(ජේ.ඒ.එල් ජයසිංහ)
මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට අයත් බව කියන ප්‍රාඩෝ වර්ගයේ අධිසුඛෝපබෝගි ජිප් රථයෙන් අරක්කු බෝතල් 25 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් මැණික්හින්න පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ජීප්රියේ රියදුරු බවත් ඔහු මැණික්හින්න පොලිස් වසමේ පදිංචි අයකු බවත් පොලිසිය කළ විමර්ශනවලදි හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් අරක්කු තොගයත් ප්‍රාඩෝ වර්ගයේ ජිප් රියත් පොලිසිය බාරයේ පවතියි.
මණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ආරියවංශ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදුරුවන්ට ගිලන්පස ගෙනියන ගමන් වෙන්න ඇති. ඕව කාගෙත් අනු දැනුම ඇතුව වෙන දේවල්.
ප්‍රාඩෝ එකක් තියන් ඉන්නෙ නිවනට ඉක්මනටම යන්න වෙන්න ඇති
අනේ මෙහෙමත් පව්කාරයන්... කරුණාකර මේ තිරිසනාගේ මෙන්ම විහාරස්ථානයේද නම සදහන් කිරීම වඩාත් වැදගත් නොවේද ?
විහාරාධිපති ජිප් රිය කියලා එකක් තියෙනවා කියලා ඇහුවමයි. මාධ්‍ය පත්වුණ තත්වය ගැන දුකයි. වෛරය, ඊර්ෂ්‍යාව, කුහකකම තුළ කටයුතු කරන අය සහ පවුලේ අය ස්වභාවදහම තුළ කොරෝනා බලාගනු ඇති.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ නිවනට යන්න විහාරාධිපතිට ප්‍රාඩෝ... ඔහුට දානය දෙන පින්වතුන්ට පොදු ප්‍රවාහනයේ පින සහ පව...
විහාරාධිපතියාව සෞදි උසාවියකටවත් යවමු දඬුවම් දෙන්න.. මෙහෙදී බැහැ නේද? ඔවුන් හැඳින්විය යුත්තේ චීවරධාරීන් ලෙස පමණි. දෑන් ගරුතර මහා සංඝරත්නය මෙරට නම් නෑත. මහනායකයින් දේශපාලන රෙදි සෝදන හැටි රූප පෙට්ටියේ හැමදාම පෙන්වන්නේ...
වත්කම් බැරකම් සහ මුදල් උපයන මාර්ග ගැන සොයා බලන්න ඕන.
ථේරවාද විනය පිටකයට අනුව නම් භික්ෂුවක් සුරාපානය අර්ථගන්වා ඇත්තේ පාචිත්තිය ඇවතක් ආකාරයෙන්ය. ඒ අනුව එය බරපතල ගණයට අයත් වේ. (පාරාජික ආපත්ති තරම් ප්‍රබල ගණයේ ඇවැත් නොවේ).. නිදසුනක් විදියට විනය පිටකයේ පාචිත්තිය පාලියේ සුරාපාන වග්ගයේ ඇති මෙම දේශනාව බලනු මැනවි.. සුරාමේරය පානේ පාචිත්තියන්ති...(මජ්ජෙ මජ්ජසඤ්ඤී පීවති.. ආපත්ති පාචිත්තියස්ස. මජ්ජේ වේමතිකෝ පිවති, ආපත්ති පාචිත්තියස්ස. මජ්ජේ අාමජ්ජසඤ්ඤී පිවති, ආපත්ති පාචිත්තියස්ස) මා සමග විවාද නොකරන්න.. මම දක්වා ඇත්තේ විනය පොතේ දක්වා ඇති අදහස පමණි...