වෛද්‍ය සිසුවාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ වෛද්‍ය ශිෂ්‍යයාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය . 17 July 2021
‘ඔලිම්පික්‘ යන ශ්‍රී ලංකා නිල කණ්ඩායමට කෝටි 5 ක් ජපානයේ ටෝකියෝ නුවරදී ලබන 23 වැනිදා ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන 26 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා නිල කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් කෝටි 5 කට ආසන්න (මිලියන 46.2) මුදලක් වැයකරන බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය. 17 July 2021
පළාත් කිහිපයකට තද වැසි නැගෙනහිර,උතුරුමැද සහ ඌව පළාත්වල අද (17) සවස් කාලයේදී හෝ රාත්රියේදී මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 July 2021
පැය 24 කදී නිරෝධායන නීති කැඩූ 207 ක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 207 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 July 2021
කොරෝනා මරණ 41ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 41දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 July 2021
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති වෙනස් කිරීමට අවධානය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් යම් වගන්ති වෙනස් කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත් , ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 16 July 2021
කොරෝනා නිසා ’’වෙඩින්’’ ලක්ෂ හතක් නැවතිලා කොවිඩ් 19 වසංගතයත් සමග රට වසා දැමුණු කාලසීමාවේදී විවාහ මංගල උත්සව ලක්ෂ හතක් පමණ කල් දමන්නට සිදුව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. 16 July 2021
දෙමටගොඩ පොලිස් මුරපොළකට හොරු පනිති දෙමටගොඩ මූලස්ථාන පොලිසිය යටතේ ක්‍රියාත්මක වන මිහිඳුසෙත්පුර පොලිස් මුරපොලේ මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 16 July 2021
කොරෝනා ආසාදිතයන් 1079ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,079 දෙනෙක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 July 2021
ටෝකියෝ යන ටෙහානිට උසස් වීමක් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ නාවික හමුදා වෙඩිතැබීමේ ශූරී ටෙහානි එගොඩවෙල නායක කාන්තා සංඥා තනතුරෙන් සුළු නිලධාරී සංඥා තනතුර දක්වා උසස් කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පියවර ගෙන තිබේ. 16 July 2021
සිනොවැක් එන්නතටත් ඖෂධ අධිකාරියේ අනුමැතිය චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද (16) අනුමැතිය ලබා දුන්නේය. 16 July 2021
රටවල් කීපයකින් එන අයට පනවා තිබූ තහනම ලිහිල් කරයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්දියාව , දකුණු ඇමෙරිකානු රටවල් , දකුණු අප්‍රිකානු රටවල් සහ යුරෝපා රටවල් කීපයක් වෙත මීට පෙර පනවා තිබූ ගුවන් ගමන් සීමාවන් මදක් ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි. 16 July 2021
ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයි මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා අද සවස නිදහස් කළේය. 16 July 2021
’’මොළ හතේ ආණ්ඩුව කූඩැල්ලන් සේ ජනතාවගේ ලේ උරාබෙනවා‘‘ ’’මොළ හතේ ආණ්ඩුව’’ කූඩැල්ලන් සේ ජනතාවගේ ලේ උරා බොමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. 16 July 2021
සෞඛ්‍යට පිටුපාන අය දැනුවත් කරයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මුව ආවරණය නිවැරදිව පැළදීම සහ මීටරයක පරතරය ලබාගැනීම ඇතුළු ‘කොවිඩ්’ වයිරසයෙන් ආරක්ෂාවීමේ උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථාන අද (16) ආරම්භ කළේය. 16 July 2021
තහනම් ලන්ච්ෂීට් වික්කොත් දඩය ලක්ෂයයි පරිසරය දූෂණය වැලැක්වීමේ පියවරක් ලෙස ලබන අගෝස්තු 1 වැනිදා සිට තහනම් කර ඇති පොලිතින් ලන්ච්ෂීට් නිපදවන, බෙදාහරින සහ අළෙවි කරන පුද්ගලයන්ට පනවන දඩ මුදල රුපියල් ලක්ෂ දක්වා ඉහළ දැමීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 16 July 2021
චිත්‍රපටි සංස්ථා ලොක්කෝ කෝප් කමිටුව ඉදිරියට ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) හමුවට ලබන 19වැනිදා සඳුදා කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. 16 July 2021
සංචාරක ව්‍යාපාරය සැප්තැම්බර් වන විට සාමාන්‍ය තත්වයට සංචාරක ක්ෂේත්රයේ නියුතු සියලුදෙනාට සැප්තැම්බර් මාසය අවසාන වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාදී සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට හැකි සෑම පියවරක්ම ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි . 16 July 2021
දුම්රිය ධාවනය අදත් බාධා මැද්දේ දුම්රිය ධාවනාගාරය සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද (16) දිනයේත් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත. 16 July 2021
“ආබාධිත අයට ගෙයින්ගෙට ගොස් කොරෝනා එන්නත දෙන්න’’ රෝගාබාධවලට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි අයට නිවෙස්වලටම ගොස් කොරෝනා එන්නත වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (16) උපදෙස් දුන්නේය. 16 July 2021
කුසල්ට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි ඉන්දීය පිලට එරෙහිව ලබන ඉරිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වීම නිසා තරගාවලිය අහිමිවී තිබේ. 16 July 2021
‘‘අපි 2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවනවා‘‘ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 16 July 2021
කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය. 16 July 2021
පොලිසියේදී මියගිය දෙදරු පියාගේ පවුලට ලක්ෂ 10ක වන්දියක් 2017 වසරේදී පෑලියගොඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වූ ශ්‍යාමන් වික්‍රමරත්නගේ බිරිදය හා දරුවන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි වශයෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබ ඇත. 16 July 2021
15 වියැති දැරිය අපයොජන සිද්ධියේ මාලදිවයිනේ හිටපු ඇමතිට ඇප අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී මාලදිවයිනේ හිටපු රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අස්මාලි නමැත්තා රුපියල් 25,000 ක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය. 16 July 2021
කිලෝ 100ක කේරළ ගංජා උතුරු මුහුදෙන් අල්ලයි රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 100 කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනකු උතුරු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 16 July 2021
දුරගමන් දුම්රිය - බස් යළි නවතී පළාත් අතර බස්රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ ලබන අගෝස්තු පළමුවැනිදා දක්වා අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 16 July 2021
වේදිකා නාට්‍යකරුවන්ට සහනයක් ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට වේදිකා නාට්‍ය සඳහා ඉතා සුළු මුදලකට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 July 2021
අධිකරණයට අපහාස කළ කාන්තාවකට දඩ සහ අත්හිටවූ සිරදඬුවම් නීතීඥවරියක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කොට, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කළ කාන්තාවකට රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළේය. 16 July 2021
දුමින්ද නාගමුව ඇතුළු හයදෙනා නිදහස් උද්ඝෝෂණය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනයට යොමු කර සිටි සමාජ ක්රියාකාරිකයන් හය දෙනෙකු මීට ස්වල්ප වේලාවකට කර නිදහස් කර තිබේ. 16 July 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026