(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය පිටිගල වෑයිහේන ඈපා මාවතේදී තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමෙන් මියගොස් ඇත්තේ වෑයිහේන ඈපා මාවතේ චන්ද්රාදුර නන්දනී මල්කාන්ති නැමැති 46 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.
මියගිය කාන්තාවගේ පුතුන් දෙදෙනෙකුද මෙම ගැටුමෙන් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම පිරිස කුරුඳුතලා ඊයේ (2) ඒවා අලෙවි කර පසුව මත්පැන් බී ඇති බවත් ඉන්පසුව බීමත්ව සිටි දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ගැටුම හටගෙන ඇතැයි අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
ආරවුල විසදීමට පහරකෑමට ලක්වූ තරුණයන් දෙදෙනාගේ මව ගිය විට පළමු පාර්ශවය විසින් ඇයට තියුණු ආයුධයකින් ගෙලට පහරදීමෙන් ඇය එතනම මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි පිටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් කරුණාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් මිනිස් ජීවිත කිසිම වටිනාකමක් නැහැ
ශ්‍රමිකයින් සහ සුළු වෙළඳාම් කරන බොහෝ පිරිසක් සවස් වෙනකම් වැඩකරලා, මුදල් හම්බ කරලා, දවසේ වැඩකටයුතුත් අවසාන වුණාට පස්සේ මුලින්ම කරන්නේ තැබෑරුමක් ළඟට දුවන එකයි. ඊට පස්සේ සූර්වෙලා කෑගහගෙන මරාගන්න එකයි.