(සුජිත් හේවාජුලිගේ )
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාව පත්ව ඇති පීඩාකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන තම අගෝස්තු මස වැටුප මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කළ බව ජයකොඩි මහතා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරී වීරසේකර මහත්මිය වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිලාට ඕනෑ නම් එක මාසෙක නෙමෙයි, හැම මාසෙම පඩිය රජයට දෙන්න කියන්න. මොකද වෙන ක්‍රමවලින් පඩිය වගේ හතර, පස් ගුණයක් හම්බකර ගන්න ලොක්කා වැඩේ හදලා දෙයි. හැබැයි රජයේ සේවයේ අපේ පඩියට අත තියන්න එන්න එපා...
මෙයා එක මාසයක් දුන්නා කියලා වැටෙනවා. හිටපු අගමැති රනිල් මැතිතුමා අවුරුදු 40ක් වැටුපක් ගන්නේ නැතිව රටට සේවය කළා. ඒ ගැන කොතැනකවත් සඳහනක් නෑ. මෙයාගේ එක මාසේ වැටුප නෙවේ, කොරෝනා ඉවර වෙනකම් පරිත්‍යාග කළත් රට වෙනුවෙන් ජනතා සේවය සම්පූර්ණ නැහැ. සල්ලි ඕනෑනම් මෙයාට නයි සාදුගෙන් අතමාරුවක් කරගන්න බැරියෑ...
ඇමතිතුමා පඩිය දුන්නට දීමනා ගන්නවානේ... රජයේ සේවකයින්ට පඩිය වගේ හත් අට ගුණයක් දීමනා නැහැ ඇමතිතුමා...
මේ කියන්නේ පාට් ටයිම් ජොබ් එකේ වැටුප දුන්නා කියලනේ. ඇමති කෙනෙකුට පුද්ගලික ලේකම් කෙනෙක් සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් ලෙසට කාර්ය මණ්ඩලයක් සිටිනවා. එවැනි තනතුරු වලට පත්කර ගන්නේ තමාගේ බිරිඳද, නැත්නම් දරුවෙක් තමා ඉතින්... ඒ ආදායම පවුලටමනේ. ඒ නැතත් අමතර දීමනා කොපමණ තියෙනවද? කොම්ස් කුට්ටි වැටුප වගේද?
හොඳ වැඩක්. මම හිතන්නේ සහායක් වශයෙන් මේ අවුරුද්ද අවසාන වන තෙක් වැටුපෙන් 1/4ක් කපා හරින්න... දේශපාලන අධිකාරියට හැකිනම් සියලු රාජ්‍ය සේවකයින්ට ඒ ආකාරයේ වැටුප් අඩු කිරීමකට එකඟ විය හැකියි.
ඕවා හොඳයි පත්තරේට. අර පාව්ච්චි කරන මාලිගා වගේ වාහනේ වෙන්දෙසි කරලා කෝටි ගාණක් අරගෙන පොඩි වාහනයක් ගන්න. ඊට පස්සේ වාහනෙත් එක්ක පින්තූරයක් පත්තරේ දාලා ඉතුරු සල්ලි අරමුදලට දෙන්න. අන්න එතකොට අපි බොරුකාරයා වෙනුවට වැඩකාරයා කියලා කියන්නම්...
පඩිය විතරක් නොවේ... තියෙන ඔක්කොම දේපළ දෙන්න ඕනේ... පැණි නැටුම් නටලා ඉන්නේ.. වැකේෂන් ටික කල් දැම්මට... කාලකණ්ණි.. හෙණම ගහනවා.
මෙයා ඉන්න පළාතේ කප්පම් ගැනිල්ල වැඩිවෙයි මේ මාසේ...
ඔය කොරෝනා අරමුදලේ සල්ලි ගන්න කෙනාටම ඕක දුන්නා නම් වැඩේ කාර්යක්ෂමයි නේද?
ඇමැතිවරුන්ගේ වැටුප පරිත්‍යාග කිරීම් අවතක්සේරු කරන පට්ට ජෙප්පෙක් සමාජ මාධ්‍යයක සැරිසරනවා. හැබැයි ඔවුන් සියලු දෙනාම පඩිය පක්ෂෙට දීලා, සමහරු ළමයි ස්විට්සර්ලන්තේ තියාගෙන, සැපට ඉන්නවා. පඩි නැතුව සැපට ජීවත්වෙන ඔය ක්‍රමය අර පාප්ප ගාන පොඩි ජෙප්පන්ටත් කියලා දුන්නොත් අපිට කොහොම වෙතත් ඔවුන්ට යහපතක්...
ෂා මාරයිනේ.අදහන්ඩ වටිනවා.සත්ගුණවත් දේශපාලුවෙක් ගැන ඔය ඇහැව්වමයි .
ධම්මික පැණිය ප්‍රමෝට් නොකර ඒකාලේම වැටුප් පරිත්‍යාග කළා නම් ලකුණු දමාගන්න තිබුණා. නමුත් දැන් ප්‍රමාදයි. පැණි හැලියට වැටුණු ඇඹලයාගේ තත්වයට ඔබ පත්වී ඇත.
අන්න ජවිපයේ මන්ත්‍රීලත් පඩි නොගෙන ඉන්න යනවලු.. !!!
ඔබතුමාගේ දායකත්වය අගය කරමු එන්නත් කර ගැනීමට අකමැති අයට දේශීය ඖෂධ ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන්න
වැටුපට වඩා මේ අයට මාසෙට ලැබෙන දීමනා වැඩි.
මත්තිවරයෙකුට දෙන වාහෙනේ උපරිම කෝටියකට සීමා කරන්න. රතු සහෝදරවරැන්ටත් පුලුවන් පුද්ගලික යෝජනාවක් විදියට ඒක පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න. වැටුප සහ දීමනා දෙකම උපරිම ලක්ෂ දෙකකට සීමා කරන්න. ලංකාවෙ දේශපාලන හැතිකරේ නඩත්තු කරන්න මේ රටේ හිගන්නන් පවා බදු ගෙවනවා.