
(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 235 ක් සහ වියලි කහ ප්‍රවාහනය කිරීමට යොදාගත් කරත්තයක් මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරයේදී අද (22) අලුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ඕලුතුඩුවායි මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල කහ තොගය අඩංගු උර 07 ක සඟවා තිබියදී මෙලෙස සොයාගනු ලැබීය.
මෙම වියලි කහ තොගයන් ඉන්දියාවේ සිට මන්නාරමට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ගොඩබිමේ සිට කරත්තයක ආධාරයෙන් රැගෙනයාමට ජාවාරම් කරුවන් උත්සහ ගන්නා අවස්ථාවේදී නාවික හමුදා මුර සංචාරයන් දැක වියලි කහ තොගයන් රැගෙන යාමට නොහැකිව දමා යන්නට ඇති බවට නාවිකහමුදාව සැක පල කර සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහකුඩු වලට නම් කිසිම සමාවක් දෙන්න එපා.