විෂබීජහරණයට නාවලපිටිය තාවකාලිකව වහයි නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ්- 19 වයිරසය ආසාදනය වූ 16 දෙනෙකු හමුවීම නිසා නාවලපිටිය නගරය විෂබීජහරණය සඳහා අද(15) සිට (18) දින දක්වා තාවකාලිකව වසා දමන බව එම වෙළඳ සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසීය. 15 January 2021
බේරුවල ප්‍රා.ලේ කාර්යාලයේ ඉඩම් අංශය වහයි අලුත්ගම ගාලූ පාරේ, බස්නාහිර පළාත් මායිමේ දී සිය කැමැත්තෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවක් (රැපිඩ් ඇන්ටිජන්) සිදුකරගත් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක් කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙන් එම නිලධාරිනිය සේවය කළ ඉඩම් අංශය අද (15) සිට ලබන සදුදා තෙක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15) පැවසීය. 15 January 2021
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහි පෙත්සම් විභාගය මාර්තුවේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන මාර්තු 08, 09 සහ 10 වැනිදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)තීන්දු කළේය. 15 January 2021
එංගලන්ත ක්‍රීඩකයන් සිටින හෝටලේ දෙදෙනකුට කොරෝනා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින ගාල්ලේ තරු පහේ සංචාරක හෝටලයක මුළුතැන්ගෙයි අරක්කැමියන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද (15) තහවුරු වූ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යබෙර්ට්‍රම් ද සිල්වා මහතා පැවසීය. 15 January 2021
ලෝක මහදැනමුත්තාගේ දෛවයේ සරදම අමෙරිකාව තමන් හඳුන්වා ගන්නේ ප්රජාතන්ත්රවාදයේ මුරදේවතාවුන් වශයෙනි. එසේ තමන් හඳුන්වා ගත්තත් තම රටේ ප්රජාතන්ත්රවාදයේ ප්‍රධානම ආයතනය වන “කැපිටල් හිල්” ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාවට ජනවාරි 06 වැනිදා කළු බදාදා දිනයක් බවට පත්විය. 15 January 2021
මීගොඩ කම්හලක 55 කට කොරෝනා මීගොඩ අළුත් පාර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගබඩාවක සේවයේ නිරතව සිටි පුද්ගලයින් 55 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (15) දින තහවුරු වූ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ.ඒ. .චි. ජගත් කුමාර මහතා පවසයි. 15 January 2021
මහරගම ඉවත් කළ වෙළඳුන්ට යළිත් වෙළඳාම් කිරීමට අවසර මහරගම නගර මධ්‍යයේ පිහිටි නගර සභාවට අයත් භූමියේ වෙළඳාමේ නිරතව සිටියදී ඉවත් කළ වෙළඳුන්ට නැවත එම භූමියේම වෙළඳාම් කිරීම සඳහා අද (15) අවසර ලබාදීමට හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (බස්නාහිර පළාත) සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහත්ම මහත්මීන් දෙපළ කටයුතු කළහ . 15 January 2021
පොලිස් නිලධාරිනියකට කොරෝනා යයි ළමුන් පාසල් යැවීම නවත්වලා හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අද (15) හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන විදුහල් තුනක ළමුන් පාසලට නොවීමට දෙමාපියන් කටයුතු කර තිබේ. 15 January 2021
කාත්තන්කුඩි හුදකලා නීතිය දිර්ඝ කරයි කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ බලපැවැත්වෙන හුදකලා නීතිය ලබන සදුදා 18 වැනිදා දක්වා දීර්ඝ කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ ලතාකරන් පැවසීය. 15 January 2021
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ ආ දෙදෙනෙකු අල්ලයි හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් දෙදෙනකු නල්ලතන්නිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 15 January 2021
කොග්ගල වෙළද කලාපයේ කම්හල් දෙකකින් නව ආසාදිතයන් 22ක් කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් කොරෝනා ආසාදිතයින් 22 ක් අලුතෙන් හදුනා ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි. 15 January 2021
කෝටි 18ක ’අයිස්’ බස් රථයකින් ගෙනයද්දී අල්ලයි රුපියල් කෝටි 18 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 15 January 2021
කොරෝනා මරණ සංඛ්‍යාව 250 පසුකරයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 14 January 2021
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව (12,400) ලබාගත් කුමාර් සංගක්කාර පවසන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටී තිබේ. අද ආරම්භ වූ ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135 කට දැවී යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාර එසේ කියා සිටියේය. 14 January 2021
රිය අනතුරකදී පහරදීමකින් මන්ත්‍රී පුතෙක් අත්අඩංගුවේ රිය අනතුරක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකුට පහර දුන්නේ යැයි සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයකු (14) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. 14 January 2021
අද කොරෝනා ආසාදිතයන් 670 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 670 දෙනෙකු අද (14) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව 7.35 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 14 January 2021
දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයි දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්ගලික) සමාගම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. 14 January 2021
මදුරන්කුලියේ කම්හලක් වසාදමයි කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මදුරන්කුලිය කර්මාන්ත ශාලාවක් තාවකාලිකව අද(14) සවස වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 14 January 2021
සිනමා කර්මාන්තයට අහිමි වූ බදු සහන යළිත් දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දී තිබී පසුව අවලංගු කෙරුණු බදු සහන යළිත් ලබාදීමට රජය තීරණය කර තිබේ. 14 January 2021
යුද ස්මාරක ඉදිකරන්න පළාත් පාලන ආයතනවල අනුමැතිය ඕනේ නැහැ යුද ස්මාරක ඉදිකිරීමට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නැති බවත්, එවැන්නක් අවශ්‍ය නම් උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දැමීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය. 14 January 2021
ජනපති කොරෝනා එන්නත චීනෙන් ඉල්ලයි කොරෝනා මර්දනය සදහා වන චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී. 14 January 2021
තනි රෝදෙන් යතුරුපැදියේ ගිය ගමන පොලිසියෙන් නතර වෙයි පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ විනෝදයට තනි රෝදයෙන් යතුරුපැදි පැදවු තරුණයන් 12 දෙනෙක් අද (14) අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 14 January 2021
සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර රාජ්‍ය -පෞද්ගලික ආයතන 473 කට නඩු සෞඛ්‍ය ආරක්ෂක නීති අනුගමනය කළ බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473 ට ඉදිරියේ නිරෝධායන සහ රෝග වලැක්වීමේ ආඥාපනය යටතේ නඩු පැවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 14 January 2021
කොරෝනා සෑදී සුව වූ හිමියෝ තම දායකයන් නිදහස් කරන්නයි කියති කෝවිඩ් 19 ආසාදනය වී අයිඞීඑච් රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී ගමට පැමිණ, තමාගේ පළමුපෙළ ආශ්‍රිතයන් වු දැනට නිරෝධායනයට ලක් කර සිටින දායක නිවාස තුනකට මහ රෑ කඩාවැදුණු හිමිනමක් එම නිවෙස්වල නිරෝධයන දැන්වීම් කඩදාසි ඉරාදමා යකානටා ඇතැයි කුරුවිට පොලීසිය කියයි. 14 January 2021
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මත වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය. 14 January 2021
බලපත්‍ර නොමැතිව රිය පැදවූ අයගෙන් අල්ලස් ගත් කොස්තාපල් අල්ලයි රියදුරු බලපත්‍රයක් නොමැතිව චැලි වර්ගයේ යතුරුපැදියක් පැදවු තරුණයෙකුගෙන් රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් මාතර පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (14) මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය. 14 January 2021
අ‘පුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට අනුරාධපුර නගරයේ පිහිටි අවන්ති දේවි ළමා නිවාසයේ දරුවන් කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව අද 14 අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 14 January 2021
ශ්‍රී ලාංකිකයන්ට ජපානයට ඇතුළුවීම තහනම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 14 January 2021
බස්නාහිර සිට දකුණු පළාතට යමින් සිටි 6කට කොරෝනා අලුත්ගම පොලිස් වසමට අයත් බස්නාහිර පළාත් මායිමේ බෙන්තොට පාලම අසළ දී දකුණු පළාතට ගමන් කරමින් සිටි පුද්ගලයන් 102 දෙනෙකුට අද (14) දහවල් අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් පුද්ගලයන් 6 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් -19 ආසාදිත බව හඳුනාගැනුනු බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා පැවසීය. 14 January 2021
පොලිසිය මාස 10 ක ඉවසීමක් පවුරෙන් පහළට තල්ලූ කරයි ගාල්ලේ කොටු පවුර මත සිටිමින් ශී‍්‍ර ලංකා - එංගලන්ත කි‍්‍රකට් තරගය නරඹමින් සිටි එංගලන්ත ජාතිකයකු වන රොබට් ලූවිස් මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය පියවර ගෙන ඇත. 14 January 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026