ගම්පහින් කොරෝනා ආසාදිතයන් 359ක් වාර්තාවෙයි ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 359 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 05 May 2021
මොරටු සරසවියෙන් තවත් ආසාදිතයන් අටක් මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු තවත් සිසුන් අට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 05 May 2021
භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයත් වසයි භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය සති දෙකක කාලයක් සඳහා වසා දැමූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. 05 May 2021
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කාර්යාලයේ අයෙක්ට කොරෝනා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගේ කාර්යාලයේ කාර්යසහයකයකු ‘කොවිඞ් 19’ ආසාදිතයකු යැයි හදුනාගැනීමත් සමඟ එම කාර්යාලයේ සෙසු සේවක සේවිකාවන් නිරෝධායනයාට ලක්කර තිබේ. 05 May 2021
දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කෙරේ තවත් දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 12ක් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. 05 May 2021
ආදායම් නැතිව කුරුණෑගල වෙළෙඳහල් වැසේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආදායම් නොැමති වීම හේතුවෙන් කුරුණෑගල නගරයේ ආපන ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් මේවනවිට වසා දමා ඇති බව වාර්තාවේ. 05 May 2021
අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (5) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 May 2021
කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොරෝනා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ‘කොවිඩ් 19’ ආසාදිත යැයි හදුනාගැනීමත් සමඟ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 10 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය. 05 May 2021
එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් කන්ටේනර් බහාලුම් භාවිතා කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් ඇතිකිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 05 May 2021
මහජන චීනයට ලාංකීය සම්ප්රදායේ විහාරයක් මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලාංකීය සම්ප්රදායේ බෞද්ධ විහාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇත. 05 May 2021
ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක් ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 05 May 2021
දෙහිවල, ගාල්ල, යාපනෙන් උසස් පෙළ හපන්නු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2020) ගණිත අංශයේ පළමු ස්ථානය හිමිකරගැනීමට යාපනය චාවකච්චේරි හින්දු විදුහලේ තනරාජ් සුන්දරභවන් සිසුවා සමත්ව සිටියි. 04 May 2021
පිටරට අය, මෙරටදී “ගෙටවීම“ තහනමි වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 04 May 2021
අද සමස්ත කාෙරා්නා ආසාදිතයන් සංඛ්‍යාව 1860 කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 710 දෙනෙක් අද (4) වාර්තා වී ඇත. 04 May 2021
කොරෝනාවෙන් බේරෙන්න කැලණියෙන් හෙල්මටයක් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි හෙල්මටයක් කැලණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර ඇත. 04 May 2021
කුරුණෑගල කොරෝනා රෝගීන් ගෙවල්වල කොරෝනා ව්‍යාප්තිය පැත්තෙන් ශ්‍රීලංකාව ඉන්දියාවේ තත්වයට කිට්ටු වෙමින් තිබෙන බවත් කුරුණෑගල අපේ පැත්තේ කොරෝනා රෝගීන් බොහෝ දෙනෙකු සිටින්නේ ගෙවල්වල බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද (4 )පැවසීය. 04 May 2021
ආණ්ඩුවේ පක්ෂ රැස්වීමට විමල්,උදයලා නෑ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ . 04 May 2021
කොරෝනා ආසාදිතයෝ 1150ක් හඳුනා ගැනෙති කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,150 දෙනකු අද වාර්තා වී ඇත. 04 May 2021
උසස් පෙළ හපන්නු හොරණ තක්ෂිලා විද්‍යාල මධ්‍යම මහා විද්‍යාලයේ සිසු දෙදෙනෙක් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූහ. 04 May 2021
අන්තර්ජාලයේ ඖෂධ වට්ටෝරු භයානකයි කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමට හැකි බව කියමින් අන්තර්ජාලයේ පළවන ඖෂධ වට්ටෝරු අත්හදාබැලීමෙන් වළකින්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම්දීමක් කරයි. 04 May 2021
මොරටුව නගර සභාව සේවා සීමා කරයි මොරටුව මහ නගර සභා කසළ අංගනයේ කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වීමත් සමග නැවත දැනුම් දෙන තුරු නගරසභාවෙන් සැපයෙන සේවාවන් රැසක් අත්හිටුවීමට පියවර ගත් බව මොරටුව නාගරික කොමසාරිස් සචිත් දර්ශන තෙවරප්පෙරුම මහතා පවසයි. 04 May 2021
කොරෝනා සටනට පුහුණු වෛද්‍යවරුන් හෙද හෙදියන් කැඳවයි කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්රය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බැවින්, පුහුණු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ද සේවයට කැඳවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. 04 May 2021
ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට නියම වූ නඩු සහ කඩිනමින් සලකා බැලීමට නියමිත පෙත්සම් සාමන්‍ය පරිදී කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතිය තුළදී ( 03 වැනිදා සිට 07 වැනිදා දක්වා ) සලකා බැලීමට නියමිත පෙත්සම් විවෘත අධිකරණයේ නොකැද වුවද , එම දිනවල විභාගයට දින නියම වූ නඩු සහ කඩිනමින් සලකා බැලීමට නියමිත පෙත්සම් සාමාන්‍ය පරිදී විවෘත අධිකරණයේ කැදවෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා පවසයි 04 May 2021
වාරියපොළින් තවත් ආසාදිතයන් 18ක් වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද සවස තවත් කොවිඩ් 19 ආසාදිතයින් 18 දෙනකු හදුනාගත් බව එම කාර්යාලය කියයි. 04 May 2021
ලක්ෂ දෙකකට සරසවි වරම් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 301,771 දෙනකුගෙන් 194,297 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. 04 May 2021
ඇස් රෝහලත් රෝගීන් සීමා කරයි ‘කොවිඞ් 19’ වයිරසය වේගවත් ව්‍යාප්තිය පිළිබඳව අවදානය යොමු කරමින් ජාතික අක්ෂි රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට ප්‍රතිකාර සහ සේවා සදහා විශේෂ දුරකථන සේවාවක් ආරම්භ කර තිබේ. 04 May 2021
ඉන්දියාවේ සිට බෝට්ටු 11කින් ආ 86ක් ආපසු හරවයි ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවෙන් නැවත හරවා යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 04 May 2021
එන්නත් ලක්ෂ හයක ගැටලුවක් එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (4) පැවැසුවාය. 04 May 2021
දඹුල්ල ආර්ථිකය හෙට සිට විවෘත කරයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන හෙට උදේ 5.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කරන බව එහි පලනාධිකරණය කියයි. 04 May 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026