(යොහාන් භාසුර)
පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින වෙබ් අඩවියක සේවය කරන මාධ්‍යවේදියා සම්බන්ධයෙන් නියමිත නීතිමය ප්‍රතිපාදන යටතේ පරීක්ෂණයක් කර ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස මාධ්‍ය සංවිධානය එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
කීර්ති රත්නායක නැමැති අය ඉන්දියානු තානාපති කාර්යාලයට කිසියම් තොරතුරක් ලබාදුන්නේ යැයි අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත පොලිස් බාරයේ සිටින බවත් අධිකරණ ක්‍රියාවලියකදී කිසියම් සිද්ධියකට අදාල මූලාශ මිස තොරතුරු ලැබුණු මූලාශ හෙළිදරව් නොකිරීමට වෘත්තීය වගකීමක් සහ සම්ප්රදායක් මාධ්‍යවේදීන්ට ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මලෙනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාර, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම ලිපියට අස්සන් තබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට තව දුරටත් ප්රජාතන්ත්රවාදි රටක් ලෙස සලකන්නේ කෙසේද . මෙ වැනි අත් අඩංගුවට ගැනිම් වලින් අපට දැනෙන්නේ අප රට රජ පවුලක් විසින් පාලනය කරන රටක් ලෙස නොවේද. තොරතුරක් දුන්න පලියට මිනිසෙක් අත් අඩංගුවට ගැනීම කොතරම් සාපරාදි ක්‍රියාවක්ද. කරුනාකර මේ මිනිසා වරදක් අපරාදයක් කොට නැත්නම් නිදහස් කරන්න.
දැන් එතකොට මාධ්‍යවේදියන් කියන්නේ විදේශ තානාපති කාර්යාලවලට තොරතුරු සපයන අයද? එහෙම නැත්නම් එහෙම කරන අය ඔත්තු කාරයෝද? දැන් ඇමරිකන් මාධ්‍යවේදියෙක් චීන හෝ රුසියන් තානාපති කාර්යාලයට විස්තර දුන්නොත් එයාට ඇමරිකන් ආණ්ඩුවෙන් කොහොම සැලකීමක්ද ලැබෙන්නේ...
ඉන්දියානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇතිබව ඔහු ඉන්දියානු තානාපති කාර්යාලයට දැනුම් දුන්නා. රටේ ආරක්ෂක නිලධාරීන් අහන්නේ " ඇයි අපිට නොදැන්නුවේ ..? " කියලා. මම උත්තරේ දෙන්නම්...එදා පාස්කු ප්‍රහාරය ගැන සති කිහිපයකට කලින් රටේ ආරක්ෂක නිලධාරීන් දැනුවත් වුණා. නමුත් ඔය කියන " චණ්ඩි " ආරක්ෂක නිලධාරීන්ට එය වළක්වාගන්න හැකිවුණාද..? හැකියාව තිබිලාත් නෑසුණු විදිහට ඉන්න කිව්වේ කවුද? ඒ නිසා තමයි කීර්ති රත්නායක මේ ආරංචිය කෙලින්ම ඉන්දියානු තානාපති කාර්යාලයට දැන්වූවේ. පාස්කු මහමොලකරු මෙයින් බොහෝ කැලඹිලා වගෙයි පෙනෙන්නේ. සමහරවිට මේ වැඩෙත් මිනිහාගේම වැඩක්ද දන්නේ නැහැ. අපි බලාගෙන ඉමු... හැබැයි අනිවාර්යයෙන්ම ඉල්ලාගෙන කනවා.
මෙයාලා හිතන්නේ මාධ්‍යවේදීන් කියන්නේ ඕනෑම දෙයක් ලියන්න, ඕනෑම කෙනෙකුට හිතුමතේ පහර ගහන්න දීපු අය කියලා... ඒ අය කරන වැඩවලින් මිනිස්සු කී දෙනෙකු අපහාස විඳිමින් ඉන්නවාද? ඇමරිකාව, රුසියාව වගේ රටවල් එවැනි අයට කරපු දේ දැක්කා නේද? කවුද ඒවට විරුද්ධව කෑ ගහන්න ගියේ? එක්කෙනකුගේ ඩීඑන්ඒ අණුවක් වත් හොයාගන්න බැරිවුණා.
මේ NGO කාරයින් ටිකනේ...
මේ වගෙ අය ගම් වලත් ඉන්නවා. කාගේ හරි ඕපාදූපයක් ඇදබාලා කීයක් හරි කඩා ගන්න බලන, මෙයා හමුදාවේ හිටිය හොර කමකට අස් කරපු කෙනෙක් කියලා තිබ්බා... හොඳට ඩොලර් හම්බවෙන ජොබ් එකක් කරලා ඇති... රට විනාශ කරන්න.
මොවුන් සමාජයට තර්ජනයක් නැවත මෙවැනි සමාජ විරෝධී වැඩ නොකරන්න සලකලා යවන්න...