කොවිඩ් නිසා මැතිසභා මැතිවරණ කමිටු රැස්වීම් කල් යයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම්ද කොවිඩ් අවදානම හේතුවෙන් කල් දමා ඇත. 26 August 2021
රට වැසීමෙන් දුම්රියට කෝටි 13 කට වැඩි පාඩුවක් දින දහයක් රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් දහ තුන් කෝටි තිස් තුන් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 26 August 2021
ප්‍රමිත බණ්ඩාරට අලුත් තනතුරක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කරනු ලැබ ඇත. 26 August 2021
ආණමඩුවට එන්නත් ගන්න ආ පිරිස ගුටි බැට ඇන ගනිති ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිනි 5000 කට ආසන්න පිරිසක් පාසලේ ගෙට්ටු කඩා ගෙන ඇතුල් විමත් සමග එකම කාල ගොට්ටියක් වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 26 August 2021
ඇඳිරිය අස්සේ කොළඹ ට්‍රැෆික් කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ නගරයේ දැන් දැන් රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතුළු වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 26 August 2021
‘‘කොරෝනා සහන මල්ලටත් ආණ්ඩුව සීමා දමලා‘‘ නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 26 August 2021
ප්‍රධාන රෝහල් රැසක් කොරෝනා රෝගීන්ගෙන් පිරෙයි කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක වාට්ටු, කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි. 26 August 2021
‘‘මා දැන් සුවෙන්‘‘ ’’මා හොඳින් මා ගැන සොයා බලා මට ඉක්මන් සුවය පැතුවූ ඔබට බොහොම ස්තුතියි..’’ 26 August 2021
බිසෝපුර නව සංවර්ධන කලාපය අතරමඟ නවතී මැදිරිගිරිය බිසෝපුර නව සංවර්ධන කලාපයේ ජානපදික ගොවි ජනයාගේ ව්‍යවසායකත්වය නංවාලීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මහවැලි අත්සළු පියස,මහවැලි විසිතුරු මත්ස්‍ය අලෙවිසල සහ මහවැලි මල් හා පැල තවාන මේ වන විට වැසී ගොස් ඇතැයි ගම්වාසීහු චෝදනා කරති. 26 August 2021
අක්කා කොරෝනා සුව වී ගෙදර එද්දී මල්ලී දොර වහයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත කරන පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 26 August 2021
නිරෝධායන ඇඳිරිය කැඩූ 581ක් පොලිස් දැලේ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් සහ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 581 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 26 August 2021
ප්‍රදේශ රැසකට අද තද වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 August 2021
කර්මාන්ත ශාලා හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් වයස 18 - 30 අතර සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි කර්මාන්ත ශාලා හිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති. 25 August 2021
ව්‍යාපාරිකයෙක් කැලණියෙදී සල්ලි බෙදයි නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇත. 25 August 2021
සෙල්ෆෝන් ක්‍රීඩාව සිසුවකු බිලිගනී ජංගම දුරකථන ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසල 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු සිය නිවස තුළදී ගෙලවැළ දාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි. 25 August 2021
‘‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සමාවක් නෑ‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි. 25 August 2021
47 වසරකට සිරගෙට ගිය සිරකරු හදිසියේ මරුට කොල්ලකෑම් සම්බන්ධයෙන් වරස 47කට සිරදඬුවම් නියමිව සිටි සිරකරුවකු හදිසියේ රෝගාතුර වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. 25 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,390ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,390 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 25 August 2021
ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙක් කොරෝනාවට බිලිවෙති නීතීඥ ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙකු වූ ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත. 25 August 2021
භූමිතෙල් ලීටර් 13,000ක් මහ පාරේ භූමිතෙල් ප්‍රවාහනය කරන බෘෂර් රථයක් මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගුණරතන විද්‍යාලය අසළදී මාර්ගය හරහා පෙරලිමට ලක් වීමෙන් එහි ප්‍රවාහනය කළ භූමිතෙන් ලීටර් 13.200ක් පමණ ප්‍රමානයක් මාර්ගය දිගේ ගලා ගිය බව ප්‍රදේශාවසිහු පවසති. 25 August 2021
“එන්නත් දෙකම නැත්නම් කොළඹ ජංගම වෙළෙඳාම බෑ’’ නිරෝධායන ඇදිරිනීතිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමේ නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. 25 August 2021
ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද තීරණය ලබන සිකුරාදා නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය අනිද්දා (27) සිකුරාදා ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. 25 August 2021
මාස පහේ කළලය කොරෝනා වයිරසයෙන් විනාශ වෙයි කොරෝනා වයිරසය ආසාදිතව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කළලයට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ රෝහල් සෞඛ්‍ය අංශ කියයි. 25 August 2021
කොරෝනා රෝගියකුට සාර්ථක සැක්කමක් හෘදයා බාදයකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියකු ස්ටෙන්ත් සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සමත් විය. 25 August 2021
පොලිස් ලොක්කන් කළ ප්‍රකාශය ආගමික නායකයෝ හෙළා දකිති උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මාධ්‍ය හමුවේ දී ඉකුත් දා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව සර්ව ආගමික නායකයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. 25 August 2021
“සීනි වැඩි මිලට අළෙවි කළාට කරන්න දෙයක් නෑ’’ සීනි ලෝකවක් රුපියල් 210 කට අළෙවි කර කිලෝවකින් රුපියල් 100 ක් ලබා ලැබීම අපරාධයක් බවත් වෙළදුන් සහ තොග පිළිබඳ සියලු තොතුරු දැන සිටිය ද කළයුතු දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 25 August 2021
රිෂාඩ් සම්බන්ධයෙන් බන්ධනාගාර පරීක්ෂණ අවසන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව බන්ධනාගාරය මගින් සිදුකළ පරීක්ෂණයට අදාළ සියලු විමර්ශන අවසන් කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි. 25 August 2021
ගම්පහ රෝගීන් වැඩියි:වාට්ටුවක් හදන්න ආධාර පතයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි තවත් අධි දැඩි සත්කාර ඒකකයක් සහ ඇදන් 50 කින් යුත් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක් අලුතින් ස්ථාපිත කිරීම පිනිස පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතන බව රෝහල් පදනම පවසයි. 25 August 2021
ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ තනතුරින් ඉරාජ් ඉල්ලා අස්වෙයි ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂවරයා ලෙස පත් කෙරුණු සංගීතඥ ඉරාජ් වීරරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 25 August 2021
අතරමැදි ගබඩා 6කින් වී කිලෝ ලක්ෂ 40ක් අල්ලයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතරමැදියන්ගේ ගබඩා හයක් වටලා වී කිලෝ ලක්ෂ 40 කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු ආධිකාරිය බාරයට ගෙන මුද්‍රා තැබූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පස්වරුවේ පැවසීය. 25 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026