(නිමන්ති රණසිංහ)
රට තුළ තුල ඉන්ධන හිඟයක් ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් කරමින් ජනතාව නොමග යවා මහජන කැළඹීමක් ඇති කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදා හැරියේ නොම්බර 43/ 8, සිංහපාර, කොරගහපොකුණ, වත්තල පදිංචි දෙමටගේ ආනන්ද පාලිත නමැත්තාය.
රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් කරමින් නිකුත් 19 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වා මහජනතාව නොමඟ යැවූ බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයෙකු කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික්ටොන් 65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 32,000 පමණක් ඇතිබවත් එය දින 11ක තරම් කෙටි කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවත් සඳහන් කරමින් මෙම සැකකරු මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බව බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පැමිණිල්ලෙන් දක්වා ඇත
සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනයට අනුව ඛනිජ තෙල් ලෙස සංස්ථාව සතුව ඉකුත්19 වනදා වනවිට පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 71,000ක් සහ ඩීසල් මෙට්‍රික්ටොන් 99,000ක් පවතින බවට තොරතුරු අනාවරණය වූ බව ද බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තත්වය මෙවන් බැරෑරුම් අවස්ථාවකදී වත් බැහැනේ තමන්ගේ දේශපාලන මතිමතාන්තර මෙන්ම දේශපාලන වාසි අමතක කර අවංකව රට වෙනුවෙන් කළ හැකි යමක් තිබේ නම් එය කිරීමට ඉදිරිපත් වෙන්න.. අඩු වශයෙන් කට වහගෙන සිටීමත් වැදගත් නොවේද....? අඹුදරුවන්ද මේ පාපයට උරදී ඇති බවත් කිව යුතුයි... මෙවැන්නන් අපගේ මාතෘභූමියෙන්ම තුරන් වේවා...!!!
මාත් පෝලිමේ කට්ටක් කෑවා. මගේ රස්සාවේ හැටියට තෙල් නැතුව කොහොමද වැඩක් කරන්න යන්නේ...?
ආනන්ද පාලිත කියන්නේ වෘත්තීය සමිති නායකයෙකි.
ජෙප්පන් හිටියා නම් මිනිය දණහිසෙන් උස්සන්න එපා කියලා තුණ්ඩු කෑල්ලත් මේ වෙනකොට ඇවිල්ලා...
මොහු කල ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් නම් පැහැදිලිවම මෙවැනි අවස්ථාවකදී මහජනයා අනවශ්‍ය ලෙස කලබල කිරීමකි. පෙට්‍රල් පෝලිම හා ජනතාව එකරොක් වී පැය ගණනක් කාලය ගතකිරීම තුල සෙෘඛ්‍ය තර්ජනයක්ද, වටිනා කාලය කා දැමීමක්ද එනයින්ම ආර්ථික හානියක්ද සිදු වී ඇත. පුද්ගල අයිතිවාසිකම්වලට වඩා සමාජ ආරක්ෂාව වැදගත්ය. පවත්නා නීතියේ හිඩැසක් ඇති බව පෙනෙන බැවින් නීතිය සංශෝධනය කිරීම සුදුසුයැයි සිතමි.. නැතිනම් සමාජයට වැරදි පූර්වාදර්ශයක් සැපයීමෙන් මෙලෙස සිතෙන සිතෙන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමට අවස්ථාවාදීන් පෙළඹෙනු ඇත.