(සුජිත් හේවාජුලිගේ)
සිය මන්ත්‍රී වැටුප කොවිඩ් වසංගතය අවසන් වනතුරු "විපක්ෂයෙන් හුස්මක් " කොවිඩ් ආධාර වැඩසටහනට පරිත්‍යාග කිරීමට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලවතුවල මහතා පැවසුවේ ජනතාව ගැන සිතා තමා ඉතා කැමැත්තෙන් මෙම තීරණය ගත් බවයි.
කොවිඩ් වසංගතය අවසන් වීමට තව වසර දෙක තුනක් ගතවිය හැකි වුවත් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වන ජනතාව සුවපත් කිරීමට මන්ත්‍රී වැටුප ඒ මුළු කාලයේදීම කැප කරන බවද සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරු අගෝස්තු මස වැටුප "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන පරිත්‍යාග කිරීමට පසුගිය සතියේදී තීරණය කළහ.
ජේ සී අලවතුවල මහතා සිය මන්ත්‍රී වැටුප කොවිඩ් වසංගතය පවතිනතුරු කැප කිරීමට තීරණය කර ඇත්තේ එම තීරණයට එහා යමිනි.
විපක්ෂයේ හුස්මක් වැඩසටහනට බැර කෙරෙන සියලු මුදල් වැය කෙරෙන්නේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල් වල අවශ්‍යතා සපුරා දීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් ඉතින් පඩියක් අරන් ඉවරයි
ස්තූතියි... අනිත් අයත් දෙයිද?
මුන්දෑගේ සත්ක්‍රියාව අප හදවතින්ම අගය කරන්නෙමු. එලෙසම මෙයද ඉතාමත්ම ඕනෑකමින් සඳහන් කරන්නෙමු." දුන් දෙය සුවදයි කෑ දෙය ගඳයි" යන ඉතාමත්ම වටිනා පැරණි කියමන මතක් කරමින්.... මම මෙහෙමයි ජනතාවට සැලකුවේ.. ඒ නිසා මට ඡන්දය දෙන්න කියලා කියනවා එහෙම නෙවෙයි. මොකද මිනිසුන් දන්නවා හදවතින්ම මහජනතාව කෙරෙහි ආදරයක් දක්වන්නේ කවුරුන්ද යනවග... මෙය දියවන්නාවේ සටකපට ගල් ආඳන්ගෙන් චරිතය හොඳින් රඟපාන රට ඇම්ඩන්ලා 225ටම අදාලයි.
දේශපාලන බෝධිසත්වයෙක් වගේ... හොඳයි... සාදු! සාදු..!!
ඔබතුමා කවදත් අවංක දේශපාලනඥයෙක්.. උතුම් වැඩක්.. ඔබතුමාට නිදුක්, නිරෝගි සුව ලැබේවා...!!!
ආත්ම දෙකක් යනකන් දෙන්න බැරිද නේද?
සාදු ..! සාදු ..!! සාදු ..!!! බොහෝමත් වටිනා තීරණයක්... සමඟි ජනබලවේගය රැගෙන තිබෙන්නේ. අප්‍රමාණ පින් රැස්වෙනවා. එ් වගේම අලවතුවලගේ මන්ත්‍රීතුමා සිදුකිරීමට සූදානම් වන්නේ ඊටත් එහා ගිය පින්වත් තීරණයක්. ඉතාමත් වටිනා ආයෝජනයක්. "භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යමෙක් රෝගීනට ඇප උපස්ථාන කරයිද ඔහු මට උපස්ථාන කළා වන්නේය" කියා... එසේනම් සුපින්වත් ඔබ මේ දායකවන්නේ ‘‘බුද්ධ උපස්ථානයක් හා සමාන මහානීය කුසල් රැස්වන උතුම් කර්තව්‍යයකට....‘‘
ඔබ කරේ ඉතාමත්ම හොඳ වැඩක්... හැබැයි ඕවාකරලා ආපහු දේවල් බලාපොරොත්තු වෙන්න එපා... පුලුවන් නම් අපිටත් කියන්න මුදල් බැර කළ යුතු ආකාරය... හැබැයි වියදම් කරපු ආකාරය මාසයට වරක් පුවත් දැන්වීමක් දමා අපිට කියන්න ඕනෑ...
මේ සත් ක්‍රියාව බෙහෙවින් අගය කරමු...
ගරු කලයුතු කාලීන ක්‍රියාවක්.!!!!!