(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයෙකුට තර්ජනය කර අපහාසාත්මකව බැන බැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ මෙම විශේෂ පරීක්ෂණය ආරම්භ කර ඇති බව ද චන්දන ඒකනායක මහතා සදහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සහ බොරැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිතරම් නම් වැරදි නීතියට හසු කර දී තිබුනත් දඬුවමක් නම් නෑ මොහුට .මේ මනුස්සයට විරුද්ධව අදහස් දාන්නෙත් නෑ
ඔය ඉතින් චන්දනායක මහත්තයාත් මොනවා හරි අහගන්න හදන්නේ... අපිට පේන්න තමයි ඔය පරීක්ෂණ කරනවයි කියන්නේ.
මෘත ශරීර ආධාහනය ට විරුද්ධවයි බෙරි හන් දුන්නේ .පණපිටින් පුච්චන්නයි දැන් කතාව
මගුල් පරීක්ෂණ . මෙව්වා නිකම් විකාර. මේ නරක මිනිසුන් හිතු මනාපෙට වැරදි කරනවා. ඔවුන්ට ලැබෙන දඬුවමක් නෑ.
කිසිම ලෙඩක් නැති දේශපාලකයින්ව නිකරුනේ ලෙඩ කරලා රෝහල්ගත කරනවාට, බන්ධනාගාරේ රෝහලේ දොස්තරලාට කන පැලෙන්න ගැහුවා නම් තමයි හොඳ බදුර්දීන් මහත්තයෝ. හරි නම්, විමර්ශන සිදුකල යුත්තේ, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් පිළිබඳවයි. ඒ සිදුකළ ක්‍රියාවට ඔබතුමාට ස්තුතියි...!!!