කොළඹ නගර සභා සේවකයන්ට කොරෝනා දෙවන මාත්‍රාව කොළඹ මහා නගර සභාවේ සුළු සේවකයන් හට කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම අද බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ කළේය. 05 May 2021
පී.සී.ආර් 1000ක් අද කෙළඹදී කොරෝනා වයිරසය ආසාදිතයන් දිනෙන් දින ඉහළ යෑම සමග කොළඹ නගරය තුළදී අහඹු ලෙස තෝරාගත් 1000ක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට කටයුතු කළ බව කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි දිනුකා ගුරුගේ මහත්මිය කියයි. 05 May 2021
තවත් කොවිඩ් ආසාදිතයින් 1,259ක් කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,259 දෙනෙක් අද (5) වාර්තා වූහ. 05 May 2021
දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම පිවිසුම තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 05 May 2021
පාසල් බස් වලට ලීසිං සහනයක් ‘කොවිඩ් 19’ අවදානමත් සමඟ පාසල් වසා දැමීමෙන් ආදායම් අහිමිවී සිටින පාසල් ළමුන් ප්‍රවාහන කරන වාහන හිමියන්ට ලීසිං සහනයක් ලබාදෙන ලෙස සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි. 05 May 2021
කොළඹ වාහන තදබදයට ගුවන් පාලම් හතරක් කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස රුපියල් කෝටි 800 ක් වැය කරමින් ගුවන් පාලම් හතරක් වසරක් තුළ ඉදිරිකිරීම මහාමාර්ග අමාත්‍යංශය සැළසුම් කර තිබේ. 05 May 2021
කැස්බෑවේ වැසූ ප්‍රදෙශවල පොලිස් මාර්ග බාධක නෑ කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමගම හුදෙ කලා කරන්නැයි සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දුන් ග්‍රාම සේවා වසම් 9න් බහුතරයකට පොලිස් මාර්ග බාධක හෝ පොලිස් නිලධාරීන් යොදා නොතිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් පැන නැගී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි. 05 May 2021
“නව වයිරසය ආපු තැන හොයාගන්න බෑ’’ හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් නව වයිරසය මේ රටේ පැතිර ගොස් ඇති බවත් එය ආණ්ඩුවේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ ආරක්ෂක අංශවල වරදකින් සිදු වූවක් නොවන බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (5 )පැවසීය. 05 May 2021
සියැට් ටයර් නිෂ්පාදන වැඩි කරයි ආනයනයන් සීමා කරමින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යන ජාතික උත්සාහයට සහයෝගය ලබාදෙමින් ට්‍රක්, බස් රේඩියල් ටයර් නිෂ්පාදනය දෙගුණයකටත් වඩා ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පවසයි. 05 May 2021
සරත් ෆොන්සේකා, වීරසේකර මැති සබේදී ඇවිලෙති මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් නිසා මැති සබයේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය. 05 May 2021
“පක්ෂ භේදයකින් තොරව කොරෝනා පරදවන්න එක්වෙමු“ කොරෝනා පරාජය කිරීමට මේ අසීරු අවස්ථාවේදී දේශපාලන පක්ෂ පාට භේදවලින් තොරව උදව් කරන්නයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය. 05 May 2021
උසස් පෙළ නැත්නම් වෛද්‍යවරයකු වෙනව බොරු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනම අසමත් සහ උසස් පෙළ විභාගයට පෙනී නොසිටි කිසිවෙකුට වෛද්‍යවරයකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි විය නොහැකියැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. 05 May 2021
කොරෝනාවෙන් සුවය ලැබුවත් ගෙදර එන්න බස් නෑ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර සදහා කල්මුණ මරදමුනෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ ගම්පහ ප්‍රදේශයේ හැට දෙනකුගෙන් සමන්විත පිරිසක් සුව වීමෙන් පසු ප්‍රවාහන පහසුකම් නැතිව සති දෙකකටත් වැඩි කාලයක් මරදමුනෙයි ප්‍රාදේශීය රෝහලේ ඉතා අසරණව සිටින බව ඔවුහු පවසති. 05 May 2021
ගුරු විද්‍යාල අවසාන විභාගය කල්යයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව මගින් මේ මස 10 වැනි දින සිට 21 වැනිදින දක්වා පැවැත් වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 05 May 2021
ත්‍රි‘මලේ දිසාපති කාර්යාලයේ 5 කට-ප්‍රා:ලේ ට කොරෝනා ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම් හා දිසාපති කාර්යාලයේ පරිපාලන නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලයේ පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩී ජී එම් කොස්තා මහතා පැවසීය. 05 May 2021
කොස්තාපල් ලිඛිත පරික්ෂණය කල් යයි මැයි මස 08 වන දිනට නියමිතව තිබූ පොලිස් කොස්තාපල්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය, කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 05 May 2021
ලේ බැංකුව ලේ ඉල්ලයි කොවිඩ් වසංගත තත්වය සමඟ රුධිරය දන්දීමේ වැඩසටහන් ද අවලංගු වීම නිසා රුධිර හිඟයක් මතුව ඇතැයි ජාතික රුධිර පාරවිලයන සේවය පවසයි. 05 May 2021
උසස් පෙළ නැවත සමීක්ෂණය අයදුම් ඔන්ලයින් හරහා මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පහසුකම් සලසන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. 05 May 2021
“රටම බැරි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න“ කොරෝනා පාලනය කිරීම සඳහා රටම නොහැකි නම් පළාත් වශයෙන් හෝ ’’ලොක්ඩවුන් ’’ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 May 2021
කෆීර් අලුත්වැඩියාවට යන මුදල් කොරෝනා මර්දනයට ගන්න ආණ්ඩුව ඩොලර් මිලියන 50 ක් වැයකර කෆීර් යානා අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් අරඹා ඇති බවටතොරතුරු වාර්තා වන හෙයින් ඒ කටයුතු වහාම නවත්වා එම මුදල් කොරෝනා මර්දන කටයුතුවලට යොදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපාර්ලිමේන්තුවේ දී අද (5 )ඉල්ලීමක් කළේය . 05 May 2021
දේවි බාලිකාවෙන් කෑල්ලක් කඩන්න යයි කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කොටසක් වෙනත් ස්ථානයකට ගෙනයාමේ උත්සාහයක් ඇතැයි දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පවසයි. 05 May 2021
එන්නතේ දෙවැනි මාත්‍රාව 139,286 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ (04) පස්වරුව වන විට මෙරට පුද්ගලයින් 139,286 දෙනෙකුට ලපාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 05 May 2021
‘‘රිෂාඩ් මැතිසබයට ගේන්න නීතිමය බාධාවක් නෑ‘‘ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුඩීන් මහතා පාර්ලිමේන්තු සැසියට ඉදිරිපත් කිරීමට නීතිමය ගැටළුවක් නැතැයි නීතිපති රහස් පොලිසියට දැනුම් දී ඇත. 05 May 2021
දිවුලපිටියේ ඇඟලුම්හලක 80කට කොරෝනා දිවුලපිටිය දියගම්පල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 80 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 05 May 2021
ගාල්ලට ඇඳන් 500ක ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් කොරෝනා රෝගින් සඳහා වෙන්කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සියල්ලම පිරි ගොස් ඇති නිසා අක්මිමණ කුරුඳුවත්තේ පිහිටි රුහුණු විද්‍යා පිඨයේ සහ බුස්ස නාවික හමුදා කඳවුරේ ඇඳන් පන් සියකින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පිහිටුවිමට තීරණය කල බව කොඩිඩ් 19 මර්ධනය කිරිමේ දකුණු පළාත් මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 05 May 2021
‘‘පරීක්ෂණ අවසන් වන තෙක් රිෂාඩ් මැතිසබයට ගේන්න එපා‘‘ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින හෙයින් එම පරීක්ෂණ අවසන් වන තෙක් මැතිසබයට නොකැඳවන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලීමක් කළේය. 05 May 2021
කොරෝනාවෙන් එකම නිවසේ තුනක් මරුට කොරෝනා වෛරසය ආසාදනය වී. අයි. ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. 05 May 2021
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පාළුවට යයි ‘කොවිඞ් 19’ අවදානම හමුවේ සාමාන්‍ය සේවා සඳහා විවෘතව ඇති කොළඹ පිහිටි එකම ප්‍රධාන රාජ්‍ය ආයතනය වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට සේවා සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 10 කටත් අඩු මට්ටමකට පත්ව ඇති බව වාර්තා වෙයි 05 May 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026