විදුලි බලයට,ලිට්රෝ සමාගමට නව සභාපතිවරු ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලිට්රෝ ගෑස් සමාගමට නව සභාපතිවරුන් දෙදෙනකු පත් කර ඇතැයි වාර්තා වේ . 15 July 2021
නාවලට පාලමක් ඇතුල්කෝට්ටේ සිට නාවල දක්වා මාර්ගයේ පවතින දැඩි රථ වාහන තදබදය අඩුකිරීම සඳහා රුපියල් කෝටි 200 ක් වැයකරමින් නව පාලමක් ඉදිකරයි. 15 July 2021
‘පොටෑසියම්’ ආනයනයට අවසර පොල් වගාවට අවශ්‍යම පොහොර වර්ගයක් වන ‘පොටෑසියම්’ ආනයනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර දුන්නේ යැයි පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 15 July 2021
ආබාධිත රණවිරුවන්ට එන්නත් දෙන්න ගෙයින්ගෙට යයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආබාධිත රණවිරුවන්ට සහ ආබාධිත වැඩිහිටියන්ට ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදීමේ ජංගම සේවයක් ආරම්භ කරන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 15 July 2021
නයිරෝබි අගනුවරට බුදුන් වඩියි ප්‍රථම වතාවට කෙන්යාවේ නයිරෝබි අගනුවර ප්‍රසිද්ධ ස්ථානයක බුද්ධ ප්‍රතිමාවක් ඉදි කල බව කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 15 July 2021
වනජිවිය අත්අඩංගුවට ගත් පිරිසක් ගැමියෝ මුදා ගැනෙති සෝමාවතිය පල්ලියගොඩැල්ල පුංගාවනපිටියේ අනවසරයෙන් ගවපට්ටි පවත්වාගෙන ගිය පිරිසක් අත්අඩංගුවට ගෙන රැගෙන එද්දී ගම්වාසීන් 50ක් පමණ පිරිසක් පැමිණ සෝමාවතිය ජාතික වනෝද්‍යාන නිලධාරීනට පහරදී මාංචු දමා සිටි එක් සැකකරුවකු මාංචු පිටින්ම රැගෙන ගිය බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මීගස්වැව පොලිසිය කියයි. 15 July 2021
දීඝවාපී ප්‍රතිසංස්කරණවලට විමල්ගේ සහය අම්පාර දිස්ත්‍රික්කයේ, දීඝවාපී චෛත්‍යයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව හරහා ලබාදීමට තීරණය වී ඇත. 15 July 2021
සැර ඩෙල්ටා ආසාදිතයන් තවත් 19ක් සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් 19 දෙනෙකු කොළඹ, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 15 July 2021
මැතිවරණ නීති හදන මැතිසබා කමිටුවට යෝජනා138ක් මැතිවරණ සහ ඡන්ද විමසීම් නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විවිධ පාර්ශවවලින් යෝජනා හා අදහස් 138 ක් මේවනවිට ලැබී ඇතැයි එම සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 15 July 2021
15 හැවිරිදි දැරිය අපයොජන සිද්ධියේ තරුණයන් දෙදෙනකුට ඇප අන්තර්ජාලය ඔස්සේ පලවූ දැන්වීමකින් බාලවයස්කාර දැරිය අපයෝජනය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තරුණයන් දෙදෙනකු එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද නියෝග කලාය. 15 July 2021
වතු කම්කරු පෙරමුණේ නායක එ.ජා.ප මහලේකම් හමුවෙයි සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන ජාතික වතු කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරන් මහතා ඊයේ (14) පස්වරුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා හමු වී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. 15 July 2021
කොරෝනා එන්නත ගන්න විහාර මහා දේවියට එන්න ජනතාවට කෝරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යුද හමුදා වෛද්‍ය බලකායේ මූලිකත්වයෙන් කොළඹ විහාර මහා විහාරමහාදේවි උද්‍යානයේදී අද (15) උදේ ආරම්භ කෙරිණ. 15 July 2021
චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් ප්රදානය කරයි චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 16ක් ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියි සිටී. 15 July 2021
ස.ජ.බට ගිය මන්ත්‍රීවරු නව දෙනෙක් එ.ජා.පයට සමගි ජන බලවේගයට සහය දැක් වූ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු නව දෙනෙක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (15) එක්සත් ජාතික පක්ෂයට එක් වූහ. 15 July 2021
නාවලපිටිය නගර සභා බලය එජාපයෙන් ගිලිහෙයි නාවලපිටිය නගර සභාවේ පාලන බලය එජාපයෙන් ගිලිහි ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද හිමි විය. 15 July 2021
රන්ජන්ට ගෙයක් දෙන්න චන්දිමාල් සැරසෙයි සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි. 15 July 2021
වත්තල-මාබෝල නගර සභා ලේකම්ගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රි අල්ලයි වත්තල-මාබෝල නගර සභාවේ දේපල වලට අලාභහානි සිදු කිරිම සහ වත්තල මාබෝල නගර සභාවේ ලේකම් ගීතානි දිල්රුක්ෂ ලොකුවැල්ල මහත්මිය ඇතුලු තවත් නිලධාරින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කළැයි කියන එම නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 July 2021
වෘත්තීය පුහුණුව ලැබූ ශ්‍රමිකයින් 200කට විදේශ රැකියා වරම් ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරන විදේශ රැකියා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ‘යූත් ටූ වර්ල්’ ව්‍යාපෘතිය යටතේ රුමේනියාවේ රැකියා සඳහා තරුණ තරුණියන් 200 කට වීසා සහ ගුවන් ප්‍රවේශ පත් අද (15) පිරිනැමීය. 15 July 2021
බටුවත්තේ දරුවෝ ඔන්ලයින් ඉල්ලා හඬා වැටෙති ගුරු ගැටළුව විසදා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කරන්නැයි ඉල්ලා රාගම බටුවත්තේ දරුවෝ පිරිසක් අද විරෝධතාවක නිරත වූහ. 15 July 2021
කොරෝනා එන්නත් ගැන අලුත් මතයක් රටේ සෑම දෙනාටම කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරස පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. 15 July 2021
කොරෝනා ආසාදිතයා රෝහලෙන් පැන යද්දී අල්ලයි හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය කොරෝනා ආසාදිතයකු රෝහලේ ආරක්ෂකයන් සහ පොලිසිය එක්ව අල්ලා ගත් බව හෝමාගම පොලිසිය පවසයි. 15 July 2021
’’මිල්ලෑව බන්ධනාගාරයේ ඉදිකිරීම් ඔක්තෝබර් මාසයේ අරඹනවා’’ හොරණ මිල්ලෑව බන්ධනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝම්බර් මාසයේදී අරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය. 15 July 2021
අංගුලිමාල පුතකු අම්පාරෙන් අල්ලයි අම්පාර උහන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි තම මවට කොස්සකින් පහරදී නිවසේ බඩු බාහිරාදිය විනාශ කළ 56 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 July 2021
‘‘මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට ලක්ෂ හයක් වීසා ඉල්ලලා‘‘ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙනත් රටවලට ඇතුල්වීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් මෙරට තානාපති හා මහ කොමසාරිස් කාර්යාල හරහා වීසා අයදුම් කර ඇතැයි හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 15 July 2021
එල්.එන්.ජී බලාගාරය ඉදිකරන්නේ මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ නොවේ යෝජිත ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරය ඉදිකරන්නේ මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ නොව කෙරවළපිටියේ වෙනත් ඉඩමක බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 15 July 2021
ක්‍රිකට් ආයතනයෙන් චන්දිමාල්ගේ ලිපියට පිළිතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුණගැසීමට ඉදිරි දින දෙක තුළ අවස්ථාවක් ලබාදෙන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය. 15 July 2021
“ගම්මන්පිලගේ විශ්වාසභංගයේ වෙනසක් විය යුතුයි’’ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සමස්ත පොදුජන පෙරමුණු රජයට එරෙහි විශ්වාසභංගයක් ලෙස පරිවර්තනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද (15) දැනුම් දුන්හ. 15 July 2021
ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට සුබ ආරංචියක් කොරෝනා එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුනට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමි වන බව සංචාරක අධිකාරිය පවසයි. 15 July 2021
තවත් මහකොමසාරිස්වරයෙක් පාර්ලිමේන්තු උසස් සභාව ඉදිරියට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කරන ලද ජගත් වැල්ලවත්ත මහතාගේ යෝග්‍යතාව පරීක්ෂාකර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 15 July 2021
කටුනායක ගුවන් තොටුපළේ විගමන පියස විවෘත කෙරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පිටත්වීමේ පර්යන්තයේ අලුතින් ඉදිකරන ලද විගමන පියස විවෘත කිරීම අද (15) උදෑසන 09.00ට තරුණ, ක්‍රීඩා, ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය. 15 July 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026