(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මෙම මස මන්ත්‍රී වැටුප සෞඛ්‍ය අංශ හා කොවිඩ් වසංගත තත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එසේම තම මන්ත්‍රීධුරය සඳහා ලැබෙන මාසික වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක්ම මහජනතාවට සහන සැළසීම සඳහා පරිත්‍යාග කරන බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
කොවිඩ් 19 නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සිදුවුවහොත් කැපවීම් කිරීමට සියලු ජනතාව සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද මෙම මාසය සඳහා ලැබෙන වැටුප සෞඛ්‍ය අංශ වෙත පිරිනමන බව ඇමතිවරයා පැවසීය.
ඉන්පසු ලබන මස සිට තම වැටුප හම්බන්තොට දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිරිනමන බව කී අමරවීර මහතා අවශ්‍ය වුවහොත් තමාට මන්ත්‍රීවරයෙක් වශයෙන් හිමිවන සියලු වරප්‍රසාද කැප කරන්නට සූදානම් බව ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහල තියෙන ගැහිලිවල හැටියට ඕක මොකක්ද .
පරම්පරා ගානකට කාසි පනම් හොයාගෙන තියෙන්නෙ....
පරම්පරා හත අටකට ඇති වෙන්න හරිහම්බ කරගත්තු අයට ඕකත් මහ කජ්ජක්ද?
ඔයගොල්ලන්ගේ ලොක්කා අර හොර දෙටුවගේ පැජට් පාරේ ගෙදර කුලියට දීලා ඒ සල්ලි දුප්පතුන්ට දෙන්න. එයාගේ දුව කිව්ව වගේ ඒක පොළොන්නරුවට තල්ලුකරලා දාන්න...
හැබැයි පුතෝ රජයේ සේවකයින්ගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා...
මෙතුමා කළදේ හොඳයි. ඒත් මිනිස්සු මේ ගැන ලොකුවට වර්ණනා නොකරන්නේ පාර්ලිමේන්තුවේ කෑම අඩුවට දීම වැනි බොහෝ දීමනා ගැන වර්තමානය වන විට පක්ෂ විපක්ෂ භේදයක් නැතිව ජනතාව පිළිකුල් කරන නිසයි. හැබැයි ලංකාවේ රජයේ සේවකයන් නිවසේ සිට පූර්ණ වැටුප ලබාගැනීමත් ඕන කෙනෙක්ට ප්‍රශ්න කළ හැකියි. එය ගැන තමන්ට හෘද සාක්ෂියක් තිබිය යුතුයි. තමන්ට වියදමකින් තොරව වැටුප් ඉතිරිවන බැවින් ගෘහ භාණ්ඩ මිලදී ගැනීම වැනිදේ කරමින් ඔවුන් තම පූර්ණ වැටුප භුක්ති විඳිනවිට පෞද්ගලික අංශයේ අයට වගේම කුලී වැඩ කරමින් ඉන්න ජනතාවට ඇත්තේ පිළිකුලක්. මක්නිසාද මෙය සමාජ අසමානතාවය නිර්මාණය කරන්නක්...