මියගිය කොටි වෙනුවෙන් වන්දි ගෙවීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඇමති විරෝධය යුද සමයේ ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම යටතේ යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ටද වන්දි ගෙවීම සඳහා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමති ඩී.එම්.ස්වාමිනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඇමතිවරුන් කිහිප දෙනෙකු විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ. 12 June 2018
දරුවාට වූ අසාධාරණය අහන්න කෙනෙක් නැතිව අම්මා වස බොයි තලවතුගොඩ පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය තුළදී වස පානය කර සියදිවි හානි කරගැනීමට තැත් කළ මවක් මවක් අද (12) සවස කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 12 June 2018
තංගල්ල ප්‍රා.සභාවේ හිටපු සභාපති රෝද පුටුවෙන් අධිකරණයට බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි චෝදනාවට වරදකරු කරමින් තමන්ට පනවා ඇති වසර විස්සක සිරදඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා තංගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ගොනු කළ අභියාචන පෙත්සම් විභාගය අද (12) කැඳවූ අවස්ථාවේදී හිටපු සභාපතිවරයා රෝද පුටුවකින් කොළඹ අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණය වෙතට පැමිණ සිටියේය. 12 June 2018
භූමිතෙල් 70 ට දෙන්න කැබිනට් අනුමැතිය භූමිතෙල් ලීටරයක මිල අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 70 දක්වා අඩුකිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. 12 June 2018
විදුලි බල මණ්ඩලයේ පාඩුව ලක්ෂ 16 යි - දඩය රුපියල් 10,000 යි කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකුට රුපියල් 10,000ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් ලක්ෂ 16කට අධික පාඩුව ගෙවීමටද විත්තිකරුට අද (12) නියම කළාය. 12 June 2018
උපාධිධාරීන් 5000කට රජයේ රැකියා උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ පළමු අදියරේ දී උපාධිධාරීන් 5000 කට කඩිනමින් රැකියා ලබාදීමට රජය තීරණය කර ඇත. 12 June 2018
සරත් කුමාර ගුණරත්න නඩුවේ අධි චෝදනා ගොනු කෙරේ මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් මුදල් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිනපොත් මුද්‍රණය කොට රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් කළ බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකොන් මහතා අද (12) බාර දෙන ලදී. 12 June 2018
අමාත්‍යංශ ලේකම්වරු පාර්ලිමේන්තුවට කැඳවති සියලුම අමාත්‍යංශ ලේකම්වරු අද (12) පාර්ලිමේන්තුවට කැඳවනු ලැබූහ. 12 June 2018
‘රටේ කප්පරක් ප්‍රශ්න තිබියදී අලුතින් ඇමැතිවරු පත් කරනවා‘ ජනතාව කප්පරක් ප්රශ්නවල පැටලී සිටියදී අලූතින් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. 12 June 2018
මට්ටක්කුලියේ ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය වසයි කොළඹ,මට්ටක්කුලියෙහි පිහිටි උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය ඉකුත් සිකුරාදා (8) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ. 12 June 2018
පොළොන්නරුව මහ රෝහලේ හෙදියෝ වැඩ වරති විද්‍යා විෂය ධාරාවට අමතරව කලා /වාණිජ විෂයන් ගෙන්ද හෙද සේවයට බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය වහාම වෙනස් කරන ලෙස හා 2016 වසරේ සිට පවතින හිඟ දීමනා ලබා දෙන ලෙසට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියෝ අද(12) 12 June 2018
හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමතිට දුන්නේ කනේ පාරක් -සරත් වීරසේකර සිවිල් ආරක්ෂක බලකා කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාරය උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජලිංගම් යන මහත්වරුන්ට එල්ල කළ කනේ පහරක් බවත් මෙම සිද්ධිය පාදක කරගෙන ඔවුන් සිය ධූර වලින් ඉල්ලා අස්විය යුතු බවත් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹදී පැවසීය. 12 June 2018
තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමයි තැපැල් සේවක ගැටළු සඳහා වහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති 23 ක සේවකයෝ ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද (12) වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමා තිබෙන අයුරු දැකගත හැකි විය. 12 June 2018
තංගල්ල හිටපු ප්‍රා.සභාපති ඇතුළු 4 දෙනාගේ පෙත්සම කල්යයි 2012 වසරේ තංගල්ල ප්‍රදේශයේ දී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු මරා දමා ඔහුගේ රුසියා ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර වසර 20 ක් බැගින් සිර දඬුවම් නියම වී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් හතරදෙනකු 12 June 2018
ආණ්ඩුවට බණින අයට ‘පරිණත ප්රජාතන්ත්රවාදය‘ තේරෙන්නේ නෑ - හරීන් ආණ්ඩුවට කොන්ද පණ නැති බව ඇතැමුන් කියන්නේ ඔවුනට පරිනත ප්රජාතන්ත්රවාදය නොතේරෙන නිසා බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය. 12 June 2018
කටුනායකින් රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට තම ගමන් මල්ලේ සඟවා ගෙන කටාර් රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 5 ක් අද (12) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය. 12 June 2018
නාමමාත්රික විධායක ජනපති ධූරයට පෝද්දලින් විරුද්ධ වෙති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය වෙනුවට නාමමාත්ර විධායක ජනාධිපති ධූරයක් ඇතිවීමෙන් රට අස්ථාවර වන බැවින් එම සංශෝධනයට විරුද්ධ විය යුතු යැයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට ගෙන එන ලද යෝජනාවක් අද (12) වැඩි ඡන්ද නමයකින් සම්මත විය. 12 June 2018
යාපනයේ දෙමළ ජනතාව ටී.එන්.ඒ. නායකයා එළවා ගනිති දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේ පැවති විරෝධතාවකට සහභාගී වූ අවස්ථාවේදී එහි සිටි විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවිය. 12 June 2018
ඇමරිකාවෙන් උතුරු කොරියාවට සහතිකයක් “ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබඳතා” සහ “ආරක්ෂක සහතිකය” යන කරුණු ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අත්සන් කළ ලියවිල්ලේ සඳහන්ව ඇතැයි වාර්තා වේ. 12 June 2018
යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ් බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ දී සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින යශෝධ රංග බණ්ඩාර ජුනි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පි අබේසිංහ මහතා අද (12) නියෝග කළේය. 12 June 2018
ට්‍රම්ප් -කිම් විස්තීර්ණ ලියවිල්ලකට අත්සන් තබති ඓතිහාසික හමුවෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘විස්තීර්ණ’ ලියවිල්ලකට අත්සන් තැබූහ. 12 June 2018
ළමා ශ්‍රමිකයන් ගැන 1929 ට කියන්න ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (12)ට යෙදී ඇති අතර මෙවර ජාත්‍යන්තර දිනයේ තේමාව ’’දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය යහපැවැත්ම’’ යන්නයි. 12 June 2018
සංශෝධිත පැමිණිල්ල සැප්තැම්බර් 17 ට ඉදිරිපත් කරන්නැයි නියෝග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණිමට විරුද්ධත්වය දක්වා මාර්ගය අවහිර කර උද්ඝෝෂණය පැවැත්වු බව කියන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුන් 07 දෙනකු සම්බන්ධ නඩුවේ සංශෝධිත පැමිණිල්ලක් ලබන සැප්තැම්බර් 17 12 June 2018
නුවරඑළිය හිටපු නගරාධිපතිට සිතාසි අල්ලස් පනතේ දුෂණය නම් වරදක් සිදු කළැයි නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද කුමාර මහතාට ලබන අගෝස්තු 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සිතාසි නිකුත් කළේය. 12 June 2018
ට්‍රම්ප්ගෙන් කිම්ට ධවල මන්දිරයට ආරාධනයක් සිංගප්පූරු හමුව එසේත් නැතිනම් ‘ට්‍රම්ප්-කිම්’ හමුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට ධවල මන්දිරයට ආරාධනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 12 June 2018
ජනපති මෛත්‍රීට පොහොට්ටුවේ සහාය දෙන්නේ නෑ - ජී. එල්. පීරිස් බැලූ බැල්මටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය ඇතැයි පෙනෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත් සහය නොදෙන බව එම පක්ෂයේ නිල නායකයා වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ. 12 June 2018
‘ හමුදා කර්නල්වරයා ඉදිරියේ හඩා වැටීම කොටි සංවිධානයට කළ ද්‍රෝහි කමක්‘ - එම්.කේ.සිවාජිලිංගම් කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි කර්නල් වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයින් හඩා වැලපීම ඊලම ඉල්ලූ කොටි සාමාජිකයින්ට සිදු කළ ද්‍රෝහි කමක් බවට උතුරු පළාත්සභා දෙමළ ජතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා කියා සිටියේය. 12 June 2018
මගීන් නගිමින් සිටි බසයක බවුසරයක් ගැටී 4 කට බරපතළයි දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී බස් - බවුසර් හා යතුරුපැදි අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 12 June 2018
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 7 ක් ඇමැතිවරු වෙති එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හත් දෙනෙක් (12) රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ. 12 June 2018
කොටි කොඩිය දැමු තැන ස්මාරකයක් හදන්න ගිය උත්සහය අසාර්ථක වෙයි කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්ගම වූ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ස්මාරකයක් සැදීමට වැල්වැටිතුරෙයි නගර සභාව සූදානම් වූ උත්සහය අසාර්ථක වී ඇත. 12 June 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026