සේරුවාවිල විහාරස්ථානය පිළිබඳව ලංකාදී වෙබ් අඩවියේ 2016 මැයි මස 8 වැනි දා පළ වූ පුවතක් අද (අගෝස්තු 24 වැනි දා) පළ කළ පුවතක් ලෙස අන්තර්ජාලය හරහා කිසියම් පිරිසක් අප පාඨකයන් නොමග යවමින් ප්‍රචාරය කර ඇති බව අප පාඨකයෝ අප දැනුවත් කළහ.

සේරුවාවිවල විහාරස්ථානය සම්බන්ධයෙන් ලංකාදීප වෙබ් අඩවියේ අද හෝ මෑත කාලය කිසිදු පුවතක් ප්‍රචාරය නොකළ බව අප වගකීමෙන් යුතුව අප පාඨකයන්ට දැනුම් දෙන්නෙමු.