(යොහාන් භාසුර)

සමාජ මාධ්‍යජාලාවල පළවන ඖෂධ කිසිම අවස්ථාවක දරුවන්ට ලබානොදෙන ලෙසත් වෛද්‍යවරයකුගේ නිර්දේශය නොමැතිව දරුවන්නට ඖෂධ ලබානොදිය යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ දරුවන් වයිරසයට ගොදුවීම වැඩි වී ඇති බව කී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා දරුවකු රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නම් සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගතයුතු යැයි සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා එසේ පැවසීය.