(ඩයනා උදයංගනී)
රට වසාදැමීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ අවස්ථාවේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් එහි නොසිටි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙම තීරණය ගනු ලැබූ පසුගිය සතියේ කැබිනට් රැස්වීමට මෙම අමාත්‍යවරුන් පැමිණ සිටියත් ඔවුන් එය අවසන්වීමට පෙර පක්ෂනායක රැස්වීමක් සඳහා පිටව ගිය බව ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
එදින කැබිනට් මණ්ඩල රැස්වීම රාත්‍රී 10.10 පමණ වන තුරු පැවති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂ නායක රැස්වීමක් එදින රාත්‍රී 8.00ට කැඳවා තිබූ නිසා පක්ෂ නායකයින් ද වන මෙම අමාත්‍යවරු රාත්‍රී 9.00ට පමණ ඉන් පිටව ගිය බවත් ඇමතිවරයා කීවේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රට වසා නොදැමීමට අමාත්‍ය මණ්ඩලය ඒකමතික තීරණයක් ගන්නා විට ඔවුන් ඉන් පිටව ගොස් සිටි අතර රාත්‍රී කාලයේ දී අදාළ තීන්දුව එම තිදෙනාට දැනුම්දීමට හැකියාවක් නොතිබූ බව ද සඳහන් කළේය.
ඔවුන් එදින පැවති පක්‍ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව රට වසා දමන්නැයයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබූ බවද ඇමතිවරයා කීවේය.
ලෝකයේ ඕනෑම සන්ධාන දේශපාලනයක් තුළ විවිධ මතගැටුම්, යෝජනා, අදහස් ක්‍රියාත්මක පවතින බව කී ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් ආණ්ඩුව අභ්‍යන්තර අර්බුදයක් ගැන කතා කිරීමට තරම් ආණ්ඩුව රෝගී වී නැති බවත් එය නිරෝගී ආණ්ඩුවක් බවත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට වැඩ කරන්න බැරිනම් තවත් පක්ෂයේ තියාගන්නේ නැතිව බෙරකාරයයි, නැට්ටුවෝ ටිකයි එළවා දමන්න...
පොහොට්ටු මාධ්‍ය ප්‍රකාශක එක සැරයක් තෙල් මිල ගැන කියල නෑවා. මේ සැරේ ලොක් ඩවුන් ගැන කියල නෑවා...
කාවවත් එළවලා නෙවෙයි, තව තවත් අවබෝධයෙන්, ශක්තිමත්ව මේ ගමන යායුතුයි. මේ ආණ්ඩුව පත්කරගත්ත ඡන්ද දායකයින් විසින්ම රැකගත යුතුයි. විරුද්ධ සුළුතරයකට නොරැවටිය යුතුයි. ශක්තිමත් ආණ්ඩු දුර්වල කරන්න බලවේග ක්‍රියාත්මක වෙන බව ජනතාව තේරුම් ගතයුතුයි. හැබැයි සාගර මැතිතුමා දැන හෝ නොදැන කරන්නේ මහජන මතය බිඳීමක්. ඒතුමා තවමත් පරිණත නැතුව ඇති. ඒ්ත් හානිය වෙන්නේ එතුමාගේ ක්‍රියාකලාපයෙන්ම තමයි. කවුරුත් නොහිතන වෙලාවට විපක්ෂයට හොඳ ඩෑෂ් පාරක් ගහන්න එතුමා බෝලය උස්සලා දෙනවා. මේවාට රැවටිලා මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කිසියම් හෝ ඡන්ද දායකයකු සිතනවා නම් එය තමන්ගේ ගෙල තමන්ම කපා ගන්නවා වගේ වැඩක්. මතකයිනේ, සමහරු රැවටිලා පාඩම් උගන්වන්න ගෙනාපු යහපාලනේ තරම... අදටත් ඒ්වයේ විපාක නැති කරන්න බැහැ. මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න උත්සාහ කරන්න එපා. ඩලස් මැතිතුමා නියම පරිණත පිළිතුරක් දීලා තියෙන්නේ.
කවුරු කවුරුත් දැන් තීරණ ගන්නේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරලා. රට බල්ලට ගියත් වැඩක් නැහැ... ඒකයි කොරෝනා ඉවර කරන්නේ නැත්තේ?
සාගර කියනවා අත ඉස්සුවා කියලා ඩලස් කියනවා හිටියේ නැහැ කියලා කවුද බොරු කියන්නේ.?
ඒකනේ කියන්නේ. ඒගොල්ලෝ හිටියේ නැහැනේ. හිටියනම් අත උස්සන්නේ නැහැනේ.
මොන තරම් පැනි බිව්වත්, මුට්ටි දැම්මත්, රටට විකාරයක් වුනත් සර් තරහ ගන්නෙ නෑ, විරුද්ධ මත ප්‍රකාශ නොකරන තාක්. මහින්ද මහත්තයගෙ පැසුනු බුද්ධිය නැත්තං මේවගෙ ප්‍රශ්නවලට උත්තර හොයන්න අමාරු වෙනවා. ඉක්මන් කොටයි කියන්නෙ ඒකයි.