
(ඉන්දිකා රාමනායක)
ගෝනාපීනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු ඇති වු සිද්ධියකදී ටී 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තබා යතුරුපැදියෙන් පළා ගිය සැකකරුවන් තිදෙනකු ගාල්ල දඩල්ල හා දංගෙදර යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (2) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන්ගෙන් හෙළි වු තොරතු අනුව සිද්ධියට අදාල ටී 56 ගිනි අවිය, යතුරු පැදිය, පතරොම් 45 ක්, මැගසින් දෙකක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මාර්ග කියයි.
මෙම ගිනි අවිය සමග යතුරු පැදියෙන් ගමන් ගත් ප්‍රධාන සැකකරු දැනට ප්‍රදේශයේ පලාගොස් ඇති බවත්, මෙම සැකකරුවන් සියලු දෙනා දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
දැනට සැඟව සිටින ප්‍රධාන සැකකරු කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීම සදහා ටී 56 ගිනි අවිය බෑගයක දමාගෙන මෙලෙස ගමන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd