සංචිත ලෙස හෝ භාවිත කළ හැකි මුදල් ඒකක ලෙස හුවමාරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය සාමාජික රටවල් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 650ක මුදලක් මුදා හැර ඇත.
විශේෂ ගැනුම් හිමිකම් (එස්.ඩී.ආර්.) යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම මුදල මුදාහැර ඇති අතර දැනට තිබෙන අනුපාත යටතේ එස්.ඩී.ආර්. මිලියන 578ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 816ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇත.
මෙම පහසුකම යටතේ ලැබෙන මුදල ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීමට භාවිත නොකළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මෙම පහසුකම විවෘත කරන බව ඉකුත් දා (23) සඳහන් කළාය.
“මෙම පහසුකම කෙටිකාලයේදී ලෝකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනවා. මෙය ඥානාන්විතව භාවිත කරන්නේ නම් අපි අන් කවරදාකවත් මුහුණ නොදුන් ආකාරයෙන් මේ වනවිට මුහුණ දෙන අර්බුදයට එරෙහිව සටන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් ලබාදෙනවා” යැයි ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර මුදා හැරියත් ගොඩ ඒමක් නැහැ.
ඕක තමා ඉතින් අන්තිම නවතින එක
දන්න කෙනෙක් කියන්නකෝ මේ මුදල් දෙන්නෙ මොන කොන්දේසිය මතද කියලා අන්න ඒකයි වැදගත්
ඥානාන්විතබව.? මොනවා දොඩවනවද මන්දා...
හොරු රැල දත කට මැදගෙන බලාගෙන ඇති ඒකටත් වැඩේ දෙන්න.
මෙතෙක් රටේ ආර්ථිකය හරි ආකාරව කළමනාකරණය වෙලා නැති බවනේ පෙන්නේ.
වෙලාවට ආවේ. අගමැතිතුමා කිව්වා නේද රජයේ වාහන ගොඩක් දිරාපත් වෙලා කියලා.
ඔය සල්ලි ඔක්කොම මොල හතානෝ සහ ඔහුගේ පවුලේ සැම ගසා කනවා
SDR යනු රාජ්‍යයක මුල්‍ය ද්‍රවශීලතාවය පවත්වාගෙන යාමට දෙන උදව්වක්. මුදලක් වශයෙන් නොලැබෙන අතර මුදල් ලැබීමේ ප්‍රමාද නිසා ගෙවීම් අවලංගු වීම වලක්වා ජාත්‍යන්තර වෙළඳාම පහසු කරයි.