරූප - ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, සුරෙන් රත්වත්තේ, මහින්ද රාජපක්ෂ වගේ පොඩි අයටද?
මෙයාගේ පොඩි මිනිහා අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්ලා තමයි.
මහ බැංකුව හොරකම් කරන්න "උදව් උපකාර" කලේ ලොකු හරකුන්ට වෙන්න ඇති නේද?
අම්මේ තියෙන අනුකම්පාව. පොඩි මිනිහ නම් හාන්සියි. සැපට නිදි. කෝ පඩි ටික වැඩි කරගන්න පොඩ්ඩක් බැරුව ගියානේ....
පොඩිමිනිහට උදව් කරන්න වෙන්න ඇති බස්ගාස්තු, ලාම්පු තෙල් මිල වැඩි කලේ. කාර් මිල අඩුකරලා, දැන් පොඩි මිනිස්සු පොඩි කාර් වල බොහොම උජාරුවට යන්නේ. මේ ලඟදිත් පොඩි කාර් මිල ලක්ෂ 4 කින් වැඩි කලානේ... මේ කතාකරන්නේ රෙදි ඇඳගෙනද?
සරදියෙල් වගේමයි. බැංකු කඩලා පොඩි මිනිහට පිහිට වෙන්න හිටියේ...
එ් නිසාද අරාබිකරයේ මෙහෙවරකම කර එවන වැටුපට බදුගසා ඇමතියන්ට බදු සහන දුන්නේ? අන්තිමට යනකොට යන්නේ පොඩිමිනිහාට කෙලලාය.
අපි වගේ පොඩි මිනිස්සු ගැන හිතන ඔබට පින්... 2017 අවුරුද්දේ අපේ දුප්පත්කම නැති කරපු නිසා දැන් අපි තුන්වේල හොඳට කාලා බීලා, බොහොම සන්තෝෂයෙන් අපේම කියන වාහනයකින් ගමන් බිමන් යනවා. අනේ නොදකින් දුප්පත් මිනිසුන්ගේ දුක නොතේරෙන මේ වගේ කාලකන්නි පාලකයෝ. රටේ සම්පත් මේ අයගේ අම්ම තාත්තගේ බූදලයෙන් ලැබුණා වගේ විකුණන් කනවා.
අනේ ඔවු මහත්තයෝ සම්පුර්ණ ඇත්ත. පොඩිමිනිහට නම් නියම සැප.
පොඩි මිනිසුන්ට ගන්න තිබුන වාහන ගණන් ඇරියේ ඒ නිසාද... බයිලා කියන්න එපා.
ඇති එකා කතිබොති, නැති එකා හැමදාමත් උලාකාපු එකනේ කලේ මොන පාලනයක් ආවත්.
පොඩි මිනිහට පිහිට වෙලා තියෙන විදියට ඒ මිනිස්සුන්ට වහ තමා බොන්න ඉතුරු වෙලා තියෙන්නෙ.