(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමින් කර ඇති නිර්දේශයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සම ලබන මාර්තු මස 08 වැනිදා කැඳවිමට අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.
මෙහි ලේඛණ තවමත් තමන්ට ලැබී නොමැති බව නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ චායා නම්මුණී මහත්මිය කළ දැනුම් දීමෙන් අනතුරුව අභියාචනාධිකරය මෙම නියෝග නිකුත් කළේය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (02) යළි කැදවිණී.
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නිතීඥ ජේ. සී. වැලිඅමුණ යන මහත්වරුන් විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
UNPය නැත්තට නැතිකරලා මෙයාගේ බූදලයක් වගේ තියාගෙන ඉන්නවාට අපිට බැරිද මෙයාට විරුද්ධව නඩුවක් දාන්න...?