(සුජිත් හේවාජුලිගේ)
ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර සියලුම සෞඛ්‍ය සේවකයන්ට මුල් අදියර යටතේ තෙවැනි මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. මොකද බැසිල් ඇමැතිතුමාමනේ කිව්වේ කට්ටියකට කොවිඩ් එන්නත ගහනවා... තව කට්ටියකට වතුර ගහනවා කියලා..
දිගටම එන්නත ලබාගන්න තමයි වෙන්නේ.
එය ඇත්තෙන්ම අවශ්‍යද? අපි මෙය කරන්නේ ඔප්පු කළ සාක්ෂි සහිතව ද?
එන්නත් ගගහා ඉමු
පළමු එකවත් හරියට දෙන්න බැරිව දැන් 3 වැනි එකක් ගැන කතාව. බොහෝම හොඳයි ඊළඟ මැතිවරණය එනකම්ම ගගහ ඉඳිමු... එතකොට ඊළඟ සැරේටත් 69 ලක්ෂයෙන් බලය ලැබෙයි.
කොරෝනාවලට එකම විසඳුම එන්නත නම් 1 සහ 2 ගහලා රට විවෘත කරන්න. ඊට පස්සේ උණ, සෙම හැදෙන අයට රෝහල්වලට ගිහිල්ලා බෙහෙත් අරගන්න කියන්නේ... WMHO කියන්නේ ඒ අයගේ වාසියට වර්ෂන් 03ක් ගහන්න කියලා... ඊළඟට කියයි, අවුරුද්දක් ගානේ ගහන්න කියලා...
ඔව්, භාගයකට වතුර ගැහැව්වා කියපු නිසා මේ පාර බෙහෙත ගහන්න කියලා ඉල්ලා සිටිනවා...
දොස්තරලා නෙවෙයි... මෙයා තමයි තීරණය කරන්නේ... අපේ වාසනාවට සියල්ල දත්...
මහත්තයෝ ,ක්‍රමය හරි .ඒ වුනාට ඉස්සෙල්ලා ලංකාවේ අඩුම තරමෙන් අවුරුදු 18 ඉඳලා ඔක්කොම අයට එන්නත් දෙකම දෙන්න .ඊට පස්සේ අනිත් එක දෙන්නේ . ඉවර කර ගන්න .
30ට අඩු පුද්ගලයන්ට එන්නත දෙන්නේ නැද්ද?