
(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ලංකාවේ ලියා පදිංචි නොකළ තහනම් පිළිබෝධ නාශක තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම තහනම් වල් නාශන තොගයක් පෙරියමුල්ල නිවස ගබඩා කර ඇති බවට විශේෂ කාර්ය බලකාය ලැබුණු තොරතුරකට අනුව ඊයේ (1) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත.
මෙම වල් නාශක තොගය සමග 50 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී විවිධ වර්ගයේ පළිබෝධ නාශක පැකට් 2150 ක්, පළිබෝධ නාශක බෝතල් 100 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd