(යොහාන් භාසුර)
කඵතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සිය පාර්ලිමේන්තු වැටුප ඇපයට තබා පාර්ලිමේන්තු බැංකුවෙන් ණයක් ලබාගෙන තිබීම නිසා ඒ මහතාට ‘කොවිඩ්’ අරමුදලට වැටුප පරිත්‍යාග කළ නොහැකි වී තිබේ.
සෙසු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වැටුප පරිත්‍යාග කළද තමාට එය කළ නොහැකි බවත් සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැටුප පරිත්‍යාග කරමින් වටිනා ක්‍රියාවක් කරන බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයෝත් ණය අරන් ගෙවාගන්න බැරිව ඉන්නේ.... එතකොට රජයේ සේවකයින්ගෙන් බලාපොරොත්තු විය හැකිද?
බොරු කියන්නේ නැතිව අවංකවම කියලා තියෙනවා.
ඕක බොරු කතාවක්...
රාජ්‍ය සේවකයින් 95% කගේ තත්වය ඕකම තමයි...
එක මාසෙක පඩිය දෙන්න. එක මාසයක වාරිකය ගෙව්වේ නැහැ කියල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාසෙක සහන කාලයක් ඉල්ලගන්න.ආදර්ශමත් වෙන්න
පසුගිය කාලයේ සමෘධි ලාභීන්ගේ පිරිසකට රැකියා දෙන්න සැරසුණා කාටත් මතක ඇති. බේරුවල පැත්තේ ගමක දුප්පත්කමේ ප්‍රපාතයටම ඇද වැටී ඇති දෙදරු මවකට ලැබුණු රැකියාව මොහු අහිමිකොට තම හිතවත් පොහොට්ටුවේ කාන්තාවකට දුන්නා. ඉහත කාන්තාවට තිබූ නුසුදුසුකම වූයේ පොහොට්ටුවට ඡන්දය නොදී තිබීමයි. ඒ කාන්තාවගේ සැමියා රෝගියෙක්. වැඩිමහල් පිරිමි දරුවා වකුගඩු රෝගියෙක්... මේ හේතු නිසා ඇයට රැකියාව දෙන ලෙස ග්‍රාම නිලධාරීනියද නිර්දේශ කොට තිබුණා. ඒ කිසිවක් හිත්පිත් නැති දේශපාලකයා තුට්ටුවකට මායිම් කළේ නැහැ. මේ වැනි මිනිසුන් සිටිනා රටකට වසංගත නාවොත් තමයි පුදුමේ කියන්නේ...
ඇත්ත තත්වෙ ඕකයි
ඔහොම මුලින් හිටියට අවුරුදු හතරක් පහක් දියවන්නා මැජික් මාලිගාවෙ හිටියම ගාමන්ට් ෆැක්ටරි, විශාල වතු, ගෙවල්, තීරු බදු රහිත සාපු සංකීර්ණ වගේම එංගලන්තෙ ඔස්ට්‍රෙලියාවෙ දේපලත් පහළ වෙනවලු.