හජ් උත්සවය වෙනුවෙන් දේවස්ථානවල සතුන් මරන්න අවසර නෑ හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් දානමය කටයුත්තක් වශයෙන් සිදු කරනු ලබන සතුන් ඝාතනය සඳහා කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්රයක මෙවර අවසර ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුෆ් සභාව තීරණය කර තිබේ. 15 July 2021
අලි මිනිස් ගැටුමෙන් මිනිස්සු 72 ක් වල් අලි 285ක් මරුමුවට අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු (72)මේ වසරේ මේදක්වා මියගොස් ඇතැයි වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි . 15 July 2021
නිරෝධායන නීති කැඩූ තවත් 190ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 190 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 July 2021
රිය අනතුරුවලින් මාස තුනට 1266 නොඑන ගමන් ගිහින් දිවයින පුරාම ගතවූ පැය 24ක කාලය තුළ සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 09 දෙනකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 July 2021
තවත් ප්‍රදේශයක් නිදහස් කරයි කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 15 July 2021
අද දවසේ කාලගුණය දිවයිනේ පළාත් කිහිපයකට අද(15) සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 July 2021
දැරිය විකිණූ වෙබ් මුදලාලිගේ ගිණුමේ කෝටි පහක් බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැන්පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 15 July 2021
‘‘එන්නත් ගත් ලක්ෂ තුනක තොරතුරු නෑ‘‘ කොරෝනා එන්නත් මුල් කාලයේදී ලබාගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල ලොකු ගැටලු සහ අඩුපාඩු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 July 2021
දැරිය විකිණූ තැරැව්කරුගේ දුරකතන වාර්තා අධිකරණයට අන්තර්ජාලයෙන් අළෙවි වූ බාලවයස්කාර දැරිය භාවිත කළ ජංගම දුරකතනයේ සහ දැරිය තැරැව් කළැයි කියන ප්‍රධාන සැකකාර ‘රජීව් ජයනාත්’ නමැත්තාගේ ජංගම දුරකතනයේ වසරක කාලයකට අදාළ ‘‘කුළුණු වාර්තා’’ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය වෙත අද බාර දෙනු ලැබීය. 14 July 2021
හරක් කටාගේ ගෝලයෙක් තංගල්ලෙන් අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මිදිගම නඳුන් චින්තක නොහොත් ‘‘හරක් කටා’’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘‘පපී’’ නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් තංගල්ල ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගනු ලැබීය. 14 July 2021
හමුදාව එන්නත්කරණය තවත් වේගවත් කරයි යුදහමුදාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා කොළඹ විහාර මහා දේවී උද්‍යානය සහ දියත උයනද යොදා ගැනීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 July 2021
යුරියා ටොන් 9795ක් වරායට යූරියා පොහොර ටොන් 9795 ක් රැගෙන ඉන්දුනීසියාවේ සිට කොළඹ වරායට පැමිණි භාණ්ඩ ප්‍රවාහන නෞකාව රේගු බාරයේ පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි. 14 July 2021
කොරෝනා ආසාදිතයන් 988ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 988 දෙනෙක් අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 July 2021
බඩුමිලට එරෙහි තැන තැන අදත් විරෝධයතා බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී අදත් විරෝධා කීපයකදී අද පැවැත්විණි. මහනුවර, මහරගම දී මෙසේ විරෝධතා පැවැත්විණි. 14 July 2021
නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් පෙත්සමක් කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඉකුත් දා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ලංකා ගුරු සේවා සංගමයේ සභාපති සහ එහි සාමාජිකයෝ කිහිපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) වෙන වෙනම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ. 14 July 2021
ජනපති නීතිඥවරුන් අලුතින් හතක් පත් කරයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් හත්දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබේ. 14 July 2021
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ආයතනයට ලියයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සිය ක්‍රිකට් අනාගතය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. 14 July 2021
මුදල් ඇමැති රටවල් හතක තානාපතිවරුන් හමුවෙයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස් රටවල් 7ක මෙරට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් අද (14) හමුවී සාකච්ඡා පැවැත්වීය. 14 July 2021
කොරෝනා මරණ 37ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 37 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 July 2021
ස්ටාලින්ලා නෙගෙටිව්ලු මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ගුරු සංගම් හා සමාජ ක්රියාකාරකයන් 16 දෙනාටම කෝවිඩ් වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 14 July 2021
‘‘කොරෝනා නීති කාටත් සමානයි‘‘ සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවන්නේ ජෝපස් ස්ටාලින්,වී.අයි.ලෙනින්,කාල්මාක්ස් හෝ පියුමි හංසමාලිලා වෙනුවෙන් නොවන බව ද සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට සිදුවන බව ද සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 14 July 2021
මහියංගන ප්‍රා.සභාවේ බල පෙරලියක් මහියංගනය ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී පාලක එක්සත් ජාතික පක්ෂ සභාපති අපේක්ෂක හිටපු සභාපති කරූ වීරරත්න මහතා පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභාපති තරගයට ඉදිරිපත් වූ කේ.පී. ගුණවර්ධන මහතා නව සභාපති ලෙස තේරී පත්විය. 14 July 2021
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් නිරෝධායනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිවෙස් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ. 14 July 2021
ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් හිමි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සමක් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු මං සන්ධියේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටියදී අත්අඩංගු වට ගෙන දැනට මුලතිව් ගුවන් හමුදා මූලස්ථානයේ රඳවා සිටින ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් කොස්වත්තේ මහානාම හිමියන් වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තවත් භික්ෂුවක විසින් අභියාචනාධිකරණය හමුවේ අද (14) හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කරනු ලැබූහ. 14 July 2021
ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 17ක් ලබන සතියේ ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ දාහතක් ලබන 22 වැනිදා මෙරටට ලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 14 July 2021
යල කන්නයේ වී මිලදී ගැනීම හෙට සිට අරඹයි යල කන්නය සඳහා වී මිල දී ගැනීමට රුපියල් මිලියන 500ක මුදල් ප්‍රතිපාදන ලැබුණු බැවින් වී මිල දී ගැනීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසීය. 14 July 2021
‘ගොවීන්ට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කළ යුතුයි‘ ජනතාවට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කළ යුතු යැයිද එසේ නොමැති වුවහොත් පොහොර බෙදා හැරිම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෞද්ගලික පොහොර සමාගම් නිලධරයන් අමතමින් අද (14) පැවසීය. 14 July 2021
ජපානයෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ ජපානය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 16.2ක් වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් පිරිනමා ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි. 14 July 2021
පිට පළාත්වල සිට 2983 දෙනෙක් දුම්රියෙන් කොළඹට එති අන්තර් පළාත් දුම්රිය හතෙන් දුම්රිය මගීන් 2983 දෙනකු කොළඹට පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 14 July 2021
මන්නාරමේ සුරුවම් තුනකට හානි කරලා මන්නාරමේ පිහිටි කතෝලික සුරුවම් 03 කට අද අලුයම කිසියම් නාදුනන පිරිසක් පහර දී අලාභ හානි සිදුකොට පලා ගොස් ඇතැයි මන්නාරම පොලීසිය පවසයි. 14 July 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026