(සුජිත් හේවාජුලිගේ)
නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එකවර අඩු නොවීම ගැන කිසිවකු කලබල විය යුතු හෝ මානසික වශයෙන් ඇද වැටිය යුතු හෝ නැති බවත් රට වැසීමේ ප්‍රතිඵල පෙන්නුම් කිරීමට අඩු තරමින් තව සති දෙකක්වත් ගත වනූ ඇති බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.
රට වැසීමේ ප්‍රතිඵල අද හෙටම බලාපොරොත්තු විය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී ජනතාව අනවශ්‍ය සංචරණවලින් වැළකී නිවෙස්වලටම වී කාලය ගත කරන්නැයි තමා ඉල්ලා සිටින බව කී මහාචාර්යවරයා කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සියලු දෙනා මේ අවස්ථාවේදී එම එන්නත ලබා ගැනීමට උනන්දු විය යුතු බවද පැවසුවේය.
විශේෂයෙන් වයස 60ට වැඩි සියලු දෙනා ඉතාම කඩිනමින් එන්නත ලබා ගැනීම වැදගත් බවත් කොවිඩ්වලින් ගැලවීමට තිබෙන ප්‍රධානම විසඳුම එන්නත්කරණය බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ලංකාවේ දැනට භාවිතා කෙරෙන සියලුම එන්නත් සෞඛ්‍ය අංශ අනුමත කර ඇති ඒවා හෙයින් තෝර තෝරා නො සිට කුමන හෝ එන්නතක් ලබා ගැනීමට කටයුතු කරන්නැයි තමා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
ළඟම එන්නත හොඳම එන්නත බවද මහාචාර්යවරයා කීවේය.
වයස 60ට වැඩි පුද්ගලයන්ට එන්නත නිවසටම ගොස් ලබාදීමේ වැඩපිළිවෙළ ඉතාම හොඳ ප්‍රායෝගික එකක් බවත් එය තවදුරටත් වේගවත් කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ දිනවල වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව මීට සති දෙකකට පෙර සංචරණවල ප්‍රතිඵල බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දැන්ද එන්නත්කරණය තමයි වැදගත්ම කියලා මතක් වුණේ.. ? කළින් නම් කිව්වේ රට වහන එක විතරයි විසඳුම කියලා නේද? පඩි කපන්න කියලා පොඩි ඉඟියක් දුන්නා විතරයි... කට්ටියට දැන් එන්නත් කරන එකේ වැදගත්කම පෙනිලා...
ළමයින්ගේ (O/L) ප්‍රතිපල තව සති කියියකින් එයිද.?
මේ වෙද්දී රටේ සියයට 55 කටත් වැඩියෙන් එන්නත ලබාදීලා.. එව්වගේ ප්‍රතිඵලත් තව සති 02කින් විතර එනවා. දැන් මේ කියන ප්‍රතිඵල හරියට තෝරාබේරාගන්නත් බැරිවෙනවා අපිට...
ඔව් ඒකෙ ප්‍රතිඵලය අහිංසක ජනතාව හිටියටත් වඩා පහතට වැටෙනවා. කොරෝනා ව්‍යාපාරයට සම්බන්ධ අය ගොඩ යනවා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..