( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිරදඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද (8) විවෘත අධිකරණය හමුවේ දන්වා සිටියේය.
තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති ප්‍රිතී පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විවෘත අධිකරණය හමුවේ බව දන්වා සිටියේය.
මේ වන විට උන්වහන්සේ වකුගඩු ආශ්‍රිත රෝගාබාධයකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත්, ඊට අදාළව ශල්‍යකර්මයක් ද සිදු කිරීමට නියමිත බවද ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා දැන්වීය.
ඒ අනුව අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඥානසාර හිමියන් අපේක්ෂා කරන බවද හෙතෙම අධිකරණයට කීය.
ඊට අදාලව කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබාදෙන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය අදාළ අභියචනය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන කරුණු දැක්වීම ලබන 29 වැනි දා සිදු කිරීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයට අපහාස කළ වරදකට අධිකරණය ලබාදුන් තීන්දුවට අවනත වී එම දඬුවම විඳ අවසන් කිරීම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට වඩා අති ගෞරවාන්විතයි ගරු ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට අවශ්‍ය නම් මහණ දම් පුරන්නත් බන්ධනාගාරය තෝතැන්නක් කර ගන්න පුළුවන්. ඔබ වහන්සේට ඒ ඥානය පහළ වේවා යන්න අපේ පරම පූජනීය පැතුමයි.
නීතියද නැත්තම් බොරු දර්ශනයක්ද?
ඔය විනිසුරුවන් දෙදෙනා අවීචි මහා නරකාදියේ යනවා සිකුරුයි. ඔවුන්ගේ පාංශුකූලයට හාමුදුරුවරු කවුරුවත් වඩින්න එපා.
එතකොට උසාවියට ගල් ගහපු අයට මොකද්ද දෙන දඬුවම?