(ප්‍රියානි මංගලිකා)
ප්‍රවීණ රංගන ශිල්පියකු හා ප්‍රකට කලාකරුවෙකු වූ , නිකවැරටියේ පදිංචි එස්.එම්.ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (8) නිකවැරටිය රෝහලේදී අභාවප්‍රාප්ත විය.
සිනමා පට 30 සහ ටෙලි නාට්‍ය 100 අධික සංඛ්‍යාවක රඟපා ඇති ඉන්ද්‍රජිත් නාවින්න මහතා මිය යන විට 70 වැනි වියේ පසුවිය.
තිදරු පියෙකු වන නාවින්න මහතා සිය කලා දිවියේ 40 වසරද සපුරා සිටිති .
ඒ මහතාගේ දේහය නිකවැරටිය ජයන්ති මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සිකුරාදා (10) දින සවස 3.00ට බලගොල්ලාගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩිකාලෙ බැලුව බැද්දෙ ගෙදර ඔන්න යු ටියුබ් එකේ තියනවා. සුපිරියි. එකෙ මෙතුමා ලොකු එකාගෙ චරිතෙ කරා. අද යනකථා වලට වඩා ගොඩක් වෙනස් උත්කෘෂ්ඨයි. කථාව ජයසේන ජයකොඩි. තීම් සෝන්ග් එක ගායනය නන්දා මාලනීමහත්මිය. ට්‍රිලීෂියා ගුණවර්ධන. චම්පා ශ්‍රියානි. ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපෑව. අකල්මාරුතෙන් ගිලිහී අගාධයක නොරැදුනු මල වසන්තයෙන් පිටමන්වී නිවන්නයක පහනක් වී. සුභගමන් මිත්‍රයා....
අපි බලමු මෙතුමාගේ මළගෙදරට එන නළු නිලියෝ කවුද කියලා.
අකාලයේ මිලින වූ ප්‍රතිභාපුර්ණ කළාකරුවාණෙනි ඔබට නිවන් සුව අත්වේවා !!!
නිවන්සුව ලැබේවා !!