(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතයට සහ ආර්ථික අර්බුදයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විසිඑක් වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාත්මක කළා නම් "කැපකිරීම් කරන්න ලැහැස්ති වන්නැයි" ජනතාවට කීමට ජනාධිපතිවරයාට කිසි ලෙසකින්වත් සිදු නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
විසිඑක් වැදෑරුම් යෝජනා ඇතුළත් ප්‍රතිපත්ති මාලාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත බාරදුන් බව කී නියෝජ්‍ය නායකයවරයා, සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් සුරක්ෂිත වූ රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය යෝජනා එහි ඇතුළත් වන බව ද කීවේ ය.
පක්ෂයේ 75 වන සංවත්සරය පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් සූම් (zoom) තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙි බව ප්‍රකාශ කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය තියනකොට මොලය නැහැ. මොලය තියනකොට බලය නැහැ. දේශපාලන කපටිකම හොඳින් පෙනෙනවා..
අනේ මේ... විකාර කියවන්න එපා...
යහපාලන ආණ්ඩුව කාලෙ ඔයගොල්ලන්ගේ ක්‍රියාත්මක කිරීම් අපි දැක්ක. කට වහගෙන ඉන්න. කථා කරන්න කථා කරන්න ලකුණු කැපෙනවා.
ඔය කියන ඒවා බලය තියෙන කාලේ ඒ කියන්නෙ 2015 සිට 2019 වෙනතුරැ කලානම්…….!
රනිල් යහපාලනය කාලේ ජනතාවට පටි තදකරගන්න කිව්වේ ඔය 21 වැදෑරුම දන්නේ නැතුවද හලෝ?
ඔබතුමා හිටියා නම් මෝටර් සයිකල් පොකුරක් හැදෙනවා. ඒක ලෝකෙටම අපේ රට ගැන කීර්තියක්...
දැක්කනේ. අර කියැවුණු රීව්ස් වගේ කළු කණ්ණාඩි දාලා මහා වාහන සේනාවක් සමග මිනුවන්ගොඩ නගරෙට ආපු හැටි... හරියට නිකන් මෙයාව මරන්න තරම් වැදගත් චරිතයක් වගේ.. නිකන් නොදී කට වහගෙන හිටියොත් අපේ ලේ පිරිසිදුව ටිකක් තියාගන්න පුළුවන්...
හම්මේ ක්‍රියාත්මක කරන්න වටින යෝජනා... මාර වටිනවා.
බලේ තියෙන කාලේ මෙයාට යන්න පාරවල් පිටින් වැහුවා අපිට මතකයි. මෙයා කරේ හෙලිකොප්ටරෙන් මළ ගෙවල් වල ගිය එක විතරයි කියලා සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කිව්වා. මේ ලෝකෙ වැඩක් නැති කෙනෙක් මෙයා...
බලයත් නැති, මොළයත් නැති, කටින් බතල හිටුවන මනුස්සයෙක්... මේ වගේ පුද්ගලයෙක් කුඹුරක හිටෙව්වා නම් ආයේ මුට්ටියක් ඔලුවේ නවන්න ඕනෑත් නැහැ...
අවස්ථාව දුන්න වෙලාවේ හරියට කළා නම් අද ඔය කතාව කියව කියවා දොරගාව ළතවෙන්න ඕනෑ නැහැ.
අනේ මගේ කට...
ඔබලාගේ යෝජනා ක්‍රියාත්මක කළා නම් අපිට මේ වෙනවිට රටෙන් 2/5 ක් අපිට නැහැ. එහෙනම් එක රටේ ජනාධිපතිවරු දෙන්නයි. ප්‍රභාකරනුත් ජනාධිපති එහෙනම්...
එජාපය තමයි කොරෝනා එන්න කළින් වටපිටාව හැදුවේ.. ෆ්‍රී ටැබ්, ෆ්‍රී වයිෆයි, ෆ්‍රී ඔන්ලයින්..., මේවා තමයි පූර්ව සූදානම් කිරීම්... කොරෝනා කියන්නේ හොඳට සැලසුම් කළ ව්‍යාපාරයක් ... මේක ඉවර වෙන්න අවුරුද්දක් ගාණේ මැරෙනකම් වැක්සීන් ගහන්න වෙනවා. ස්තුතියි..!!!
ජේ ආර් ගේ විවෘත ආර්ථිකයේ අවසන් ප්‍රතිපලය.