විස කිරිපැකට් දුන්නැයි කළ බොරු චෝදනාව ගැන පැමිණිලි කරන්න යයි ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් ලබා දුන්නැයි එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදු කරන බව එජාපයේ මන්ත්‍රීවරු පිරිසක් පවසති. 10 September 2018
පවුල් පසුබිම් වාර්තාව අහෝසි කරන්නැයි ඉල්ලයි විදේශ රැකියා සඳහා යන කාන්තාවන් වෙනුවෙන් අනිවාර්ය වූ පවුල් පසුබිම් වාර්තාව ප්‍රශ්න රැසකට මුල් වී ඇති බැවින් එය ඉක්මණින්ම අහෝසි කරන්නැයි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමය (ඇල්ෆියා) රජයෙන් ඉල්ලීමක් කරයි. 10 September 2018
ජනපති දේශපාලන ලොක්කන්ට අනතුරු අඟවයි ගිං නිල්වලා යෝජනා ක්‍රමය සිදු නොකිරීම සම්බන්ධයෙන් පසුගිය රජයෙන් සිදුවූ දේවල් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන ආකාරයටම මෙම රජයේ අය එම යෝජනා ක්‍රමය ප්‍රමාද කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීමට සිදුවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොටදී අද(10) පැවසීය. 10 September 2018
‘කීත් නොයාර්ගේ සිද්ධිය ගැන නැවත ප්‍රකාශ සටහන් කරගත යුතුයි‘ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා දීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් නැවත ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය සඳහන් කළාය. 10 September 2018
වව්නියා පුරාවිද්‍යා ස්ථානයේ කෝවිලකට අවසර දෙන්න බැරි බව පුරාවිද්‍යා නිලධාරින් කියයි ඉපැරණි බෞද්ධ වෙහෙර නටඹුන් පවතින වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය පැරණි ශිලා ලිපි, පැරණි බෞද්ධ වෙහෙරක නටබුන්, පැරණි බෞද්ධ විහාරයක ලක්ෂණ පවතින හෙයින් එම ස්ථානයේ කෝවිලක් ඉදි කිරීමට ඉඩ නොදිය හැකි බව පුරා විද්‍යා නිලධාරීන් සඳහන් කළේය. 10 September 2018
ළිඳ සුද්ද කරද්දී කොටි කාලේ බෝම්බ හමුවෙයි මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුළ තිබී කොටි සංවිධානයට අයත් බෝම්බ , උණ්ඩ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව මුරුන්ගන් පොලීසිය පවසයි. 10 September 2018
වතුර වළකට වැටී දරුවෙක් මරුට අම්පාර බක්කිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ බක්කිඇල්ල ගම්මානයේ අනාරක්ෂිත වළකට වැටි වයස අවුරුදු 07 ක දරුවකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 10 September 2018
පුත්තලම ප්‍රා.සභා සභාපති ගුවන් තොටේ දී අත්අඩංගුවට පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර තිබු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද (10) කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 10 September 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රට ගිහින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදේ විදේශ ගතවී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. 10 September 2018
ගෝඨා විරෝධතා පෙත්සමක් ගොනු කරන්න යයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විභාග වන ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන නඩුව යළි කැඳවන ඔක්තෝබර් 09 වැනිදා නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ගොනු කිරීමට නියමිතය. 10 September 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සීඅයිඩියට නොපැමිණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි. 10 September 2018
යාන් ඔය ජලාශයේ වැඩ අවසන් අදියරේ මෙරට වාරි සිහිනය සැබෑවක් කරමින් ඉදිවන තෙවැනි විශාලතම ජලාශය වන යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 10 September 2018
ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනකුට අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු ලැබීය. 10 September 2018
අරුවක්කාළු දේපලවලට හානි කළැයි ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු අයෙක් අත්අඩංගුවට වනාතවිල්ලුව - අරුවක්කාළු ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කසල බැහැර කිරීමේ අංගනයට කඩා වැදී එහි දේපල වලට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන දෙදෙනෙකුව වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 September 2018
ගෝඨා විශේෂ මහාධිකරණයට පැමිණෙයි ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විශේෂ මහාධිකරණයට පැමිණියේය. 10 September 2018
විෂ සහිත කිරිපැකට් දුන්නා නම් උපරිම දඬුවම් - පොලිස්පති ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් දී ඇතැයි තහවුරු වුණොත් ඒ අයට උපරිම දඬුවම් දෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය. 09 September 2018
ගුවන් යානයක් කඩා වැටී 19ක් මරුට දකුණු සුඩානයේ අගනුවර ජුබා සිට යිරෝල් නගරය වෙත ගමන්ගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 19දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 09 September 2018
අල්ලස් චෝදනා ලැබූ ලොක්කන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට අල්ලස් චෝදනාවකට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. 09 September 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සීඅයිඩියට කැඳවයි කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හෙට (10) එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 09 September 2018
රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් නිදහස් කරන්න යයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි තමිල්නාඩු ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝහිත්ට නිර්දේශ කිරීමට එම ප්‍රාන්ත ආණ්ඩුව අද (9) තීරණය කළේය. 09 September 2018
වියළි කාලගුණය වෙනස් කරමින් පළාත් කිහිපයකට වැසි දැනට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වයේ මද වෙනසක් ඇතිකරමින් දිවයිනේ පළාත් කිහිපයකට අද (9) හෙට (10) සහ අනිද්දා (11) දිනවල සවස් කාලයේ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 September 2018
ඥානසාර හිමි යළි බන්ධනාගාර රෝහලට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (09) ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වැලිකඩ බන්ධනාගා රෝහලට මාරුකර යවා තිබේ. 09 September 2018
හිටපු ජනපති හෙට ඉන්දියාවේ සංචාරයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා හෙට (10) දහවල් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වන බව හිටපු ජනපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. 09 September 2018
ජාතික ආරක්ෂාව ගැන හමුදා මුලස්ථානයෙන් නිවේදනයක් පුද්ගලික හා දේශපාලනික හේතූන් මත ජාතික ආරක්ෂාව ඈඳාගනිමින් රජය, ආරක්ෂක අමාත්‍යාංශය හා යුද්ධ හමුදා නායකත්වය විවේචනය කිරීම සමස්ථ යුද්ධ හමුදාවම තරයේ හෙලා දකින්නේ යැයි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 September 2018
ලබන වසරේ අයවැය නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට ලබන වසරේ රජයේ අයවැය ලේඛනය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. 09 September 2018
ප්‍රාදේශීය ළමා ආරක්ෂකයන්ට මාස 9 කට පසු පත්වීම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම් ලාභීන් 116 දෙනාටම පත්වීම් ලබාදීමට මාස නවයකට පසුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත. 09 September 2018
නීතී විරෝධිව ඕස්ට්‍රේලියාවට ගිය ලාංකිකයෝ 103 ක් තවමත් සංක්‍රමණික කඳවුරුවල නීතිවිරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලංකිකයින් 103 දෙනෙක් තවමත් එරට ආගමන විගමන රැඳවුම් භාරයේ ඇති සංක්‍රමණික කඳවුරුවල සිටින බව ඕස්ටේ්රලියා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නවතම වාර්තාවල සඳහන්ව ඇත. 09 September 2018
සොරාගත් රන් අබරණ සමඟ 12 දෙනෙකු අත්අඩංගුවට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් නිවාස බිද සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුක්ත රන් ආබරණ සමඟ සැකකරුවන් 12 දෙනෙකු නොච්චියාගම ප්‍රදේශයේදි අද (09) අත්අඩංගුවට ගෙන තිබේ. 09 September 2018
අගමැති හෙට වියට්නාමයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා හෙට(10) පෙරවරුවේ වියට්නාමය බලා පිටත්වීමට නියමිතය. 09 September 2018
‘ජනබලයට ආ අය ශ්‍රීලනිප මුලස්ථානයට හූ කීම අනුමත කරන්න බෑ’ ජනබලයට සහාභාගී වු ඇතමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කිවු එක කිසිසෙත්ම අනුමත නොකරන බවත් එය තමන්ගේ අම්මාට අපහාස කළාට ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 09 September 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026