(විනීතා එම් ගමගේ)
ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීම පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති අංශය මගින් ආරම්භ කළ බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
පරිසරයේ ආරක්ෂාව උදෙසා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු ලබන්නේ ප්‍රථම වතාවට බවත් ආණ්ඩු මාරුවෙද්දී හා ඇමතිවරුන් මාරු වෙද්දී පවා ප්‍රතිපත්ති වෙනස්කරනු ලබන්නේ ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් බවත් ලෙක්ම්වරයා කීය.
මෙම ප්‍රතිපත්තිය සැකසීමේ දී පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පරිසරය සඳහා උනන්දුවක් දක්වන පරිසර සංවිධාන, පරිසරවේදීන් මෙන්ම පරිසර මාධ්‍යවේදීන්ගෙන් ද, වෙනත් විද්වතුන්ගෙන්ද අදහස් යෝජනා ලබා ගන්නා බවත්, එමගින් රජයක් හෝ අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බවත් ජාසිංහ මහතා පැවසීය.
මෙම වසර අවසන් වීමට ප්‍රථම ජාතික පාරිසරික ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්සියලු දෙනාගේ අදහස් විමසා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමෙන් පසු ඊට කිසිවෙකු විරුද්ධ නොවන බව විශ්වාස යැයි ද සඳහන් කළේය.
ජාතික සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සම්පත් ලබා ගැනීමේ දී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පාරිසරික හානියක් සිදුවන බවට ඇති චෝදනාවට ද මෙම ප්‍රතිපත්තිය පිළිතුරක් වන බවත් පරිසර පද්ධතීන්ට හානි නොවන අයුරින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා අවශ්‍ය ස්වාභාවික සම්පත් ලබා ගැනීමේ දී දැනට තිබෙන සීමිත සම්පත් කළමණාකරණය කර ගනිමින් අනාගතයටත් අවශ්‍ය පරිදි සැළසුම් කිරීමත් මෙයින් සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පමාවී හෝ මෙය ආරම්භ කිරීම අප හදවතින්ම අගයන්නෙමු...
ශබ්දයන් මඟින් සිදුකරන පාරිසරික ශබ්ද දූෂණය ගැන අවධානය යොමුකරන්න. උදේ, සවස ලවුඩ්ස්පීකර් මඟින් ආගමික ස්ථානවලින් සිදුකරන ශබ්දයන් නිසා අවට නිවෙස්වල ජීවත්වන නිවැසියන්ට බොහෝ හිරිහැර, පීඩා සිදුවෙනවා. නියාමනයකින් තොරව ශබ්ද විකාශන බලපත් නොමැතිව ලවුඩ්ස්පීකර් භාවිතාව තහනම් වුණත්... නීතිය ආගමික ස්ථානවලින් කරන මේ හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ..
ඔය මනුස්සයාව ඔතැනිනුත් මාරු කරලා යවනවා. මොකද රාජපක්ෂ පවුල කාටවත් තමුන්ට ඉහළින් කැපී පෙනෙන්න දෙන්නේ නැති නිසා..!!!
සුද්දා අපේ රට දාලා ගිය දවසේ ඉඳලා අපේ රටේ බිහිවුනේ මේ වගේ ප්‍රතිපත්ති හොයන අය විතරයි.
මෙතුමා සෞඛ්‍ය අංශයේ ඉතා හොඳින් කරගෙන ගිය වැඩපිළිවෙල ගැන පාලකයින්ට බියක් දැනෙන්න ඇති. ඒ නිසා තම දැනුමට කිසිඳු සම්බන්ධයක් නැති පරිසරයක් දීලා මෙයාලා මෙතුමාගෙන් බලාපොරොත්තු වන්නේ මොකක්ද?
ඔස්ට්‍රේලියාව වැනි රටවලත් මුස්ලිම් පල්ලි කෝවිල් පන්සල් ඇත. නමුත් ආගමික වතාවත් කිරීමේදී මේ තරම් ඝෝෂාවක් නැහැ.
මෙයාගේ අහංකාර වැරදි තීරණ නිසා රට මාස හතරක් අනවශ්‍ය ලෙස වසා දමා රටේ ආර්ථිකය සූක්ෂම ලෙස කඩා වැට්ටුවා. ජනාධිපතිතූමාවත් මෙයා කරන දේවල් ගැන සැලකිලිමත් විය යුතුය.
ඔබතුමා කොවිඩ් මර්ධනය කොට තත්වය කොහොමද.? දැන් කොහොමද?