(ශිරාන් රණසිංහ )
දුම්රිය වාර ප්‍රවේශපත් පෙන්වා ලංගම බස්රථ වල නොමිලේ ගමන් කිරීමට අද (12) දහල් සිට නතර කිරීම නිසා ලංගම බස් රථවල ගමන් කිරීමට පැමිණි දුම්රිය මගීන්ට ටිකට්පත් ගෙන බස් රථ වල ගමන් කිරීමට සිදු වී තිබේ.
දුම්රිය වර්ජනය අවසන් වුවද දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වී නොතිබීම නිසා මගීහු දැඩි අසීරුතාවට පත් වු අතර මගිල් හා බස් කොන්දොස්තරවරු හා බහින්බස් ඇති වීම්ද දිකින්ට ලැබුණි.
මේ සම්බන්ධයෙන් ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතාගෙන් විමසීමෙදී ඒ මහා සඳහන් කළේ දුම්රිය වර්ජනය අවසන් වුවද යථා තත්ත්වයට පත්වන තුරු දුම්රිය මගින් නොමිලේ ලංගම බස්රථ වල ගෙන යෑම සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.
නමුත් ලංගම බස් රථ වලට ගොඩ වු දුම්රිය වාර ප්‍රවේශ පත් හිමි අයට අද (12) මුදල් ගෙවා ගමන් කිරීමට සිදු වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කොහොමද දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් බස් එකේ යන්නේ? ඒක වැරදි නැද්ද? බස් යනවනම් සල්ලි දීලා යන්න ඕන.