(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
කොරෝනා ව්‍යසනයෙන් පීඩිත ජනතාව මුදා ගැනීමට රෝහල් උපකරණ ලබා ගැනීම සදහා සිය වැටුප පරිත්‍යාග කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (23) තීරණය කරනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය හරහා පැවති සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳව ඒකමතිකව තීන්දු කරනු ලැබීය.
"සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල" නමින් මෙය ප්‍රකාශයට පත්කර ඇති අතර කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජනතාව මුහුණ දෙන ගැටලු සදහා පිලියම් ලබා දීමේ අරමුණින් මෙම අරමුදල ක්‍රියාත්මක වේ.
සමගි ජනබලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" සහ ජනසුවය ව්‍යාපෘතිය හරහා අවස්ථා 22කදී මේ වනවිට ලක්ෂ 640ක රෝහල් උපකරණ ලබා දී ඇත.
ඊට සමගාමිව "සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල"ක්‍රියාත්මක කෙරන අතර එයින් කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව උදෙසා සෞඛ්‍යමය සහන සලසනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේලා පාවිච්චි කරන සැප වාහන දැක්කාම අපි වගේ දුප්පත් රටකට ඔරොත්තු දෙයිද කියලා හිතෙනවා.. දෙගොල්ලන්ම එකතුවෙලා ඕවා වෙන්දේසි කරලා පොඩි වාහන ගන්න. මිනිස්සු ඔබලාට ගරුකරයි එවිට...
ලබන සතියේ දුන්නු පඩියට ආපහු ඉල්ලලා ස්ට්‍රයික් එකක් එකයි.
දේසපාලුවෝ ගහපු ගැහිලි , විඳින සැප සම්පත්වල හැටියට පඩිය මොකක්ද ?
හොද දේ කරනවිට එයට සහය දීම ඉතා හොදයි.
කෝ ජෙප්පෝ?