(යොහාන් භාසුර)
මෙම මස 4 වැනිදා සිට 12 වැනිදා දක්වා දින නවය තුළ ඉන්ධන රැගත් නෞකා හතරක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත යැයි බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා අද (2) පස්වරුවේ පැවසීය.
එම නෞකා හතර මේ මස 4, 6, 9 සහ 12 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවීමට නියමිත බවත් එම නෞකා මුදල් ගොවා නිදහස් කරගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් හෙට්ටිආරච්චි මහතා කීය.
කොළඹ වරායේ මේ වන විට නවතා ඇති ඩීසල් මොටි්‍රක්ටොන් 37,300 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය මුදල් ගෙවා නිදහස් කරගත් බව කී හෙට්ටිආරච්චි මහතා එහි ඩීසල් බෑම ඊයේ පස්වරුවේ ආරම්භ වනු ඇති බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු කිසිඳු ඉන්ධන නැවක් නොමැති බව ද චාමින්ද හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ එහෙමද? නියමයි ඔයාලගේ වැඩ... ඡන්දයක් ළංවෙනකොට හරි සර්ට තල්ලුවක් දෙන්න බැරිද?
නැව අවට නිදහස් කරගන්න ඩොලර් නැතිනම් මොකද කරන්නේ...? කරුණාකර විදෙස් ශ්‍රමිකයන්ගේ ඩොලර්වලට නියම වටිනාකම ගෙවන්න මේ ප්‍රශ්නේ එක සතියෙන් විසඳෙනවා...